කණගාටුයි කණගාටුයි ශ්‍රී ලංකා

 


වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 

ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය කණගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසයි.මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසි වාරය ආරම්භ  කිරීමේ අවස්ථාවට එක්වෙමින්

ඔහු එම අදහස් පල කර තිබේ.

ඊයේ (19)ජිනීවා හිදී ඇරඹුන මෙම සැසි වාරය ලබන ජුලි 14 වන දින දක්වා පැවැත්වීමට අපේක්ෂිතය.අදාල යෝජනා ප්‍රතික්ෂේප කළද සිය කවුන්සිලයේ නියෝජිතයන් නිරතුරුව ශ්‍රී ලංකාවට පැමිණ සම්බන්ධතා අඛන්ඩව පවත්වාගෙන ගොස් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මානව හිමි කම් කවුන්සිලයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට  ශ්‍රී ලංකා බලධරයන් දිරිමත් කරන බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා