බ්‍රේක් නැති කට නිසා ඇමතිනී ඩයනා ගමගේට වැඩ වරදීද ?

 


රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ වෙත පසුගිය අප්‍රේල් 24 වන දිින අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් එම නියෝගය නිකුත් කිරීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බවට ඇය විසින් ප්‍රකාශ කිරීම තුළින් අධිකරණය විවේචනයට ලක් කිරීමෙන් මහේස්ත්‍රාත්  අධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයටද දැඩි අපහාසයක් කර ඇති බවත් එමගින් අධිකරණය බිය ගැන්වීමට හා අධිකරණය නොමඟ යැවීමට රාජ්‍ය ඇමතිණිය උත්සාහ දරා ඇතැයි නීතිඥ හෆීල් පායිස් ඊයේ (22)කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.නීතිඥ හෆීල් පායිස් එම කරුනු දැක්වීම සිඳු කරන ලද්දේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇති කාන්තාවක බැවින් ඒ පිළිබඳව නිසි විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබූ පැමිණිල්ලක් අනුව ගොනු කරන ලද නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

නීතිඥ හෆීල් පායස් අධිකරණය ඉදිරියේ දැක්වූ කරුණු පිළිබඳව අවධානය යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සිදු කරන ලද ප්‍රකාශය අනුව අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාට  ඉල්ලීමක් යොමු කරන බව විවෘත අධිකරණයේ ප්‍රකාශ කරන ලදී .රාජ්‍ය ඇමතිනිය කළ ප්‍රකාශය සත්‍ය නම් ඇයට එරෙහිව තම අධිකරණය විසින් දඬුවම් ලබා දීම ප්‍රමාණවත් නොවන බැවින් ඉහළ අධිකරණයට පැමිණිලි කිරීමට පියවර ගන්නා බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා පැවසීය.

එහිදී අධිකරණයේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අධිකරණයට පවසන ලද්දේ රාජ්‍ය ඇමතිනිය පවසන පරිදි එලෙස මෙම නඩුවට අදාල අධිකරණ නියෝගයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බවට සොයා ගැනීමට නොහැකි වූ බවය. 

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා