චප්ප චපිරි අාර්ථික ඔස්තාර් බන්දුල ඇමති ගේ "හුරතලියගෙ" මල්ල කරේ
බන්දුල
ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේ සතොස ආයතනය තුළ සිදුවූ
වංචා සහගත සුදු ළුෑණු ගණුදෙනුවට චෝදනා ලැබ මේ වන විට අධිකරණයෙන් ඇප මත මුදා
හරින ලද චමිලා අසුරමාන්න නැමැත්තිය මේ වන විට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා
යටතේ පවතින මග නැගුම මාර්ග ඉඳි කිරීම් සහ යන්ත්‍රෝපකරණ සමාගමේ මුල්‍ය
උපදේශකවරිය ලෙස පත් කර ගෙන ඇති බව වාර්තා වේ.මෙම චමිලා අසුරමාන්න
නැමැත්තිය සතොස ආයතනයේ මිලදී ගැනීම් පිළිබඳව හිටපු නියෝජ්‍ය
සාමාන්‍යාධිකාරිණිය වේ.
සතොසට
ගෙන්වන ලද සුදු ළුෑණු තොග අඩු මිලට බාහිර පාර්ශවයකට අලෙවි කර ඉතා ඉහළ
මිලකට යලි සතොස වෙත මිලදී ගැනීමෙන් සිදුවූ කෝටි ගණනක වංචාව සම්බන්ධයෙන් මෙි
වන විට අධිකරණයේ නඩුවක් විභාග වන අතර චමිලා අසුරමාන්න එහි විත්තිකාරියක්
වේ.
රජයේ
මුල්‍ය වංචාවකට සම්බන්ධව චෝදනා ලැබ සැකකාරියක ලෙස ඇප මත මුදා හරින ලද මේ
තැනැත්තිය බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සිය අමාත්‍යංශය යටතේ පවතින ආයතනයක
උපදේශක වරියක ලෙස පත් කර ගෙන ඇත්තේ 2022 නොවැම්බර් මස 11 වනදාය.ඒ වසරක
කාලයක් සඳහා බව අනාවරණය වේ.
එම
කාලය තුළදී මේ තැනැත්තියට වැටුප ලෙස ලක්ෂයක වැටුපක්ද ,එක් ලක්ෂ විසි දහසක
ප්‍රවාහන දීමනාවක් හා දුරකථන දීමනා ඇතුළුව දෙලක්ෂ විසි එක් දහස් පන්සියයක්
මසකට ගෙවීමට ගිවිසුම් ගත වී ඇත. මීට අමතරව මසකට ඉන්ධන ලීටර 175ක්ද
ලබා දෙන බවද එම ගිවිසුමේ දැක්වේ.
එක්සත් ජනරජ පෙරමුණේ නීතිඥ රජිත කොඩිතුවක්කු විසින් අද (21)පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාකදී මේ තොරතුරු අනාවරණය කරන ලදී.
Comments
Post a Comment