හලාවත පොලිස් කුපාඩියා නෝන්ඩි වේ

 


ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ගැන වර්තමානයේ අසන්නට ලැබෙන ප්‍රවෘත්ති ඉතා පිළිකුල් සහගතය.

කොටින්ම කියනවානම් පොලීසිය තරම් දූෂිත රාජ්‍ය ආයතනයක් මෙරට නැති තරමේය.එහෙත් එකක් සඳහන් කළ යුතුය.ඒ පොලීසියේ රාජකාරි කරන වචනයේ පරිසමාපාථාර්තයෙන්ම හොඳ මහත්වරුද සිටින බවය.එහෙත් එවැනි විනය  ගරුක පොළිස් නිළධාරීන්ට අද පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇගයීමක් නැත.
 
පොලීසියේ ඇතැම් ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් සිය නිල රථය යොදා ගෙන හොරොයින් ප්‍රවාහනය කරන බව අපට වාර්තා  වී තිබේ.හොරොයින් ජාවරම්කරුවන් ඒ සඳහා දෙන සන්තෝෂම ලක්ෂ පනහ හැට ඉක්මවයි.පොලිස් ස්ථානාධිපතිලා වැඩි පිරිසක්  ජාවරම්කාර මුදලාලිලාය.
සිය පොලිස් බල ප්‍රදේශයේ සම්භාහන ආයතන තිබේනම් ඒවායින් මාසිකව අය කරන මුදල රුපියල් හැටදාහකි.එම හැට දාහ බෙදී යන්නේ පොලීසියේ ස්ථානාධිපතිවරයා හා අපරාධ අංශ ස්ථානාධිපති අතරය.ප්‍රදේශය බාර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහකාර පොලිස් අධිකාරිවරයාට ආහාර පාන සපයන අංශය වී ඇත්තේ පොලීසිවල රථ වාහන අංශයයි.ඒ නිළධාරීන්ගේ සාද වලට කුකුල් මස් ,මාළු සැපයීමද රථවාහන නිළධාරීන්ගේ රාජකාරි ලැයිස්තුවට අයත් වී තිබේ.ඇතැම් පොලීසි වල සුළු අපරාද නඩු විසඳන ස්ථානාධිපතිවරයා ගේ සාක්කුවේ ඉන්නේ කසිප්පු ජාවාරම්කාරයන් හා මාළු මුදලාලිලාය.සුදු කාරයන්ය.සූදු කාරයන් අතර හා පොලීසිය අතරද ඇත්තේ ගජ මිතුරු සම්බන්ධතාවකි.බූරුවා ගස්සන පුද්ගලයා පිටියේ ⁣හොඳ බරට මුදල් වැටී තිබේ නම් වැටලීම කරන ලෙසට පොලීසියට රහසේ දැනුමි දෙයි.පොලීසිය වැටලීම කර පිටියේ තිබෙන මුදල අත පත ගාගෙන යයි.ඉන් කොටසක් ලැබෙන්නේ අර බූරු මුදලාලිටය.
 
පොලීසියේ ඡ්‍යෙෂ්ඨයන්ට එරෙහිව පවතින නඩු වල සාක්ෂිකරුවන් පාතාලයන් ලවා මරා දැමීමේ රහස් වැඩ පිළිවෙලක් ගැනද අපට වාර්තා වී තිබේ.පොලීසියේ මත්දුව්‍ය නාශක අංශයේ නිළධාරීන්ට එරෙහිව පැවැති නඩුවක සාක්ෂිකරුවකු අලුත්ගමදී මරා දැමීමට පාතාලයන්ට කොන්ත්‍රාතුව දුන්නේද පොලීසියේ සහකාර පොලිස් අධිකාරිවරයෙකි.    
 
