රනිල් රාජපක්ෂ දෙවියන් නමඳිමු

 


පින් ජනාධිපති රනිල් රාජපක්ෂ සිහිපත් කර මෙරට ජනතාව උදේ හවස පහන් පත්තු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන උන්දෑ කියා තිබේ.ඒ රට බේරගත් නායකයා ඔහු නිසා බවද වජිර අබේවර්ධන උන්දෑ වැඩිදුරටත් එහිදී පවසා ඇත.වජිර අබේවර්ධන උන්දෑ ඒ ඉල්ලීම කරන්න⁣ට පෙර එක පාදඩ බල්ලෙකුටවත් එවැන්නක් සිහිපත් නොවීම හරිම කණගාටුය.

මෙපමන කලක් මෙරට ජනතාව පහන් පූජාව කෙරුවේ බුදුන් වහන්සේටය.
ක්‍රිස්තුස් වහන්සේටය.සතරවරම් දෙවියන් ඇතුළු විෂ්ණු ,කතරගම,ශිව,දැඩිමුණ්ඩ ,විභීෂණ ,හූනියම් ආදී හැට හුටමාරක් දෙවිවරුන්ටය.පත්තිනි, භද්‍රකාලී ,ආදී දේව මෑණීවරුන්ටය.ඒ අප දන්නා කියන ප්‍රසිද්ධ නාම ධාරී දෙවියන් වහන්සේලාය.ප්‍රාදේශීය වශයෙන් පහන් පූජා තියා වන්දනා මාන කරන දෙවිවරුන්ද  බොහෝය.විමලරත්න කුමාරගම කවියා සිය අයියනායක නම් කාව්‍ය රචනාවේ සඳහන් කර ඇත්තේ එලෙස වන්දනා මාන කරන  ප්‍රදේශීය දෙවියකු ගැනය.

 

සංහිඳ ළඟ බාරයට කිරි    
ඉතිරීම
කෙම්මුර දවස්වල පහනින්
සැරසීම
වන අතු කඩා ගස් දෙබලක
දැවටීම  
මා නොකෙරුවත් නොකෙලෙමි
එය ගැරහීම

ඒ දෙවිඳුන්ට ගම් වැසියන් කෙරෙන වන්දනා මාන ගැන විමලරත්න කුමාරගම කිවිඳු එම කවියේ සඳහන් කර තිබේ.කේ.එන්.ඕ.ධර්මදාස හා එච්.එම්.එස් තුන්දෙනිය විසින් රචනා කර ඇති සිංහල දේව පුරාණයේ මෙරට ජනතාව වන්දනාමාන කරන දෙවි දේවතාවුන් 242 ක් ගැන සඳහන්ය. 

මෙම ග්‍රන්ථයේ සඳහන් කර ඇති ආකාරයට ප්‍රාදේශීය දෙවිවරුන් ලෙස දේවත්වයට පත් වී ඇත්තේ ජීවත්ව සිටියදී කිසියම් ආකාරයකින් ජන ප්‍රසාදය⁣ට ලක්වූ තැනැත්තන්ය.එය⁣ට හොඳම උදාහරණය ලෙස දැක්විය හැක්කේ මින්නේරිය දෙවියන්ය.  මින්නේරිය දෙවියන් ලෙස 
කදේවත්වයට පත් වෙන්නේ මින්නේරිය වැව සෑදූ මහසෙන් රජුය.ලංකාවට දෙල් ගෙන ආ සෙන්පතියෙකුද දේවත්වයෙන් පුදන බව සිංහල දේව පුරාණයේ දැක්වේ.ඒ බලපිටියේ වැලිතර වැලිවත්තේ මුත්තා හාමුදුරු දෙවියන්ය.

මේ ප්‍රාදේශීය දෙවිවරුන් දේවත්වයට පත් වී ඇත්තේ මිය යාමෙන් පසුවය.
ජීවත්ව සිටියදී දේවත්වයෙන් පිදූ අයකු පිළිබඳව සිංහල දේව පුරාණයේ සඳහන්ව නැත.

දැන් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා අපට නොකියා කියන්නේ රනිල් රාජපක්ෂ ජීවත්ව සිටියදීම දෙවියකු ලෙස වන්දනා මාන කරන්නට කියාය.රනිල් රාජපක්ෂ ජනපතිවරයා දේවත්වයට පත් කර සිරිකොත දේවාලයක් කිරීම අපේ වංශ කතාවේ අළුත් පරිච්ඡේදයකට මුල පිරීමකි.එය මේ ජනපතිවරයාට වැදුන පොට්ට චාන්ස් එකකි.රනිල් රාජපක්ෂ ජනපතිවරයා දේව වාක්‍ය කියන්නට සමතෙක් බවද මේ වන විට තහවුරු කර තිබේ.2048 වර්ෂයේ රට සමෘද්ධිය ලඟා කර දෙන බව උන්නාන්සේ කැට තියා ප්‍රකාශ කර ඇත්තේ ඒ නිසා බව අපි සිතා ගත යුතුය. 

හරි විදියට මෙි රටේ දේවත්වයට පත් වීමට චාන්ස් එක තිබුනේ මහින්ද මහත්තයාටය.එහෙත් මහින්ද මහත්තයා හත් පොලේ ගාගත්තේය.ඔහු අවසානයේදී චා වෙලාම ගියේය.දැන් මෙරට ජනතාව ඔහු දෙවි⁣යකු විදියට නොව පෙරේත ලැයිස්තුවටවත් දාන්නට සූදානමක් නැත.

දැන් අපි රනිල් රාජපක්ෂ දෙවියන් වහන්සේට පහන් පත්තු  කරන්නේ නිවසේ කොතැනද කිය කල්පනා කළ යුතුය.නිවසේ එළි පහළියේ රනිල් දෙවියන් වහන්සේට පහන් දැල්වීම කරන්නට බැරිය.මිදුලේ පහන් පැල තියෙන්නේ ගම්බාර දෙවියන්ටය.
එහෙමත් නැතිනම් සිද්ධ හූනියමි දෙවියන්ටය.නිවස ඇතුලේ පහන් පූජාව කරන්නේ බුදුන් වහන්සේටය.දැන් වජිර අබේවර්ධන උන්දෑ කියන නිසා රනිල් රාජපක්ෂ දෙවියන්ට පහන් නොතියා මග හරින්නටත් අපට බැරිය.
නාන කාමරයේ හෝ උන්වහන්සේ වෙනුවෙන් පහනක් පත්තු කළ යුතුමය.
දැන් ප්‍රශ්ණය තියෙන්නේ පහන පූජා කිරීමට ගාථාවකි.හුදී ජන පහන් සංවේගය පිණිස අපි ඒ ගාථාව ප්‍රකාශයට පත් කරමු.රනිල් රාජපක්ෂ දෙවිදුන්ගේ ඡායාරූපයක් නාන කාම⁣රයේ බිත්තියේ එල්ලා ඩීසල් භූමිතෙල් මිශ්‍ර මැටි පහනක් දල්වා මේ ගාථාව තුන් වරක් කියා උන්වහන්සේට පින් දෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලමු.

මොංඟල් කයිවාරු නායකෝ
නිර්වස්ත්‍රම් ප්‍රදර්ශනම්
තුක් නොදකින් නපුංසකෝ
කෙලවිලා පල නමාමී

ස්වස්ති සිද්ධම්  

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්