කොළය හංඟාගෙන බූරුවා ගහන අභියාචනාධිකරණ විනිසුරු ඩබල දේශබන්දු "වෙන්ට පොලිස්පති" කරයිද ?
අරගලය
අවස්ථාවේ ජනපති මැදුරේ තිබී හමුවූ එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක්
සම්බන්ධයෙන් තමන්ට එරෙහිව සිදු කර ඇති පුද්ගලික පැමිණිල්ලකට අනුව
මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව බල රහිත කරන ලෙස ඉල්ලා ඡ්‍යෙෂ්ඨ
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර
ඇති රිට් පෙත්සමේ තීන්දුව ලබා දීම ලබන සඳුදා (26) දක්වා කල් දමන ලදී.
ඉකුත්
වසරේ මැයි 9 වනදා ගාලු මුවදොර සිදුවී ඇති ප්‍රහාරයේදී රාජකාරිය පැහැර
හැරීමට එරෙහිව තමන්ට එරෙහිව කටයුතු කරන ලෙසට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට එවා ඇති ලිපිය බල රහිත කරන ලෙස ඉල්ලා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති
පෙත්සමක තීන්දුව ලබා දීමද ලබන සඳුදා දක්වා කල් තැබිණි.
ඊයේ දින (23) මෙම රිට් පෙත්සම් විභාගයට ගන්නා ලද්දේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මරික්කාර් හා කරුණාරත්න විසිනි.
පොලිස්පති
සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව අවසන් වන්නේද සඳුදාටය.මේ වන විට ඊළඟ
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සමාජ කතිකාවතක් මතු වී තිබේ.පොලිස්පති තනතුර
සඳහා ඊළඟට සිටින ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් තිදෙනා වන්නේ ඡෙ.නි.පොලිස්පති
නිලන්ත ජයවර්ධන,ඡෙ.නි.පොලිස්පති පතිනායක හා ඡේ.නි.පොලිස්පති දේශබන්දු
තෙන්නකෝන්ය.මෙම ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන් තිදෙනාටම පාස්කු බෝම්බ
ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා පවතී.ඊට අමතරව ඡ්‍යෙෂ්ඨ
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට අරගලය අවස්ථාවේ ගාලු මුවදොර
ප්‍රහාරයේදී රාජකාරිය පැහැර හැරීම පිළිබඳ චෝදනාවක් හා ජනපති මන්දිරයේ
තිබී හමුවූ මුදල් තොගයක් සම්බන්ධයෙන් විෂමාචාර මැදිහත්වීමක් පිළිබඳව
අධිකරණයේ නඩුවක්ද ගොනු වී තිබේ.
නීතිය
හා සාමය පිළිබඳ ඇමති ටිරාන් අලස් හා ඇමති ප්‍රසන්න රණතුංග විසින්
ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභිනව පොලිස්පතිවරයා ලෙස
පත් කරන ලෙසට ජනපති රනිල් රාජපක්ෂට බලපෑම් කරමින් සිටින බව පසුගිය
දිනවලදී වාර්තා විය.
ඡ්‍යෙෂ්ඨ
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නීති විරෝධී ආකාරයට නැඟෙනහිරට ස්ථාන මාරු
කර යැවීම සම්බන්ධයෙන් අමාත්‍ය ටිරාන් අලස් ගෙන් මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රශ්ණ
කළ අවස්ථාවක ඔහු ප්‍රකාශ කර තිබුණේ රාජකාරිමය ගැටළුවක් හේතුවෙන් එම හදිසි
ස්ථාන මාරුව ලබා දුන් බවය.එහිදී වැඩිදුරටත් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
දේශබන්දුට එරෙහිව බරපතල චෝදනා හා නඩුවක් පවතිද්දී ඔහු බස්නාහිර බාර
ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිටින්නේ කෙසේදැයි මාධ්‍ය ප්‍රශ්ණ කළ
විට ඇමතිවරයා පවසා තිබුණේ ඒවා හුදු තහවුරු නොවූ චෝදනා පමණක්ම බවය.
