සලේ ගැන අපේ සත දෙක
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සමිමත කරන්න යන අවස්ථාවේ ඒ පනත පුරවැසියන් හිංසාවට බඳුන් කරන පනතක් බවට බොහෝ පාර්ශව වලින් චෝදනා නැගුනා.පනත සම්මත කිරීමට පෙර පැවතුන සංවාදවලදී ජනතා විමුක්ති පෙරමුණද මෙයට එරෙහි වූ බව අපට මතකයි .වර්තමානයේ ජවිපේ මූලික කර ගත් ජාජබ ආණ්ඩුවකින්ද ත්‍රස්තවාදය වැලැක්වීමෙි පනත ක්‍රියාත්මක වෙමින් පවතිනවා.මේ පනත අහෝසි කිරීමෙන් ජාතික ආරක්ෂාව බිඳ වැටෙනු ඇති බවටආණ්ඩුවේ අදහස වෙන්නට ඇති.බලයට පත් වීමට පෙර ජවිපෙ මේ පනත පිළිබඳව පැවැති ස්ථාවරය බලය ලබා ගැනීමත් සමගම වෙනස් කර ගැනීම කණගාටුදායකයි.
මේජර් ජනරාල් සලේ රඳවාගෙන සිටින්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධානයන් යටතේ බව පැවසෙනවා.
එය එසේවන්නේ නම් ඉන් මාර උත්ප්‍රාසයක් නැගෙනවා.ඒ මන්ද යත් මේ පනතට එරෙහිවූ සමාජ ක්‍රියාකාරිකයන්ගේ හා සිවිල් සංවිධාන වල ක්‍රියාකාරිත්වය මේජර් ජනරාල් සලේ ගේ ඒ දිනවල වෘත්තිමය දායකත්වය තුළ වර නැගුනේ ත්‍රස්තවාදීන් විදියට.ඒත් දැන් ඔහු ඒ පනතින්ම සිර ගත කරලා.
රට ආර්ථික අර්බුදයට පත් වූ අවස්ථාවේ මහා භාණ්ඩාගාරයේ ඩොලර් හිඟයක් ආවා.ඒත් ජාතික ආරක්ෂාව තිබුණා.රටේ
ඉන්ධන හිඟවුනා.ජාතික ආරක්ෂාව තිබුණා.කිරි පිටි නැති වුනා.ඒත් ජාතික ආරක්ෂාව තිබුණා.ඒ හිඟකම අස්සෙ පුරවැසියන් පෝලිම් වලට එකතු වුනා.ඔය පෝලිම් අස්සෙ සලේ ගෙ ගෝලයන් හිටියා.ඒත් ජාතික ආරක්ෂාවට.ඒ කිව්වෙ ආණ්ඩුවට එරෙහිව හූ කියන එවුන් කවුද කියල හොයන්න.එහෙම හොයා ගෙන අල්ල ගත් සමහර එවුන් බන්ධනාගාරගත කෙරුවෙත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින්.ඒත් ජාතික ආරක්ෂාව සඳහා.මේජර් ජනරාල් සලේ ඒ දිනවල ජාතික බුද්ධි අංශයේ ලොක්කා බව අමතක කරන්නත් හොඳ නැහැ.
මේ ඉතිහාසය වර්තමානයට ගලපලා ලියනවා නම් ලියන්න තියෙන්නෙ මෙච්චරයි.ඒ ලිවීම සරලයි.කෙටියි.ඒත් හිතන්න ගොඩක් තියෙනවා.
දඩයක්කාරයයි බල්ලයි දඩයම පස්සෙ එළවද්දි බල්ලා හිතනවා. දඩයක්කාරයායි ඌයි සමානයි කියලා.දඩයක්කාරයා දඩයම අතට ගත්තට පස්සෙ තමා බල්ලා දැනගන්නෙ තමන් එක්ක ආවෙ දඩයමට විතරයි කියලා.
(ලොකු කුමා)
.png)
Comments
Post a Comment