අනේ පව් චූටි ගෑනු ළමයා දෙයියනේ
ඇමරිකාව හා ඉරාණය අතර යුද්දය ඇරඹීමත් සමගම රට ඉන්ධන හිඟයක් ඇති වෙනු ඇතැයි මහජනයා ඉන්ධන පිරවුම් අසල පෝලිම් ගැසෙන්නට විය.
හොරණ ඉන්ධන පිරහුම් හලක් සමීපයේ ඉන්ධන ලබා ගැනීමට පෝලිමක සිටි ගැහැණු දැරියක හිරු හා හොරණ Goosip නම් මාධ්‍ය ආයතන වලට ලබා දෙන ලද "වොයිස් කටයක්" සමාජ මාධ්‍ය තුළ පියාඹන්නට ගත්තේ ආණ්ඩුවට එරෙහිවූවන්ට අපූරු උත්තේජනයක් ලබා දෙමිනි.
ඇය එහිදී මෙසේ පැවසුවාය.දිනය
2026.04.01 දාය.
"...අපි හිතුවෙ නෑ අනුර මේම රවට්ටයි කියලා.දැන් තෙල් ගහන්න යද්දි 95 විතරයි තියෙන්නෙ.ගොඩාක් වෙලා ඉඳන් මේම ඉන්නවා.මං කවදාවත් හිතවෙ නෑ
මගේ පළවෙනි ඡන්දෙ දුන්න අනුර අපට මේම කරයි කියලා.ගොඩාක් වෙනසක් බලාපොරොත්තු වුනා කිව්ව කතා වල හැටියට.ඇත්තටම මේ විදියට වෙයි කියලා හිතුවෙම නෑ.යුරෝපයෙ ෆීලින් එකක් දෙන තරමට තමයි අනුර කතා කෙරුවෙ.ඒත් දැන් අන්ත තත්වයට පත් වෙලා.
එහෙත් ආණ්ඩුවට එරෙහි වූවන් ඒ දැරියගේ දැරියගේ වොයිස් කටයෙන් ගත් වින්දනය ක්ෂණයෙන් සුනු විසුණු වී ගියේය.
ඒ එම දැරියම හොරණ GOOSIP නම් මාධ්‍ය ආයතනයට 2025 අප්‍රේල් මාසයේ 01 වෙනිදා දුන් වොයිස් කටයක් නිසාය.
ඇය එහි මෙසේ පවසන්නීය.
"...යුද්දයක් නිම කරපු අපේ මහින්ද රාජපක්ෂ වන අපගේ අප්පච්චිගේ පුත් රුවන වන නාමල් රාජපක්ෂ මැතිඳුන් සමග අපි හොරණින් එක්කාසු වෙනවා.
ජයශ්‍රී.අවංකවම නාමල් මහත්තයා වෙනුවෙන් තමයි ඉතින්.අපේ අප්පච්චි ඉන්නවනේ.අප්පච්චිගෙ පුතා ඉන්නවනේ.දේශයේ මුර දේවාතාවගේ පුතා ඉන්නවනේ.."
මේ මාධ්‍ය හැසිරවීම් වලින් වටහා ගන්නට ඇත්තේ එකම එක දෙයකි.ඒ අනුරගේ ආණ්ඩුවේ කෙරුවාව ගැන විපක්ෂයේ ඇත්තන්ට හා විපක්ෂයට කඩේ යන හිරු වැනි මාධ්‍ය ආයතන වලට පිස්සු වැටී ඇති බවය.මේ පිස්සු වැටීම නිසාම තමන් කර කී දෑ පවා අමතක වී තිබේ.
පව් හලෝ.......

Comments
Post a Comment