ඇමති ජීවන් තොන්ඩා පොලීසියට අභියෝග කරයි
අමාත්‍ය ජීවන් තොන්ඩමන් හා බගවන්තලව පොලීසිය අතර ආරවුලක් හට ගෙන ඇති බව වාර්තා වේ.බගවන්තලාව පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද තරුණයෙකුට පහර දී ඇතැයි පවසමින් අමාත්‍ය තොන්ඩමන් හා ඔහුගේ පාක්ෂිකයන් පිරිසක් සිද්ධියට සම්බන්ධ පොලිස් නිළධාරීන් බගවන්තලාව නගරයට කැඳවා අදාල අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔවුන් හට බැණ තර්ජනය කර තිබේ.බගවන්තලාව රාජ්‍ය බැංකු කළමණාකාරවරයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම තරුණයා අත් අඩංගුවට ගෙන ඇතැයි අනාවරණය වේ.කෙසේවෙතත් මෙහිදී ඇමතිවරයා පොලීසියට බැණ තර්ජනය කර ඇත්තේ එම තරුණයා අත් අඩංගුවට ගත් අවස්ථාවේ පහර දීමක් සිදු කර ඇතැයි ප්‍රකාශ කරමිනි.ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ පොලීසියට නීතිය අතට ගැනීමට නොහැකි බවය.මෙම තරුණයා අත් අඩංගුවට ගත් පොලිස් නිළධාරීන්ට වහාම ස්ථාන මාරු කර යවන ලෙසට ඇමතිවරයා විසින් හැටන් පොලිස් අධිකාරී එච්.එම්.එන්.දෙහිගමට උපදෙස් දී ඇත.එහෙත් පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම ගැන පරීක්ෂණයක් පැවැත්වෙන බවත් එය අවසන් වන තුරු පොලිස් නිළධාරීන් ස්ථාන මාරු කර යැවීමට නොහැකි බවය.ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා එහිදී පොලිස් අධිකාරීවරයාට පවසා ඇත්තේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිළධාරීන් බගවන්තලාව නගරයට පැමිණියහොත්ජනතාව ඔවුන් හට පහර දෙනු ඇති බවය.
Comments
Post a Comment