පාස්කු බෝම්බ පිපිරවීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් නොවන්නටද පුළුවන

 

Message Body



පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන ඕනෑ තරම්  ලියවුන කවි සින්දු රචනා කියවන්නට තිබේ.ඒ පිළිබඳව ජනපති කොමිෂන්  වාර්තාද කියවීමට හැකිය.සීඅයිඩී පරීක්ෂණ ගොනුද හැට හුටාමාරක් ඇත.පක්ෂ විපක්ෂ බොහෝ දෙනාටද ඒ ගැන විවිධ අදහස්ද පවතී.

අප මේ ලියන්නේ එම සිදුවී⁣ම පිටුපස සිටි මිල්ටෙරි බළල් අත් ගැන අපට පවතින සැකයයි.බොහෝ දෙනා සිතන්නේ පාස්කු දින ප්‍රහාරයේදී සහරාන් ඇතුළු කණ්ඩායම බෝම්බ පුපුරවාගෙන මිය ගිය බවය.මේ වන විට සමාජගත වී ඇත්තේද ඒ අදහසය.එය එසේම වීද යන්න ගැන අපට නම් ඇත්තේ බරපතල සැකයකි.අපට ඒ සැකය මතුවන්නේ මෙරට දේශපාලනයේ අපරාධකාරී අදෘශමාන හස්තය විසින් බලය රඳා පවත්වාගෙන යාම සඳහා  මුදා හරින ලද මෙලෙච්ඡත්වය ගැන ඉතිහාසය තුළ සැඟවුන සිද්ධීන් ගණනාවක්ම ඇති නිසාය.පාස්කු ප්‍රහාරයේ  ස්වරූපය ඒවායින් වෙනස් වන්නේ ඒ ප්‍රහාරය සිද්ධවන්නේ බලය ලබා ගැනීමේ අභ්‍යාසයක් විදියට බැවිනි.

ඉතිහාසය තුළ සැඟවුන එම සිද්ධීන් ගැන හොඳින් දන්නේ දැනට විශ්‍රාමිකව සිටින හමුදා ප්‍රධානීන්ය.එලෙස සිදු වූ ඇතැම් මෙලේච්ඡ සමූහ ඝාතනයන් සමාජය තුළ වර නැගුනේ එල්ටීටී ප්‍රහාරයන් විදියටය.එහෙත් මතුපිටින් දකින දේ සැබෑව නොවේ.ඒ සෑම ඝාතනයක්ම ගැඹුරින් විමර්ශනය කිරීම කුමන්ත්‍රණකාරීව අත් හරින ලද අතර බලැති දේශපාලනික විධානයෙන් සියල්ල යටපත් කෙරිණි.ඒ යටපත් කිරීම සඳහා යොදා ගත් හොඳම ඖෂධය වූයේ ජාති ආලය හා ආගමික උන්මාදයයි.කෙසේවෙතත් අතීතයේ පැවති ආණ්ඩුවක් සිය බල අධිකාරිය යොදා ගනිමින් රහසිගතව ඒ දින වල මුදා හරින ලද ප්‍රහාරයක් ගැන අප මෙහි සඳහන් කරමු.එය සිඳු වූයේ ජේආර් ජයවර්ධන ජනපතිවරයා ගේ ධුර කාලයේදීය.මේ කාල වකවානුවේ උතුරේ ආරක්ෂක හමුදා වලට  එල්ටීටී ප්‍රහාරයන් උත්සන්න වූ අවස්ථාවක රජය නිවේදනය කෙරුවේ යාල් දේවී දුම්රිය යොදා ගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ උතුරට ප්‍රවාහනය සඳහා සැළසුම් කර ඇති බවය.එහෙත් ඒ ආසන්න දිනයක රාත්‍රියකදී උතුරු දුම්රිය මාර්ගයේ රේල් පාර නන්නාඳුනන පිරිසක් විසින් වෙඩි ද්‍රව්‍ය යොදා පුපුරවා හැරිණි.ඉන් අනතුරුව ජනපතිවරයා ජාතිය අමතමින් එය ත්‍රස්තවාදීන්ගේ ගිණුමට බැර කරමින් සිය කණගාටුව ප්‍රකාශ කෙරුවේය.සැබවින්ම එම පුපුරවා හැරීම සිඳු කරන ලද්දේ ආරක්ෂක හමුදාවට අයත් විශේෂ පුහුණුව ලබා සිටි කණ්ඩායමක් විසිනි. උතුරු දුම්රිය මාර්ගය පුපුරවා හැරීම එම විශේෂ කණ්ඩායම සිඳු කරන ලද එක මෙහෙයුමක් පමණය.ඒ අතරේ අනාවරණය නොවූ මෙවැනි හැඩයේ බොහෝ අපරාධකාරී මෙහෙයුම් මෙරට ඉතිහාසය තුළ සැඟවී තිබේ.ඒ සියළු අපරාධකාරී මෙහෙයුම් ජාතික ආරක්ෂාව ශීර්ෂයෙන් ආවරණය කර ඇති බව පැහැදිලිය.

හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂමන් කදිරගාමර් ඝාතනයද රාජ්‍යයේ රහස් හස්තයකින් සිදු කරන ලද රහසිගත මෙහෙයුමක ප්‍රතිඵළයක් බව බොහෝ සාක්ෂි පවතී.එම ඝාතනය සඳහා අත් අඩංගුවට ගත්තේ අහිංසක කුලී කාර දෙමළ ජාතිකයෙකි.ඒ අහිංසකයා බන්ධනාගාරයේදී මිය ගියේය.අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර්ට වෙඩි තැබූ සැඟවුන වෙඩික්කරු වෙඩි තැබීම සඳහා සැඟවී සිටි නිවස අයිති වූයේ උසස් පොලිස් නිළධාරියෙකුටය.මේ පොලිස් නිළධාරියා සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කණ්ඩායම් අවධානය නොදැක්වීමත් වරද අහිංසක කුලී කාරයකුට පැවරීමත් රාජ්‍ය රහස් හස්තයේ ක්‍රියාකාරකම් බව පැහැදිලිය.
පාස්කු ප්‍රහාරයේ මෙතෙක් වසන් වී ඇති  යටි පෙළ කියවීමට ගත යුත්තේ පැරණි ඉතිහාසය තුළ වසන් වී ඇති මෙවැනි අපරාධ නැවත නැවතත් අවදානයට හා සාක්ෂියට යොදා ගනිමිනි.

පාස්කු ප්‍රහාරයේ සිද්ධීන් පිළිබඳව විමර්ශනය කරන්නෙකුට "ආමි මොහිදින්" ගේ ඒ සඳහා පැවැති සෘජු දායකත්වයේ සුවිශේෂී බව අත් හැර සිතන්නට නොහැකිය.සැබැවින්ම පාස්කු ප්‍රහාර සැළසුමේ පළමු පියවරයන්  ගැන කියවීම කළ යුත්තේ ආමි මොහිදින් ගේ මිල්ටෙරිමය මැදිහත්වීම අවධාරණය කර ගනිමිනි.බෝම්බ යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව තාක්ෂණය සහරාන් කල්ලිය වෙත ප්‍රවේශණය වන්නේ මේ ආමි මොහිදින් හරහා බව පැහැදිලිය.ආමි මොහිදින් පාස්කු ප්‍රහාරයෙන් පසුව ක්ෂණිකව අත් අඩංගුවට ගත් නමුත් ඔහු ඒ වන තුරුම අඛන්ඩව යුද හමුදාවේ බුද්ධි අංශය සමග ගණුදෙනු කරන ලද බවත් පොලිස් විමර්ශන වලින් හෙළිවී තිබේ.ආමි මොහිදින් සහරාන් ගේ සැළසුම ගැන හොඳින් දැනුවත්ව සිටියේය.සහරාන් කාතන්කුඩියෙන් පලා යාමෙන් පසුවත් ආමි මොහිදීන් ඔහු සමග සමීප සම්බන්ධතාව පවත්වා තිබේ.
ඔහුගේ භූමිකාව වඩාත් පැහැදිලිව අවධාරණය කර ගත හොත් ඔහු සහරාන් ගැන තොරතුරු තමන් මෙහෙයවන ලද රහස් හස්තය දැනුවත් කරමින් සිට් බවටද සැකයක් නැත.හමුදා බුද්ධි අංශය හා ආමි මොහිදින් අතර පැවැති සම්බන්ධතාව අනුව ඔහු⁣ට ස්වාධීනව වැඩ කිරීමට හැකියාවක්ද නොතිබිණි.එහිදී ඔහුට රහසිගතව බෝම්බ නිෂ්පාදනයට ඉඩක් පැවතියේ යැයි කෙසේවත් සිතිය නොහැකිය.

සහරාන් යොදවා හමුදා බුද්ධි අංශ සිදු කරන ලද පාස්කු ප්‍රහාර මෙහෙයුම සම්බන්ධීකරණය කරන ලද්දේ ආමි මොහිදින් බවට කිසිම සැකයක් නැත.එහෙත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන්ඔහු වි⁣ශේෂඥයකු නොවන බවත් පැහැදිලිය.මෙහිදී ආමි මොහිදින් පවා හසුරවන ලද කණ්ඩායමක් හෝ යම් පුද්ගලයකු සිටි බව නිරීක්ෂණය වේ.

