කරාපිටිය රෝහලේදී මාධ්‍යවේදිනියකට පොලීසිය චණ්ඩි පාට් දාලා
ගාල්ල කරාපිටිය රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින ඉරාන ජාතික නැවියන් ගෙන් තොරතුරු ලබා ගනිමින් සිටියදී පොලීසියේ යැයි පැවසූ කණ්ඩායමක් තම රාජකාරියට බාධා කරමින් තමාගේ සටහන් පොත් උදුරාගත්තේ යැයි සඳහන් කරමින් සිලෝන් ටුඩේ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුලෝචනා රාමයියා ගාල්ල පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි වාර්තා වේ.
මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා ඉරාන තානාපති කාර්යාලයේ භාෂා පරිවර්තිකාවකගේ සහායෙන් රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි අදාල නැවියන් ගෙන් තොරතුරු ලබා ගනිමින් සිටියදී මේ පොලිස් නිළධාරීන් පිරිස ඇයට බාධා කර ඇති බවද දැන ගැන්මට තිබේ.එහිදී තමාට පොලිස් නිළධාරියකු හා රෝහලෙහි ආරක්ෂක නිළධාරියෙකු අසභ්‍ය වචනයෙන් බැණ වැදුන බවද ඇය කියා සිටී.
තමා මුහුණ පෑ මේ සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයාට දුරකථනයෙන් පැමිණිලි කළ බවද අනතුරුව තමන් ගාල්ල පොලීසියේ පැමිණිල්ලක් කළ බවත් මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට පවසා ඇති අතර මේ සිඳුවීම නිදහසේ සිය වෘත්තීය කටයුතු වලට නිරත වීමට මාධ්‍යයට ඇති අයිතියට බාධා කරමින් සිඳු කළ අනීතික පොලිස් මැදිහත්වීමක් බවට සඳහන් කරමින් එම ව්‍යාපාරයේ ලේකම් දිලීෂා අබේසුන්දරගේ අත්සනින් යුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

Comments
Post a Comment