හමුදා සෙබළුන් පන්සල්වල ඇබිත්ත කම්කරුවන් ලෙස යෙදවීම වහා නවත්වනු


 

ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් බොහෝ පිරිසක් මේ වන විට මෙරට පන්සල් වල හා දේවාල වල ඇබිත්ත කම්කරුවන් බවට පත්වී  ඇති බව වාර්තා වේ.මෙරට බොහෝ විහාරස්ථාන වල ඉඳිකිරීම් හා නඩත්තු කටයුතු සඳහා යොදා ගෙන ඇත්තේද හමුදා  සෙබළුන්ය.හමුදා සෙබළුන් විහාරස්ථානවල ඉඳිකිරීම් සඳහා යෙදවීම අරඹන ලද්දේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ලෙස කටයුතු කරන අවදියේය.මේ කාලයේදී මැදගොඩ අභයතිස්ස හිමි බොරලැස්ගමුව නගරයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් පවා හමුදා සෙබළුන් ලවා ඉඳි කර ගන්නා ලදී.ඒ කාලයේ සිට වර්තමානය දක්වා මෙරට සමහර විහාරස්ථානවල ඉඳිකිරීම් සඳහා හමුදා සෙබළුන් යොදා ගෙන සිටින බව ලංකා දවසට අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

සාමාන්‍යයෙන් හමුදාවේ ඉඳිකිරීම් සම්බන්ධ ඉංජිනේරු කටයුතු සඳහා යොදා ගන්නේ ඉංජිනේරු රෙජිමෙන්තුව,කාර්ය සේවා ඉංජිනේරු රෙජිමෙන්තුව හා ඒ හා සම්බන්ධ සෙවෙච්ඡා රෙජිමෙන්තු වේ.එහෙත් දැනට විහාරස්ථාන වල ඉඳිකිරීම් කටයුතු සඳහා සිංහ,ගැමුණු,විජයබා වැනි පාබල රෙජිමෙන්තුවල  සෙබළුන් පවා යොදා ගෙන ඇති බව හෙළිවේ.පාබල රෙජිමේන්තු වල සෙබළුන් මෙලෙස ඉඳිකිරීම් කටයුතු වලට යොදා ගැනීම නිසා ඔවුන් හට එම රෙජිමෙන්තුවල පුහුණුවීම් වැනි ක්‍රියා කාරකම් මග හැරේ.එය මෙරට ජාතික ආරක්ෂාවට ඉතා බරපතල ලෙස බලපාන කරුණකි.

හමුදා රෙජිමෙන්තු අධිපති මේජර් ජනරාල්වරයා මිථ්‍යා දෘෂ්⁣ටික කට්ටඩි ගුරුකම් පිළිබඳව විශ්වාස කරන අයෙකු නම් ඔහු අධිපතිකම දරණ රෙජිමෙන්තු වල සෙබළුන් තමන් ගුරුකම් කරගන්නා කට්ටඩියන්ගේ දේවාල වල නඩත්තු කටයුතු සදහා යොදා ⁣ගැනීම සිදුවේ.

 

හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන ගුරුකම් කර ගත් අනුරාධපුරයේ කට්ටඬි ඥානා ගේ නිවසේ වැසිකිලිය පිරිසිදු කිරීමට පවා යොදවා තිබුණේ ගජබා රෙජිමෙන්තුවේ සෙබළුන්ය.එවකට හමුදා පති ලෙස කටයුතු කළ මේජර් ජනරාල් ශවෙින්ද්‍ර
සිල්වා වැසිකිලියේ මල පහ කරන ලද්දේද පිස්සු කට්ටඬියකුගේ ආවේශයෙන් ලබා දුන් කාල වේලාවටය.
මේ පිස්සු කට්ටඩියා පරම්පරාවෙන් මානසික ආබාධිත පවුලක තැනැත්තෙක් බව ලංකා දවස ජාතික බුද්ධි සේවාවෙන් ලබා ගත් තොරතුරු වලින් තහවුරු වී තිබුණි.මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙරට අගමැතිවරයා වන බවට ගොනාට ඇන්දුවේද මේ මානසික ආබාධිත කට්ටඬියාය.⁣එම කට්ටඬියාගේ දේවාලයක ඉඳි කිරීම් කටයුතු සදහා හමුදා සෙබළුන් යොදා ගෙන තිබූ බව අනාවරණය විය.

අපට එක වරක වාර්තා වූ ආකාරයට මේජර් ජනරාල් ශවෙින්ද්‍ර සිල්වා සඳහා ගුරුකමක් කර ගැනීමට වී ඇට කෝටියක් ගනන් කර වෙන් කර ගැනීම සඳහා ගජබා රෙජිමෙන්තු⁣ සෙබළුන් යොදා ගෙන තිබුණි.

