පැනලා දෙන්ට ගිය "වෙන්ට පොලිස්පති දේශබන්දු" පඹ ගාලක පැටලේ

 
 



විදේශ සංචාරයකට ගොස් ඇති ජනපතිවරයා මෙරටට පැමිණෙන අවස්ථාවේ පොලීසිය විසින් ක්‍රියාත්මක කළ යුතු බවට දන්වා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  විසින් නිකුත් කරන ලද වැඩපිළිවෙල වෙබ් අඩවි වල සංසරණය වීම ගැන වහාම පරීක්ෂණයක් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.


ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලීසියට ලබා දී ඇති අභ්‍යන්තර උපදෙස් මාලාව
අනවසරයෙන් මාධ්‍ය වලට මුදා හරිමින් එය පදනමි කරගනිමින් ජනපතිවරයා ඝාතන කුමන්ත්‍රණයක් පවතින බවට සාවද්‍ය තොරතුරු අන්තර්ජාලයට මුදා හරින ලද පුද්ගලයන්  පිළිබඳව පරීක්ෂණයක් පවත්වා අත් අඩංගුවට ගන්නා ලෙස මෙහිදී අමාත්‍යවරයා නියෝග කර ඇති බවද අනාවරණය වේ.
ඇමතිවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කර ඇත්තේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ක්‍රියා කර ඇත්තේ සාමාන්‍ය රාජකාරි පරිපාටියට අනුව බවය.

එහෙත් පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ ලංකා දවසට ලැබී ඇති තොරතුරු අනුව ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිදු කර ඇත්තේ වෙන්ට පොලිස්පති තනතුර සඳහා ලකුණු දමා ගැනීමට සිඳු කළ පැනලා දීමකි.මෙහිදී ඔහු උත්සාහ දරා ඇත්තේ ජනාධිපති ඝාතන තැතක් ඇති බවට අනියම් ආකාරයෙන් ප්‍රචාරය කිරීමය.මෙය අන්තර්ජාලය හරහා ප්‍රචාරය කරවීමද දේශබන්දු ගේ මාධ්‍ය කුලී කරුවන් විසින් සිඳු කළ ක්‍රියාවක් බවද ලංකා දවසට හෙළිදරව් වී තිබේ.
එහෙත් එම ප්‍රචාරය කිරීම තුළින් ඔවුන් අපේක්ෂා කරන ලද අරමුණ ඉටු නොවූ අතර එය ආපස්සට පිපිරූ වෙඩිල්ලක් බවට පත් වූ බව පැහැදිලිය.ඒ නිසා
ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු පැටලී ඇති කරදරයෙන් මුදා ගැනීම සඳහා ටිරාන් අලස් අමාත්‍යවරයා පෙරට පැමිණ තිබෙන බව අපට පැහැදිලි වේ.

වෙන්ට  පොලිස්පති දේශබන්දු ගේ මේ පැනලා දීම ගැන අපට සිහිපත් වන්නේ  මරුවා සමග වාසේ හා අම්මා බුදුවේවා කියමන් පචිච කොටා ගැනීමට බීමතින් ගිය පොරක⁣ට සිද්ධ වූ අකරතැබ්බයයි.
එහිදී ඔහු පච්ච කොටවාගෙන තිබුණේ 
 
අම්මා සමග වාසේ හා මරුවා බුදු වේවා කියාය. 


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්