තොපිට අම්මපා ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද පෙරේතයිනේ
ඒ අම්මා රාජාංගනේය.ඇයගේ ආවේගකාරී වේදනාත්මක ප්‍රකාශනයෙන් අනාවරණය වූයේ සිය දරුවා ගිරිබාව පාසැලේ පළමු වසරට ඇතුළත් කර නොගැනීම පිළිබඳව ප්‍රශ්ණයකි.
සිය
දරු පැටියා පාසැලට ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් ඇය සාධාරණය ඉල්ලා
ප්‍රදේශයේ බලධරයන්ට කන්නලව් කරන්නට ඇත.ආයාචනා කරන්නට ඇත.බැගෑපත් වන්නට
ඇත.ඒ වේදනාව නෑසූ කන් වලට එරෙහිව ඇය සිය විරෝධතාව දකිවන්නට ජනපති කාර්යාලය
ඉදිරිපිට පැමිණි බව පැහැදිලිය.
අපට මෙහිදී මතක්
වෙන්නේ කලන්දක ජාතක කතාවය.ඒ ජාතක කතාවෙන් කියවෙන්නේ මහා සමුද්‍රයට වැටුන
ලේන් පැටියා බේරාගන්නට තම වල්ගයෙන් මුහුද හිස් කරන්නට ගිය ලේන් අම්මා
ගැනය.අම්මා කෙනෙකුගේ ආදරය එහෙමය.
රාජංගනයේ අම්මා
ජනාධිපති ලේකම් කාර්යාලයට එන්නට තීරණය කරන්නට ඇත්තේ සාධාරණය ඉල්ලා නොලැබුණ
තැන තමන්ගේ දුක මහ තැනට කියන්නට හිතාගෙන වෙන්ට ඕනෑය.ඇය තමන්ට සිදු වූ
අසාධාරණය තමන් දන්නා අකුරින් බෝඩ් එකක ලියාගෙන සිය දරුවා කර උඩට ගෙන
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිටගත්තාය.
ජනාධිපති
ලේකම් කාර්යාලයේ ටයි පටි එල්ලාගත් නිලමක්කාරයන්ට ලැජ්ජා හිතෙන්නට ඇත.ඇය
එතැනින් එලවා දමන්නට පොලීසිය උසි ගන්වා එතැනට එවන්නට කටයුතු කරන ලද්දේ
එවුන් බව අපට තහවුරු කර ගත හැක්කේ එහි කඩා වැදුන පොලිස්කාරයන් රොත්ත
නිසාය.
ඒ තරු පොලිස්කාරයා එතැනට ආ විගස ඒ අම්මා ගෙන් ඉල්ලුවේ ඔය දරුවා කරෙන් බිම තියන ලෙසය.
ඈ ඒ තරු පොලිස්කාරයාට පිළිතුරු දුන්නේ උරහිස තිබුණ තරුව පස්සා පැත්තේ ගහ ගන්නා තරමට ලැජ්ජා හිතෙන විදියටය.
"දහ මාසයක් බඩේ තියාගත්තනම් කර උඩ තියාගන්න බැරි කමක් නෑනේ මහත්තයො"....ඇය පැවසුවාය.
තරු
පොලිස් කාරයාට තමන් ජාතක කළ අම්මා ඒ වෙලාවේ මතක් නොවුනා නම් පුදුමය.ඊළඟට
එතැනට ආවේ ඒඇස්පී කාරයෙකි.ඒඇස්පීට ප්‍රශ්ණය තිබුණේ ඒ අම්මා අතේ තිබුණ බෝඩ්
එකය.ඔහු එහි ආ විගස උදුරාගන්නට හැදුවේ ඒ විරෝධතා පූරුවයි.කෝමත් දැන් මහ
පාරේ ඉස්සෙන විරෝධතා පූවරු දැක්කාම පොලීසියේ පස්ස පැත්තේ කිරි පණුවන්
නලියන්ට ගනී.
අම්මා තමන් අත තිබූ පූවරුව නුදුන්නාය.ඇය සිය දරුවාට සිදු වූ අසාධාරණය දිගින් දිගටම කීවාය.
එහෙත්
පොලීසියේ අවශ්‍යතාවය වූයේ ජනපති කාර්යලයේ ටයි පටි කාරයන්ගේ ඕනෑ එපාකම්
අනුව ඇය එතැනින් ඉවත් කිරීම පමණය.ඒ රනිල් හාමුට ලැජ්ජා හිතෙන නිසාය.
වඳ
පීදුන රනිල් හාමුට හෝ ඔහුගේ පැලැන්තියට දරුවන් ගැන හෝ දුක් විඳින පන්තිය
ගැන හැඟීමක් නැති බව ඒ ටයි පටි කාරයන් දනී.පොලීසියද ඒ බව හොඳින් දනී.ඒ
අම්මා ජනපති ලේකම් කාර්යාලය අසල දිගටම විරෝධතාව දක්වමින් සිටිය හොත් රනිල්
හාමුට මල පනින බවද බැල මෙහෙවර කරන්නන්ට වැටහීමක් තිබේ.මේ අම්මා හද්ද පිටිසර
කොළනියක ගැහැණියකි. රනිල්
හාමුට ඒ ගැහැණියගේ අදෝනාව තේරුම්
ගන්නට බැරිය.තම දරුවා පාසැලට ඇතුළත් කර ගන්නට බැරිවුන වේදනාවෙන් ආවේශ වන
පිටිසර ගැහැණියකගේ විලාපය රනිල් හාමුටත් ඔහුගේ පැලැන්තියටත් අමු ජෝක් එකක්
වන්නටද පුළුවන.
රාජකීය විද්‍යාලයට දරුවකු ඇතුළත් කර ගන්නට බැරිවුන පියකු හෝ මවක සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්නේ රැජිනගේ ගරු ගාම්භීර භාෂාවෙනි.
රනිල් හාමු හා ඒ පැලැන්තිය ප්‍රශ්ණ වටහාගන්නේ සිය ප්‍රභූ තත්වයට ගැලපෙන විදියටය.
Comments
Post a Comment