හමුදාවේ මිථ්‍යා දෘෂ්ඨික මේජර් ජනරාල්වරුන්ගේ ආගමික උන්මාදය හා කට්ටඩි ගුරුකම් මෙරට පැවති යුද්ධයට සෘජු බලපෑමක් වූ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් වතාවක් මාධ්‍යට හෙළි කරන ලදී.ඒ දිනවල යුද මෙහෙයුමකට පෙර උතුරු නැගෙනහිර කඳවුරු වලට ඒ ආසන්න විහාරස්ථානවල හිමිවරුන් කැඳවා ආගමික කටයුතු සිදු කිරීම  එල්ටීටී ඔත්තු සේවා විසින් අවධානය යොමු කර ⁣තිබීම නිසා යුද මෙහෙයුම් වල⁣ට සෘජු අහිතකර බලපෑමක් සිදු වූ බවට මෙහිදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබේ.ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුද  මෙහෙයුම් කිරීමට පෙර කට්ටඬි ගුරුකම් කිරීමෙන් වැලකී තිබුණි.

මේ වන විට බයිබල් රොක් කඳු ගැටය මත චෛත්‍යයක් ගොඩ නැගීමටද හමුදා සෙබළුන් යොදාා ගෙන ඇති බව අනාවරණය වේ.බොහෝ විහාරස්ථාන වල ස්වාමින්වහන්සේලා ඉඳිකිරීම් සඳහා හමුදා සෙබළුන් යොදා ගන්නේ අනවසර ඉඳිකිරීම් වලට පවා ඔවුන් යොදා ගත හැකි බැවිනි.ඉඳිකිරීම අනවසර නීති විරෝධී වුවද එම කටයුතු සිදු කරන්නේ හමුදාවෙන් බැවින් සමාජය එයට එරෙහි වීම ගැන දෙවරක් සිතා බලනු ඇත.ස්වාමින්වහන්සේලා සිය නීති විරෝධී අවශ්‍යතාව ඉටු කර ගැනීමට සඳහා යොදා ගන්නේද ⁣හමුදාව සතු මෙම මිල්ටෙරි ආධිපත්‍යයයි.
 
හමුදාවේ ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් තුළ පැතිරී තිබෙන ආගමික උන්මාදය ඉතා බරපතලය.⁣එය එම නිළධාරීන්ගේ බිරින්දෑ වරුන් ගේ බලපෑම නිසා තවත් වර්ධනය වී තිබේ.බොහෝ ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් ඊළඟ උසස්වීම⁣ සඳහා අවස්ථාව සළසා ගැනීමට කට්ටඬි ගුරුකම් කරන අතර විහාරස්ථාන වල බෝධි පූජා ආදිය පවත්වමින් සිටී.බොහෝවිට එම කට්ටඬියන් හා විහාරස්ථාන සම්බන්ධීකරණය වෙන්නේ එම හමුදා ඡ්‍යෙෂ්ඨයාගේ බිරිඳ මගිනි.බොහෝ අවස්ථාවලදී කට්ටඬි ගුරුකම් කරන්නාගේ ආවතේව කිරීමටද විහාරස්ථානවල ඇබිත්ත කම්කරුවන් සඳහා හමුදා සෙබළුන්ද යෙදවීම සිද්ධවන්නේ හමුදා ඡ්‍යෙෂ්ඨයාගේ බිරිඳ ගේ බලපෑම උඩය.

සිවිල් සමාජය ඉදිරියේ තරු ඔටුණු එල්ලාගෙන මහත් අභිමානයකින් සිටින හමුදා ඡ්‍යෙඨයන් බොහෝ පිරිසක් මානසික ආබාධිත කට්ටඬියන් හා ප්‍රසිද්ධ  විහාරස්ථානවල ස්වාමින්
වහන්සේලා විසින් හසුරවන ආගමික උන්මාදයට සිර වූ මානසික රූකඩයන්ය.එය ඔහුන්  බාල වයසේදී ලබා ගත් ගත් අධ්‍යාපනය හා දෙමව්පිය ක්‍රියාකාරකම් වෙතින් අභ්‍යාස කෙරුණ මිථ්‍යාදෘෂ්ඨික බලපෑම නිසා සිඳුවූ වූවක් බව සිතා ගන්නට පුළුවන.
 
කෙසේ වෙතත් ⁣හමුදා සෙබළුන් දේවාල වල ආවතේව කරුවන් හා  විහාරස්ථානවල ඇබිත්ත කම්කරුවන් ලෙස යෙදවීම වහාම නැවැත්විය යුතු බව ආරක්ෂක බලධරයන් වෙත අපි බල කර කියා සිටිමු. 



Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්