සුළු පැමිණිලි අංශයට ලැබෙන පැමිණිල්ල විත්තිය බවට පත් කර ආරවුල විසඳීම සිඳු වන්නේ එවැනි අයි ආර්සී කාරයන් පොලීසිය සමග පවතින සුහද ශීලී ගනුදෙනුව මතය.එස්අයිඑස් නිළධාරීන් හා පොලිස් කොට්ඨාශවලට සම්බන්ධ බුද්ධි නිළධාරීන් වැඩි දෙනෙකුද පාතාලයන් හා මත්පැන් සාද පවත්වමින් කා බී සතුටු වේ.වැඩේ කොස්සක් වුන හොත් ඔවුන්ගේ පිළිතුර වන්නේ බුද්ධි තොරතුරු ලබා ගැනීමට පාතාලය සමග සාද පැවැත්වූ බවය.එස්අයිඑස් නිළධාරීන් සිදු කරන අමුතුම ජාතියේ මාධ්‍ය සෙල්ලමක් තිබේ.මේ සෙල්ලමට එස්අයිඑස් නිළධාරීන් සමග සම්බන්ධවී සිටින්නේ බල ප්‍රදේශයේ මාධ්‍ය වාර්තාකරුවන්ය.විශේෂයෙන් ශ්‍රව්‍ය දෘෂ්‍ය වාර්තාකරුවන්ය.සැලසුම දියත් වන්නේ මෙහෙමය.රජයට එරෙහිව ක්‍රියාකරන දේශපාලඥයකු ලවා ප්‍රදේශයේ අඩු පාඩුවක් දක්වා විරෝධතාවක් සංවිධානය කරන්නේ මාධ්‍ය  වාර්තා කරුවන්ය.එම සංවිධානය කිරීමෙන් පසුව ඒ පිළිබඳව එස්අයිඑස් නිළධාරීන් දැනුවත් කරන්නේද මාධ්‍ය වාර්තා කරුවන්මය.
අප මේ ලියන්නේ ඇත්තද නැත්තද යන්න බැලීම එස්අයිඑස් ලොක්කෙකුට අවශ්‍ය නම් වාහිනී වල පසුගිය කාලයේ ප්‍රචාරය වුන හා තමන්ට ලැබී ඇති බුද්ධි තොරතුරු ආවේක්ෂණය කෙරුවේ නම්  ප්‍රාදේශීය වශයෙන් සිඳුකරන ලද විරෝධතා සංවිධානය කර ඇත්තේ එකම පුද්ගලයකු හෝ එකම කණ්ඩායමක් බව තහවුරු කර ගත හැකිය.පසුගිය කාලයේ ගිණිබත් වූ නැව තුළ තිබුණු රසායන ද්‍රව්‍ය නිසා කැස්බෑවුන් මිය ගිය බවට ඒ දින වල දිගින් දිගටම වාහිනී වලින් ප්‍රචාරය කෙරිණි.එහෙත් කොස්ගොඩ ප්‍රදේශයේ එසේ මිය ගිය එක කැස්බෑවකු වල නොදා දින දෙකකට වරක් කැස්බෑවුන් මිය යමින් වෙරළට ගොඩ ගසන බවට  සිය මාධ්‍ය ආයතන වලට වාර්තා කිරීමට  (ස්වර්ණවාහිනී/රූපවාහිනී /අයිටීඑන්/සියත/හිරු දෙරණ )වාර්තාකරු මැදිහත් වූයේ එස්අයිඑස් නිළධාරීන්ගේ සහෝදර උදවු උපකාර ඇතුවය.මේ වාර්තාකරුට ප්‍රවෘත්තියක් සැපයීමට නැතිනම් කවරෙකු⁣ට හෝ එරෙහිව සීනිගම දේවාලයේ ⁣පොල් ගැසිමේ සිද්ධියක් නිර්මාණය කර යැවීම සිරිතක් වී තිබේ.ඒ පොල් ගැසීමේ ව්‍යාපෘතිය⁣ට රත්ගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ  මන්ත්‍රීවරයකු නිතරම සූදානම්ව සිටී.හැම වතාවකම පොල් ගසන්නට එන්නේ ඒ මන්ත්‍රීවරයාය.මේ නිශ්පාදන කණ්ඩායමට පොලීසියේ ඔත්තුසේවා නිළධාරීන්ද අයත්ය.
 
