රූපං ජීරතී මච්චානං - නාම ගොත්ථං නජීරතී
ශෝකාප්රාප්ත පින්වතුනි;අවමංඟල සභාවෙන් අවසරයි.අප අද ඉතා වේදනාකාරී අවස්ථාවකට මුහුණ දී සිටිමු.අවුරුදු ගනනාවක් ආයු වළඳා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ "සාමය රකින්නාලාගේ ගෙදර නීතිගරුක පොලිස් අප්පුහාමි වීරයා" ගැන අද මුළු රටේ ජනතාවම කම්පා වෙමින් සිටී.පොලිස් අප්පුහාමි විරුවා වර්ෂ 157 ක් පුරා අපගේ දේශය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර සදා අනුස්මරණීය බව ඔබ අප සැම දන්නා කාරණයකි.අප ගේ මිතුන් මිත්තන් පොලිස් අප්පුහාමි පිළිබඳව පැවැති ගෞරවය නිසා මෙතුමා හැඳින්වීමට Polite (විනීත)Obedint(කීකරු)Loyal(රාජපාක්ෂික)Intelligent(බුද්ධිමත්)Courageous(ධෛර්යවන්ත)Efficient(කාර්යශූර)වශයෙන් අරුත් විවරණයක පවා යෙදී තිබුණි.ඒ පොලිස් අප්පුහාමි මේ ගුණාංග වලින් පිරුණු නිසා බව සිතිය හැකිය.මෙතුමාගේ වැඩිමහල් දරුවා වූයේ ජී.ඩබ්.ආර්.කැම්බල්ය.ඒ වැඩිමහල් දරුවාගේ සිට අද දක්වා බොහෝ දරුවන් පොලිස් අප්පුහාමි ගේ මග පෙන්වීම යටතේ මෙරට පොදු ජනතාව වෙනුවෙන් සාමය ආරක්ෂා කර ගැනීම පිණිස ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කරන ලද සේවාව අති විශිෂ්ටය.ඇතැම් විරු දරුවන් දේශය වෙනුවෙන් සිය ජීවිතය පවා පූජා කර ඇත්තේය.පොලිස් අප්පුහාමි අමරණීය මානව හිතවාදී මිනිසෙකි.එහෙත් ඔහු හදිසියේ අප අතරින් වෙන් වූයේ දැඩි සිතේ අමාරුවෙනි.ඒ පොලිස් අප්පුහාමිගේ කීර්ති නාමය පාවා දුන් ආණ්ඩු කරන ඇත්තන්ගේ කෙනෙහිලිකම් හා තමන්ගේ ඇතැම් දරුවන් ගේ පාදඩකම් හා බලුකම් නිසා බව සඳහන් කළ යුතුය.පොලිස් අප්පුහාමිගේ පෞරෂයට වසන් වෙමින් මේ පාදඩයන් සිදු කළ බොහෝ අකටයුතුකම් වංචා දූෂණ හා මැරකම් මෙරට ජනතාවගේ පිළිකුළට හා අප්‍රසාදයට ලක් වෙමින් තිබුණි.ඒ අතරේ පොලිස් අප්පුහාමි මෙතෙක් කාලයක් බලා කියා ගත් පොලිස්පති පුටුවේ සිටි හාදයා සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබේ.ඔහු උප්පැන්නයෙන් තම දරුවෙක් වූවද ඔහුගේ කෙරුවාව වෙලේ සිටවූ පඹයෙක් හා සමාන බව පොලිස් අප්පුහාමි දැන සිටියේය.පොලිස්අප්පුහාමි සමීපයේ බල්ලන්ද සිටී.ඒ බල්ලන් දෙවර්ගයකි.ඉන් සිවුපා බල්ලන් පොලිස් අප්පුහාමි වෙනුවෙන් සොරුන් පසුපස හොම්බ බිම ඇණ ඇණ ඉව කර හඹා ගොස් එවුන් නීතියේ රැහැණට අල්ලා දෙන්නට රාජකාරි කරමින් සිටින උතුම් සත්වයන්ය.අනෙක් බල්ලන් වනාහී පොලිස් අප්පුහාමි ගේ නම උකස් කරමින් බල්ලන් වත් නොකරනා තරමේ බලු වැඩ කරනා දෙපා බල්ලන්ය. පොලිස් අප්පුහාමි බල්ලාටගොස් නැති බවත් බල්ලන් පොලිස් අප්පුහාමි ළඟට පැමිණ ඇති බවත් රටේ ජනතාව කීවේ මේ අවැඩ කරනා පාහර බල්ලන් නිසාය.