ජනපති බිය වද්දා "වෙන්ට පොලිස්පති" දේශබන්දු ලකුණු දාගන්නට හදයි
පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ සේවා කාලය හෙටින් අවසන් වේ.අභිනව පොලිස්පතිකමට ෂූට් එක මසා ගෙන සිටින්නේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ය.
ජනපතිවරයා විදේශ සංචාරයකට ගොසිනි.ඔහු මෙරටට පැමිණෙන විටවිශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට "වෙන්ට පොලිස්පති" ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් බස්නාහිර පළාත් උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වරයාට නිකුත් කර ඇති අසාමාන්‍ය උපදෙස් මාලාව නිසා ආරක්ෂක අංශ ප්‍රධානීන් විශාල කැළඹීමකට ලක් වී ඇතැයි වාර්තා වේ.එම නියෝග දැක්වෙන ලිපියේ සඳහන් වී ඇත්තේ මෙරටට පැමිණෙන ජනපතිවරයා රැගෙන යන ප්‍රභූ රථ පෙළපාලියට ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දරන්නන් විසින් යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කිරීමට ඉඩ ඇති බවය.තවදුරටත් සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව එහිදී "ස්නයිපර් ප්‍රහාරයක්" එල්ල විය හැකි අවදානම මහජන කැළඹීම් සහ උද්ඝෝෂණ ඇතිවිය හැකි ඉඩකඩ සම්බන්ධව අවදානමක් ඇති බවද එම ලිපියේ දැක්වේ.එබැවින් ජනපතිවරයාට හා ප්‍රභූ පිරිසට ගුවන් තොටුපොළ සහ ගුවන් තොටුපොළින් පිටත ආරක්ෂාව සැළසිය යුතු ආකාරය සම්බන්ධව දීර්ඝ විස්තරයක් සහිත උපදෙස් මාලාවක් කරුණු 8 යටතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් නිකුත් කර තිබේ.මෙම උපදෙස් මාලාව හා එහි අඩංගු වන කරුණු මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල අවධානයට ගත යුතු කරුණු බව ලංකා දවසට ප්‍රකාශයක් කළ විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානියෙක් ගේ අදහස විය.මෙරට මේ වන විට "ස්නයිපර් ගන්' පවා භාවිතා කරන ත්‍රස්තවාදී ක්රියාකාරිකයන් සිටින බවට මෙම උපදෙස් මාලාවෙන් අනාවරණය වන බවක්ද ඔහු එහිදී පැවසීය.ජනපතිවරයාට මෙතරම් අනාරක්ෂිත වටපිටාවක් නිර්මාණය වී තිබේ නම් ආරක්ෂක හමුදා කැඳවීමක් නොකර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හිතූ මතයට ක්‍රියා කිරීම ප්‍රශ්ණ සහගතය.ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බස්නාහිර උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති උපදෙස් මාලාව පිළිබඳව හා එහි අන්තර්ගත වන කරුණු පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශය හෝ ජාතික බුද්ධි සේවාවලට පවා මෙතෙක් වාර්තා නොවූ අති සංවේදී තොරතුරු බව එම අංශවලින් ලංකා දවසට දැන ගැන්මට ලැබී තිබේ.ඇතැම් විට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ මේ මැදිහත්වීම ජනපතිවරයා ගෙන් ලකුණු දමා ගැනීමක් සඳහා වන්නට පුළුවන.එය එසේවන්නේ නම් ඔහු සිය වෘත්තිමය පැවැත්ම තහවුරු කර ගැනීමට ජනපතිවරයා අනියම් ආකාරයෙන් බිය වද්දා තිබේ.ආරක්ෂක අමාත්‍යංශය හා ජාතික බුද්ධි සේවාවන් සැහැල්ලුවට ගෙන අපහාසයට ලක් කර ඇති බවද පැහැදිලිය.ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මේ පැනලා දීම ගැන අපට මතක් වෙන ජන කවියක් අපේ විදියට මෙහෙම ලියන්නට පුළුවන.යාමෙන් හොඳ යාම රජගෙදරට යාමකීමෙන් හොඳ කීම රජුගේ ගුණ කීමකෑමෙන් හොඳ කෑම රජගෙදරින් කෑම
Comments
Post a Comment