දැන්
දැනුම් තේරුම් ඇත්තෙකුට සියල්ල තේරුම් ගත හැකිය.ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉන්නේ නීතිය හා සාමය බාර ඇමතිගේ හෙවනැල්ල
විදියටය.බස්නාහිර හා දකුණු පලාතේ සිදු වෙමින් පවතින පාතාල ක්‍රියාකාරකම්වල
සීඝ්‍ර වර්ධනය සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා පැවසුවේ පොලිස්
ස්ථානාධිපතිවරුන්ගේ හා ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ගේ දුර්වලතාව එයට
හේතුවක් බවය.
දේශබන්දු
තෙන්නකෝන්ගේ යටි බිම් ගත දූෂිත අවලම් කෙරුවාව ගැන නොදන්නා පොලිස්
කාරයෙක් පොලිස් දෙපාර්තමේන්තුවෙි නැත.දැන් අපට ප්‍රශ්ණය වන්නේ ජාතික
බුද්ධි සේවාවේ රහස් වාර්තා ඇමතිවරයා නොදන්නා එක ගැනය.එක්කෝ ඒවා ගැන හොඳින්
දැනුවත්ව ඇමතිවරයා බබා පාට් එක දාන්නේ මොනවා හෝ ගූ බෙට්ටක් හිත ඇතුලේ තබා
ගෙනය. පාස්කු බෝම්බ ප්‍රවාහනය කළ ලොරිය බණඩාරගම අධිවේගී පිවිසුමේදී
පරීක්ෂා කිරීමට ගිය විට ඒ පොලිස් සැරයන් වරයාට දුරකතන පනිවිඩයක් දී එය මුදා
හරින්නට බලපෑම් කළ දේශබන්දු තෙන්නකෝන් ගැන පාස්කු ජනපති කොමිෂමට පවා
වාර්තා වී තිබුණි.දේශබන්දු තෙන්නකෝන් පාතාලය සමග පවත්වන සම්බන්ධතා ගැනද
ජාතික බුද්ධි සේවා වාර්තා වල අනන්තවත් සඳහන්ව තිබේ.
එහෙව්
දේශබන්දු මෙරට පොලිස්පතිවරයා ලෙස පත් කර ගැනීමට ඇමති ටිරාන් අඩව්
අල්ලන්නේ දේශපාලන කුමන්ත්‍රණයකට බව අපට පැහැදිලිය.ඒ කුමන්ත්රණයේ හැඩය
තවමත් පැහැදිලි කරගන්නට අපහසුය.ටිරාන් අලස් කියන්නේත් ලේසි පහසු පුතයෙක්
නොවේ.ඔහු ගේ මල්ලේ තියෙන්නේද කුණු ජරාවය.දැන් බෝධිසත්වයකු වෙන්නට දඟලන
ටිරාන් අලස් එල්ටීටියට රාජපක්ෂ කප්පම් මුදල් රැගෙන ගිය හැටිත් එකම ඉඩමේ
ඔප්පුව දෙවරක් බැංකුවට තබා ණය මුදල් ගත් හැටිත් අපේ මතකයේ තිබේ.ටිරාන්
අලස්ගේ පත්තර ව්‍යාපාරය සිද්ධ වෙන්නේ පාඩුවටය.පාඩුවට බිස්නස් කිරීම තුළ
සැඟවුනු බොහෝ කාරණා තිබෙන්නට පුළුවන.
