නීතිපතිගේ අමුතු කඩි කුලප්පුව දේශබන්දුගේ පොලිස්පති සිහිනය පුපුරා හරියි

 

පසුගිය වසරේ මැයි මස 9 වන දින ගාලු මුවදොර රැස්ව සිටි විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස නීතිපතිවරයා විසින් බස්නාහිර පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර ඇතැයි වාර්තා වේ.මේ සම්බන්ධව නීතිපතිවරයා විසින්  පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇතැයිද දැන ගැන්මට තිබේ.මේ අනුව ගාලු මුවදොර රැස්ව සිටි විරෝධතාකරුවන්ට පහර දීම සම්බන්ධ ඉදිරි අධිකරණ ක්‍රියාවලියේදී දේශබන්දු තෙන්නකෝන් එම සිද්ධියේ සැකකරුවෙක් ලෙස නම් කිරීමට නියමිතය.

පහරදීමේ සිද්ධියේ සැකකරුවෙක්..........
මෙම ප්‍රහාරයේදී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු⁣ තෙන්නකෝන් සිය රාජකාරිය පැහැර හැරි බවටත් ඔහු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ හා පොලිස්පතිවරයාගේ උපදෙස් නොතකා කටයුතු කර තිබූ බවටත් ඒ දිනවල  මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.
අලස් ගේ පත්තරේ වියදම් දරණ දේශ බන්දු........
සී.ඩී.වික්‍රමරත්න පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව මෙරට පොලිස්පතිවරයා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු පත් කිරීමේ ⁣දේශපාලනික මෙහෙයුමක් පසුගියදා ක්‍රියාත්මක විය.එම මෙහෙයුමෙහි ප්‍රධානියා වූයේ පොලීසිය බාර අමාත්‍ය ටිරාන් අලස්ය.එහිදී විශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් සමාජ මාධ්‍ය තුළ පවා දේශබන්දු තෙන්නකෝන් ඉහලට එසවීමේ ප්‍රචාරක වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්මක විය.පොලිස්පති ධුරයට තමන් පත් කරනු ඇතැයි දේශබන්දු තෙන්නකෝන් පවා දැඩි විශ්වාසයෙන් සිටි බව තහවුරු වන්නේ හමිඩියා ආයතනයෙන් අළුත් නිල ඇඳුමකි පවා මස්සවා ගත් බවට අප හට තොරතුරු ලැබී තිබුණ නිසාය.
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විශ්‍රාම යාමෙන් පසුව පත් කරන නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ජනපති රනිල් රාජපක්ෂ සමග  පොලීසිය බාර ඇමති ටිරාන් අලස් පැවැත්වූ සාකච්ඡාවට පවා දේශබන්දු තෙන්නකෝන් සහභාගි විය.එහිදී ටිරාන් අලස් විසින් පොලිස්පති තනතුර⁣ට දේශබන්දු තෙන්නකෝන් පත් කරන ලෙසට ජනපති රනිල් රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටි නමුත් එහිදී ජනපති වරයා ඔවුන් හට ප්‍රකාශ කර ඇත්තේ දේශබන්දුට එරෙහිව පවතින අධිකරණ චෝදනා ප්‍රථමයෙන් නිරවුල් කර ගන්නා ලෙසය.මෙම සාකච්ඡාව ඉතා කෙටි කාළයකින්  නිම වූ බවද අපට දැන ගැන්මට ලැබුණි.ඒ ඉහත ප්‍රකාශය කර ජනපතිවරයා සාකච්ඡාවෙන් නැගිට ගිය නිසාය.පසුව සී.ඩී.වික්‍රමරත්න ගේ ධුර කාලය තව මාස තුනක් දක්වා දීර්ඝ කෙරිණි.
නීතිපතිවරයා චෝදනා ගොනු කිරීම සැකයි..........
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව හදිසියේම නීතිපතිවරයා චෝදනා ගොනු කිරීම පිටුපස අමුතු සිදුවීමක් ඇතැයි අප හට සැකයක් මතු වී තිබේ.ඒ සැකය අප තුළ හට ගන්නේ සමාජ මාධ්‍යවල පල වූ ඡායාරූපයක් අපට දැක ගන්නට ලැබුණු නිසාය.එම ඡායාරූපයේ දැක්වෙන්නේ පසුගිය අලුත් අවුරුදු දා හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන ගේ නිවසේ දේශබන්දු තෙන්නකෝන් සුහද සාකච්ඡාවක සිටින ආකාරයයි.
හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන........
අධිකරණ අමාත්‍ය  විජේදාස රාජපක්ෂ තුළ හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන සම්බන්ධයෙන් පවතින්නේ බද්ධ  වෛරයකි.ඒ සමගම රාජපක්ෂ පවුලද මිල්ටෙරි නන්දසේන පිළිබඳව සිටින්නේ නොසතුටෙනි.පොදු ජන පෙරමුණේ ඇතැම් ප්‍රබල ක්‍රියාකාරිකයන් විශාල පිරිසක්ද සි⁣ටින්නේ මිල්ටෙරි නන්දසේන අප්‍රිය කරන වටපිටාවකය. අළුත් අවුරුදු දිනයේ දේශබන්දු තෙන්නකෝන්  "මිල්ටෙරි නන්දසේන වන්දනාවේ"යාම ඔහුගේ පොලිස්පති සිහිනය විනාශ වී යන්නට හේතු වූවා දැයි අපට සිතන්නේ ඒ වටපිටාව තුළ සිටය.නීතිපතිගේ අමුතු කඩි කුලප්පුව ගැන අපට සැකයක් මතු වන බව කීවේද ඒ නිසාය.
නිදොස් කොට ⁣නිදහස් කිරීමේ යටි අරමුනක්ද..........?
අප තුළ එසේ සැකයක් මතු වුවද එම සැකය වෙනත් හැඩයකින්ද විග්‍රහ කළ හැකිය.ඒ දේශබන්දු තෙන්නකෝන් ගාලු මුවදොර ප්‍රහාරයේ සැකකරුවකු ලෙස නම් කිරීම හා ඒ හා සම්බන්ධව ඇරඹෙන නඩු විභාගයේදී ඔහු නිදොස් කොට ⁣නිදහස් කිරීමේ යටි අරමුනක්ද පැවතිය හැකිය.ඒ යටි අරමුණ ගැන අපට අදහසක් මතු වන්නේ පොලිස්පති ධූරයට නම් කිරීමට පෙර ඔහුට එරෙහිව තිබෙන චෝදනා නිරවුල් කර ගන්නා ලෙසට ජනපති රනිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇති හෙයිනි.මේ හදිසියේ දේශබන්දුු විත්ති කූඩුවට නංවන්නේ ජනපති රනිල් රාජපක්ෂගේ අවවාදය පදනම් කර ගනිමින් විය හැකියැයිද සිතිය හැක.
නීතිපති බලු බෙට්ටකින් නිර්මාණය කළ රූපයකි............
කෙසේ වෙතත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඉදිරියට ඇදෙන්නේ තක්කඩි ගේම් වලිනි. එසේ නැතුව මහජන ප්‍රසාදය තුළ නොවේ.මෙරට සමස්ත අධිකරණ පද්ධතිය කුණු වී ඕජස් ගලන තත්වයට පත් වී තිබේ. බොහෝ උසාවි වල දැන් නඩු අහන්නේ රාජපක්ෂවරුන්ගේ ⁣හා රනිල් රාජපක්ෂගේ ගූ බෙටි කෑලිය.නීතිපති බලු බෙට්ටකින් නිර්මාණය කළ රූපයකි.නීතිපති ගේ කෙරුවාව නහයක් කටක් තියාගෙන ඉන්නට බැරි තරමට අජූත ගඳකින් යුක්තය.
ඉතින් මේ නීතිපති බලු බෙට්ටා කරන කියන දේ ඕකේ වෙන්නේ තවත් බලු රැළකට මිස ජනතාවට නම් නොවේ.
 
දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණ චෝදනා පත්‍ර ලබා දීම ගැනද අපට සිතන්නට වන්නේ  මේ හැම කෙහුරක් ගැනම අකුරට තිතට ගානට  විග්‍රහ කරමිනි.
 

 

 
 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්