රාජපක්ෂ බංගලාවේ ලුමිපන් පාදඩයකු රිමාන්ඩ් කෙරේ

 


  • හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනට එරෙහිව ගාලු මුවදොර අරඹන ලද විරෝධතාවයේ නියැලී සිටි විරෝධතා කරුවන්ට පසුගිය වර්ෂයේ ජුලි 9 වන දින අගමැති නිල නිවසේ සිට පැමිණි පොදු ජන පෙරමුණට සම්බන්ධ මැරයන් විසින් පහර දීමත් එම මැර ප්‍රහාරයට එරෙහිව ජනතාව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සිදුවිය.එදින ජනතාව වෙතින් පොදු ජන පෙරමුණේ මැරයන් හට සිදු කළ ප්‍රහාරයේදී එයට මැදිවූ ලුම්පන් චරිතයක් පිළිබඳව මාධ්‍ය අවකාශයේ ප්‍රචාරය වීමත් සමගම එම චරිතය මෙරට සමාජය තුළ ඉතා ජනප්‍රිය විය. කොළඹ නගරය කේන්ද්‍රීය කර ගත් ආර්ථික දරිද්‍රතාව⁣යෙන් ගැට ගැසුන පීඩිත සමාජ පන්තිය රාජපක්ෂ වරුන් විසින් සිය අවලම් ඕනෑ එපා කම් සඳහා යොදා ගැනීම පිණිස සංවිධානය කෙරුවේ එම ලුම්පන් චරිතය යොදා ගනිමිනි.මේ ලුම්පන් චරිතයට පණ දුන්නේ මහින්ද කහඳගමගේ නම් පදික පාදඩයෙකි.රාජපක්ෂවරුන් ගේ ජනප්‍රිය සමාජ මනෝ භාවයන් යොදා ගනිමින් පදික වෙළඳුන් සංවිධානය කළ  මොහුට කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරයකු වීමටද අවස්ථාව උදාවී තිබුණි.

    ජුලි 9 දා ගාලු මුවදොර ප්‍රහාරය සිඳු කිරීමට ඉදිරි පෙළ මැරයකු ලෙස පැමිණි මහින්ද කහඳගමගේට ඇඟ පත රිදෙන ආකාරයට  ප්‍රති ප්‍රහාර එල්ල විය.ඉන් අනතුරුව  අසූචි ගිය ලන්කට් එක පමණක් ඇඳ මහින්ද කහඳගමගේ "අනේ මම ඉස්පිරිතාලෙට ගෙනිහින් දාන්න අයියෝ" යැයි කියමින් බැගෑපත් වෙමින් සිය නිවසේ ගේට්ටුව අසල වැටී සිටින දර්ශනය යූ ටියුබය තුළ ඉතා ජනප්‍රිය විය.ඒ දර්ශනය "ඉල්ලන් කෑම" පිළිබඳ සමාජ ආදර්ශයක් වන තරමට ජනප්‍රිය විය. 

    එතැන් සිට මහින්ද කහඳගමගේ පිළිබඳ නොදන්නා අයෙකු රට තුළ නැතැයි සිතන තරමට මේ  ලුම්පන් පාදඩයා මෙරට ප්‍රසිද්ධ දේශපාලනික චරිතයක් බවටද පරිවර්තනය වූයේය.මොහුගෙන් වොයිස් කට් එකක් ලබා ගැනීම ප්‍රවෘත්ති වලට ඉහල වටිනාකමක් ලැබෙන බවට දෘශ්‍ය වාහිනී රිපෝටර්ලා ගේ අදහස විය.මෙවැනි ලුම්පන් පාදඩයන් වගකිව යුතු සිවිල් චරිත ලෙස සමාජයේ ඔසවා තැබෙන්නේ වගකීම් විරහිත මාධ්‍ය වලින් බවට මෙය ⁣ඉතා හොඳ නිදර්ශනයකි.එහෙත් අප නම් ඒ ගැන කියන්නේ අහක යන සිල්ලර ගෝතයන් උඩ දානවා කියාය.

    සිවිල් චරිත ලෙස ඔසවා තබන මෙම ලුම්පන් පාදඩයන්ට ඉන් නිර්මාණය වෙන සමාජ අවකාශය තුළ අනෙකා වංචා කිරීමටද  අවස්ථාව සැලසේ.ඒ දේශපාලනික මහා චරිත ඇසුරේ තමන් ඉතා සමීපතමයකු බවට ඇඟවීම තුළය.
    අද දින(20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වූ මේ සිදුවීම එය තහවුරු කෙරෙන සාක්ෂියක් වනු ඇත.

    කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කරන ලදැයි කොළඹ වංචා විමර්ශන කාර්යංශය අත්අඩංගුවට ගත් මහින්ද කහඳගමගේ ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහේස්ත්‍රත් අධිකරණය  විසින් නියෝග කරනු ලැබිණි.
    කොම්පඤ්ඤවීදිය පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙට්ට්‍රෝ  නිවාස සංකීර්ණයේ නිවසක් ලබා දෙන බවට පවසා මොහු පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 70ක් ලබා ගෙන වංචා කර තිබේ.එම පැමිනිල්ල ඉදිරිපත් කර ඇත්තේ මහනුවර පදිංචි ජයන්ත මුණවීර නම් අයෙකි.       
      


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්