ත්‍රස්ත විරෝධී පනත ව්‍යවස්ථා විරෝධියි නීතිඥ සංගමය පවසයි
රනිල් රාජපක්ෂ ආණ්ඩුව ජනතාව මර්දනය කිරීමේ අරමුනින් සකස් කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හැදෑරීම සදහා හා එහි ඇතුළත්වන මානව විරෝධී නෛතික ප්රතිපාදනයන් වාර්තා කිරීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නීති වෘත්තියේ නිරත ඡ්‍යෙෂ්ඨ සාමාජිකයන් ගෙන් පත් කළ විශේෂ කමිටුව විසින් සකස් කළ වාර්තාව ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙම වාර්තාවේ දැක්වෙන්නේ එම කෙටුම්පතෙහි ත්‍රස්තවාදී අපරාධ යන්න ගැන නිර්වචනයක් නැති බවය.ඒ පිළිබඳව එහි මාර්ගෝපදේශ සකස් කර ඇත්තේද නොපැහැදිලි ලෙස බවද එම වාර්තා දැක්වේ.ඒ හේතුවෙන් එම වගන්තිය ඉතා භයානක ආකාරයෙන් පුරවැසි අයිතීන් උල්ලංඝනය කළ හැකි ආකාරයෙන් පුළුල් ලෙස අර්ථකතනය කළ හැකි බව වැඩිදුරත් එම වාර්තාවේ සඳහන් කර තිබේ.කෙටුම්පත් පනතේ 10 වන වගන්තිය රජයකට එරෙහිව පවත්වන අනාගත විරෝධතා හෝ වැඩ වර්ජන සංවිධානය කිරීම ඒ පිළිබඳව මහජනතාව දැනුවති කිරීම එවැනි පෙලපාලියකට සහභාගිවීම ත්‍රස්තවාදී වරදක් වන බව වාර්තාව සඳහන් කර ඇත.ත්රස්වාදීී ප්රකාශනය යන වචනයට කෙටුම්පත් පනතෙහි පටු අර්ථකථනයක් ඇති බවට නීතිඥ සංගමයේ කමිටුව පෙන්වා දී ඇති අතර එම යෙදුම වැරදි ලෙස භාවිතා කර අහිංසක පුරවැසියන් රජයට එරෙහිව තම අප්‍රසාදය පෙන්වන අවස්ථාවන්හිදී හෝ ඔවුන් රජයට විරුද්ධව ලිපි යනාදිය බෙදා හරින විට ත්‍රස්තවාදියෙකු ලෙස අත් අඩංගුවට ගත හැකි බවත් සඳහන් කර ඇත.ත්‍රස්තවාදී ක්‍රියාවන්.......කෙටුම්පත් පනතෙහි වගන්ති මගින් ත්‍රස්තවාදී ක්‍රියාවන්හි විෂය පථය අනවශ්‍ය ලෙස පුළුල් ලෙස කිරීමක් නියම කර ඇති බව වාර්තාව සඳහන් කරයි.විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන පරිච්ඡේදය යටතේ ලබා දී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහතික වලට අනුකූලව 83/(2) වගන්තිය යටතේ නියම කර ඇති ත්‍රස්තවාදය පිළිබඳ නිර්නායක පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට හානිකර බව එය කියා සිටී.මූලික අයිතිවාසිකම් පිළිකුල් සහගත ලෙස උල්ලංඝනය වන........එමගින් පනත් කෙටුම්පතේ සදහන් විධිවිධාන අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ මූලධර්ම උල්ලංඝනය කරන අතර රටේ පුරවැසියන් සදහා ලබා දී ඇති නෛතික අයිතිවාසිකම් සහ හිමිකම්වලට පටහැනිව ක්‍රියා කරන අතරම එම මූලික අයිතිවාසිකම් පිළිකුල් සහගත ලෙස උල්ලංඝනය වන බව මෙම නීතිඥ සංඟමයේ එම වාර්තාව සඳහන් කර තිබේ.සංවිධානයක් තහනම් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පතේ 82 වැනි වගන්තිය යටතේ ජනපතිට ඒකපාර්ශික බලයක් ලබා දී ඇති බව පෙන්වා දෙන කමිටුව එම තීරණය වෙත පැමිණීමට කිසිදු පාර්ශවයකින් නිර්දේශ ලබාගැනීමට ජනපති බැඳී නොසිටින බවද ඉන් පෙන්වා දෙයි.ඒකාධිපති බලයක්......තවද 82(2) සහ 82(3)වගන්ති යටතේ නියම කර ඇති පුළුල් වැරදි අදාල කර ගනිමින් බලය හැසිරවිමට ජනපතිවරයාට හැකි වෙි.පනත් කෙටුම්පතේ දක්වා ඇති විධි විධාන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන පරිච්ඡේදය යටතේ ලැයිස්තුගත කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන බව මෙම කමිටුවේ අදහස වී තිබේ.නීතිඥ කමිටුවේ.........මෙම නීතිඥ කමිටුවේ සභාපති ලෙස ජනපති නීතිඥ පාලිත ප්‍රනාන්දුද අනෙකුත් සාමාජිකයන් ලෙස ජනපති නීතිඥ අර්සකුලරත්න ,නෙවිල් අබේරත්න,ශවීන්ද්‍ර ප්‍රනාන්දු යන අයවළුන්ද ,සංදීපනී විජේසූරිය,හරිනියා කුමාරගේ යන නීතිඥවරියන්ද නීතිඥ ඉමාස් ඉමිටියාස් ද කටයුතු කරන ලදී.කෙසේවෙතත් මෙම පනත් කෙටුම්පත සම්මත වුව හොත් මෙතෙක් කාලයක් මෙරට ජනපතිවරයකුට හිමි නොවුන ඒකාධිපති බලයක් ලැබෙන බව නිසැකය. රනිල් රාජපක්ෂගේ හිට්ලර් සිහිනය සැබෑ කර ගැනීම සඳහා විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා මෙම පනත සකස් කළ බව පැහැදිලිය.ඔබගේ කාරුණික සහාය නොමතිව ලංකාදවස පුවත්පත පවත්වාගෙන යාමට නොහැකිය.[wpedon id="7467" align="right"]
Comments
Post a Comment