කුල්ල කුජීත වී ඇති පොලීසිය ගැන අප මීට ඉහතදීද ලියා තිබේ.එහෙත් අප පස්සා පැත්තේ අමාරුවට මේවා ලිව්වාට පොලීසිය හදන්නට නම් පොලිස් දෙපාර්තමේන්තුව කණ පිට හරවන්නට වෙන බව අපි දනිමු.පොලිස්පති ගේ කෙරුවාව සමාන වී ඇත්තේ වෙලේ සිටවූ පඹයෙකුටය.පොලීසිය පාලනය කරන්නේ ආණ්ඩුවේ හයිකාරකම් ⁣වලට ප්‍රසිද්ධ පඩත්තල දේශපාලඥයන් ගේ සෙල්ලකාර පුතාලාය.
 
ඉස්සර POLICE යන වදන නිර්වචනය කෙරුණේ ඉතා ගෞරවණීය විදියටය.
 
POLITE /විනීත
OBEDIENT/කීකරු
LOYAL/රාජපාක්ෂික
INTELLIGENT/බුද්ධිමත්
COURAGEOUS/ධෛර්යවත් 
EFFICIENT/කාර්යශූර
 
 
එහෙත් වර්තමානයේ පොලිස් යන වදන නිර්වචනය කළ හැක්කේ මෙලෙසය.
 
PECCANT/පව්කාර
OTIOSE/වැඩකට නැති
LACKEY/දේශපාලන ගැති
IGNOBLE/අපකීර්තිමත්
CRAVEN/නීච
EDACIOUS/බඩජාරී
 
වර්තමාන පොලීසිය ගැන මේ අරුත් විවරණය හොඳ මදි බව යමෙකුට ⁣සිතෙන්නේ නම් මීට වඩා හොඳ ආකාරය අපට ලියන මෙන් ඉල්ලමු.
 
පොලීසියේ බොහෝ නිළධාරීන්ගේ වනචරකම වලත්තකම ගැන ඇහෙන්නට ලැබෙන ආරංචි ද දැනි වැඩිවෙමින් තිබේ.මේ ප්‍රවෘත්තියද එවැනිම වනචර කුපාඩි ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ගැනය.
 
පොලිස් කොට්ඨාශය හලාවත ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයයි.සිද්ධියට සම්බන්ධ නළුවා ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේය.
 
මේ හාදයා පොලීසියක හතර මායිමේ තබා නොගත යුතු තනිකර ලිංගික මානසික අසහන කාරයෙකි.මීට පෙර කාන්තා පොලිස් නිළධාරිනියන්ට එරෙහිව මේ විකෘතියා ලිංගික හිංසනයන් කළ බවට පොලිස්පතිවරයා යොමු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 26 කට ආසන්නය.එහෙත් ඒ කිසිදු පෙත්සමක් ගැන විමර්ශනයක් සිදු වී නැත. 
 
අළුත්ම ආරංචිය මේ වලත්ත පොලිස්කාරයා පොලිස් නිළධාරිනියකට දුරකථනයෙන් වීඩියෝ ඇමතුමක් ගෙන නයිය පටවන්නට ගොස් නෝන්ඩි වී තිබේ.දැන්වත් මේ  වලත්තයා ගැන පොලිස්පතිගේ ඇස් කන් ඇරේදැයි අපි බලා සිටිමු.
 
ඔබගේ සහායෝගය නොමතිව ලංකා දවස පුවත්පත පවත්වා ගෙනයා නොහැකිය
[wpedon id="7467" align="right"]
 
 

Comments

  1. ඉස්සර ගරු කටයුතු රැකියාවක් දැන් දැක්කම වමනය යනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්