විකිනෙන්නැති
පත්තර පඩංගුවක් අච්චු ගසා බෙදා හරින ටිරාන් අලස් ලංකාව පුරා යන ඒ පත්තර
ලොරි අස්සේ කුඩු ප්‍රවාහනය කරනවාදැයි අපට සැකයක් පවතී.එසේ නැති නම් එවැනි
හැඩයේ ව්‍යාපාරයක් අරඹන්නට හිතේ තියාගෙන ඉන්නවාදැයි දන්නේ නැත.එවැනි
ජාවාරමක් ඉහෙන් බහින ලෙඩක් නැතුව කර ගෙන යන්නට පුළුවන් වන්නේ දේශබන්දුු
තෙන්නකෝන් වැනි ජාවාරම්කාරයෙකු පොලිස්පති කිරීමෙන් පමණකි.ඒ සඳහා ටිරාන්
අලස් කොන්දේසි විරහිතව පෙනී සිටින බව අපට හැඟී යයි.
දේශබන්දු
තෙන්නකෝන් පොලිස්පති කිරීම සදහා දඟලන අනෙකා ඇමති ප්‍රසන්න
රණතුංගය.ප්‍රසන්න රණතුංග ගේ පැටිකිරිය ගැන අමුතුවෙන් අටුවා ටිකා ලියන්නට
ඕනෑ නැත.පොලිස්පති වරයා ලෙස දේශබන්දුු තෙන්නකෝන් පත් කර ගත් විට තමන් උසී
උසී කියන විට හපන්න තරමේ හීලෑ වී රාජකාරිය කරනු ඇතැයි ප්‍රසන්න රණතුංග හිතා
ගෙන ඉන්නවා වෙන්නට පුළුවන.
ප්‍රසන්න
රණතුංග ඉන්නේ වර්තමාන තරුණ පරපුර සමඟ ඇරියස් එකකය. විරෝධතා වලට පාරට බහින
තරුණ කොල්ලෝ කෙල්ලන්ගේ අතපය කඩන එහෙමත් නැතිනම් මාංචු දමා පෝලිමට වැලිකඩ
දක්කන්නට පොලිස් කාරයන්ට ඕඩර්ස් දෙන පොලිස්පතිවරයකු පත් කර ගැනීමට
ප්‍රසන්න රණතුංග හීන දකිනවා විය හැකිය.මේ තක්කඩියන් කොහොම දැඟළුවත් බෝලය
ඇත්තේ ජනපතිවරයා අතේය.දේශබන්දු තෙන්නකෝන් වැනි නයෙකු පොලිස්පති පුටුවේ තබා
යම් දවසක තමන්ටද කෙලවා ගන්නවාද යන්න ගැන ජනපතිවරයා කල්පනා කළ යුතුය.
අභියාචනාධිකරණයේ
විනිසුරු ඩබල දේශබන්දු විසින් පවරා ඇති රිට් පෙත්සම්වල නඩු තීන්දු ලබා දීම
සඳුදාට ප්‍රමාද කරන ලද්දේ ජනපතිවරයා විදේශ සංචාරය නිරත වී මෙරටට පැමිණෙන
තුරු බව අපට සිතා ගත හැකිය.ඒ "කෝමද සර් අපි මේ තීන්දුව දෙන්නට ඕනෑ" යයි
අසන්නටය.මේ විනිසුරු ඩබල රයිගමයයි ගම්පොළයයි වාගේය.තීන්දු දෙන්නේ
ජනපතිවරයාගේ කැමැත්තට මිස නීති පොතේ විධානයන්ට අනුව නොවන බව පසුගිය දිනවල
දුන් බොහෝ තීන්දු වලින් තහවුරු කර ගත හැකිය.දේශබන්දු තෙන්නකෝන්ගේ රිට් නඩු
සම්බන්ධයෙන් ලබා දීමට ඇති තීන්දුව ඔහු මෙරට අනාගත පොලිස්පති කරනවාද නැද්ද
යන්න ගැන ඉඟියක් වනු ඇති බවට අපට විශ්වාසය.
අභියාචනාධිකරණයේ විනිසුරු ඩබල කොළය හංඟා ගෙන බූරු පිටියේ වාඩි වී සිටින්නේ ජනපති හාමු ගේ සංඥාව ලැබෙන තුරු බවටද කිසිම සැකයක් නැත.
Comments
Post a Comment