මේ පාහර පොලිස් බල්ලන් අයිති වන කුලකය ගැන පොලිස් අප්පුහාමි කිව්වේ මෙහෙමය.Peccant-පව්කාරOtiose-වැඩකට නැතිLackey-දේශපාලන ගැතිIgnoble-අපකීර්තිමත්Craven-නීචEdacious-බඩජාරීපොලිස් අප්පුහාමිගේ ඒ කියවීම සියයට සියයක්ම නිවැරිදි බව මේ ජඩ පොලිස් බල්ලන් හැසිරෙන විදියෙන් සිතා ගත හැකිය.පොලිස් අප්පුහාමි බරපතල විදියට කණගාටුවට පත් වූයේ හෙට දවසේ තමන් බලා කියා ගැනීමට පොලිස්පති පුටුවේ වාඩිවීමට කුරුමාණම් අල්ලන පාතාල ජාවාරම්කාරයා ගැනය.මොහු පොලිස් අප්පුහාමිගේ පීතෘත්වය යටතේ හැදී වැඩුන එකෙක් වුවද පාතාලජාවාරමිකාරයෙකි.මේ කාලකන්නි පාතාල ජාවාරමිකාරයා තමන්ගේ උරුමක්කාරයා ලෙස පත් වුව හොත් එය මෙරට ජනතාවගේ "කරුමය" බව පොලිස් අප්පුහාමි ගේ අදහස විය.වර්තමානයේ මෙරට ආණ්ඩු කරවන පින් ජනපතිවරයාට පවා නීතිය ගැන කිසිම අදහසක් නැත.ඇත්තේ බලය ගැන සිතීම හා එය ආරක්ෂා කිරීම පිළිබඳව සිහින දැකීම පමණය.නීතිය පාතාල ජාවරම්කාරයන් හොර දෙටුවන් හා මිනීමරුවන් අතට යාම ගැන පින් ජනපතිවරයා ඉන්නේ බොහෝ කැමැත්තෙනි.තමාගේ මාමා රට පාලනය කෙරුවේද ඒ විදියටය.උසී උසී කියන විදියට හපා කන්නට පිස්සු බලු රැළක් හදා ගැනීම ජනපතිගේ ඕනෑ කමය.පොලිස් අප්පුහාමි පාතාල ජාවරම්කාරයෙකුට උකස් කර ඒ වැඩේ කර ගන්නට පුළුවන් බව ජනපතියා අත්දැකීමෙන්ම දැන සිටී.පොලිස් අප්පුහාමි පසුගිය දින වල සිටියේ තමන්ට සිද්ධවෙන ඔය අකටයුතුකම්,අකාරුණිකම් හා වෙනස්කම් ගැන දැඩි සිතේ අමාරුවෙනි.මොනවා වුනත් තමන් සමීපයේ හෘද සාක්ෂියට එකඟව රාජකාරි කරන දරුවන් සිටින බවද එහෙත් දැන් උන් සියල්ලම අසරණ වී ඇති බවත් කාරුණික පොලිස් අප්පුහාමි දැන සිටියේය.පොලිස් අප්පුහාමි මිය ගියා නොව මරා දැමුවායැයි කවරකු හෝ කිවහොත් එය නිවැරිදි ප්රකාශනයකි.අප දැන් සිහිපත් කළ යුත්තේ පොලිස් අප්පුහාමි ගේ හදිසි නික්ම යාමෙන් හිස් වූ තැන කළමනාකරණය කරගන්නේ කෙසේද කියාය.නැවත අපි කල්පනා කළ යුතු වන්නේ මෙරට නීතිය සාමය සර්ව සාධාරණව ආරක්ෂා කරන පොලිස් අප්පුහාමි කෙනෙක් මේ සමාජයේ නිර්මාණය කර ගන්නේ කෙසේද කියාය.පොලිස් අප්පුහාමි ගේ මෘත දේහය උඩ කරනම් ගසමින් පොලිස්පති පුටුවේ වාඩි වීමට ඇඟිලි ගනිමින් බලා සිටින පාතාල ජාවාරම්කාරයා සමහර විට අනාගතයේදී මෙරට ජම්පරය අඳින දෙවන පොලිස්පති වෙන්නටද ඉඩ තිබෙන බවද අප කිව යුතුය.එහෙත් දැන් අපට ඇති හිතේ අමාරුව සනසා ගන්නට ආගම ධර්මය සිහිපත් කරමින් මතක වස්ත්‍ර පූජා කොට අත් පැන් වඩා අපෙන් සමුගත් පොලිස් අප්පුහාමිට පින් පැමිනවීම කළ යුතුය.යථාවාරී වහා පූරාපරිපූරෙන්ති සාගරංඒව මේව ඉතෝදින්නංපොලිස් අප්පුහාමී උප කප්පතීඋණ්න මේ උදකං වට්ඨංයථා තීරණ්ණං පවත්තතිඒව මේව ඉතෝදින්නංපොලිස් අප්පුහාමි උපකප්පතිතෙරුවන් සරණයි
Comments
Post a Comment