සහරාන් තුළ මරාගෙන මැරෙන අදහසක් නොතිබුණ බව ඔහු ඇසුරු කළ කාතන්කුඩි මිතුරන් අතරින් දැන ගැන්මට තිබේ.ඔහු නිතරම නායකත්වය පිළිබඳව කැමැත්තෙන් සිටි පුද්ගලයෙකි.තමන් බැඳුණු කුමන හෝ කණ්ඩායමක දිගටම සිටියේ නැති අතර නිතරම නව කණ්ඩායමක් ගොඩ නැගීම සඳහා සහරාන් ඒ ඒ කණ්ඩායම් වලින් ඉවත් වී තිබේ.අවසානයේදී පාස්කු ප්‍රහාරය සිඳු වන්නේ තමන් නායකත්වය සැපයූ කණ්ඩායම සමග සහරාන්ද සිය ජීවිතය පුද කරමිනි.මෙය එසේ විය හැකිද යන්න බරපතල ප්‍රශ්ණයකි.අපගේ සැකයේ න්‍යෂ්ඨිය වන්නේ ඒ ප්‍රශ්ණයයි.එහෙත් සහරාන් ගේ අපේක්ෂාවන් සිය මිල්ටෙරි අවශ්‍යතාවන් වලට ගැට ගසා ගනිමින් සිදු කළ "යටි බිම් ගත මෙහෙයුමක් "සිඳු වී ඇති බවට තහවුරු කෙරෙන සාක්ෂි මේ වන විටත් අනාවරණය වෙමින් පවතී.එහිදී මෙම මෙහෙයුමේ මිල්ටෙරි බළල් අත් සහරාන් ඇතුළු කණ්ඩායම හසුරවන ලද අතර ඔවුන්ගේ ජීවිතද එම මිල්ටෙරි බළල් අත් විසින් උකසට ගන්නා ලද බව අපගේ අදහසයි. 

පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ පෙර පුහුණුවක් ලෙස සැළකිය හැකි වන්නේ   2019 අප්‍රේල් 16 කාතන්කුඩි පලමුනෙහිදී දුරස්ථ පාලකයකින් මෝටර් බයිසිකලයක් පුපුරවා හැරීමයි.එල්ටීටියෙන් පසුව කිසිම කණ්ඩායමක් මෙවැනි ප්‍රහාරයක් සිඳු කර තිබුණේද නැත.එය එසේ වන්නේ නම් සහරාන් ගේ කණ්ඩායම පාස්කු ප්‍රහාරයට උචිත හැඩගැස්වීම හා දැනුවත් කිරීම සිද්ධ වන්නේ එතැන් සිටය.මෙහිදී අප ගේ අවධානයට ගැනෙන්නේ මේ පුපුරවා හැරීම "දුරස්ථ පාලකයකින්" සිඳු කිරීමය.

පාස්කු ප්‍රහාරය සිඳු කරන ලද සහරාන් ඇතුළු කණ්ඩායම විසින් පුපුරවන ලද බෝම්බ තිබුණේ ගමන් මළු තුළය.එම ගමන් මළු අවශ්‍ය කෙරෙන ඉලක්ක පථයේ තබා ඉවත්ව යාමටත් දුරස්ථ පාලකයකින් ඒවා පුපුරවා හැරීමටත් පුළුවන.අප සැක කරන්නේ සහරාන් ඇතුළු කණ්ඩායමේ විනාශය හසුරවන ලද්දේ ඒ සැලසුම තුළ බවය.එහිදී සහරාන් ඇතුළු කණ්ඩායම තමන් "බිලි බෝයිස්ලා" බව නොසිතන්නට ඇත.විශේෂයෙන් සහරාන් කණ්ඩායම් නායකයා ලෙස මරාගෙන මැරෙන ප්‍රහාරකයකු වීම අතිශයින් පුදුම සහගත සිද්ධියකි.

රාජ්‍ය බුද්ධි සේවාව තුළ මුස්ලිම් අන්තවාදය පිළිබඳව සොයා බැලීමට අංශයක් ක්‍රියාත්මකව පවතී.මෙය අරඹන ලද්දේ 2002 වර්ෂයේදී පමණය.එවකට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා වූයේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මෙරිල් ගුණරත්නය.
ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහිල් ඩෝල් ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මේ අංශය හඳුන්වන ලද්දේ "කිව් අංශය" යනුවෙනි.

පාස්කු ප්‍රහාරයට පෙර මෙම "කිව් අංශයේ" ස්ථානාධිපතිවරයාව සිටි උප පොලිස් පරීක්ෂක බණ්ඩාර විසින් සහරාන් සම්බන්ධයෙන් ආවේක්ෂණයේ නිරතව සිට ඇත.ඇතැම් අවස්ථා වලදී ඔහු සහරාන් ගේ ඥාතීන් ගේ නිවාස පවා සෝදිසි කි⁣රීමේ මෙහෙයුම් කර ඇති බවද අනාවරණය වේ.මේ අතරේ උපොප බණ්ඩාර විසින් සහරාන් ගේ බිරිඳට අයත් නාරම්මල නිවසට පවා ගොස් තිබේ.බණ්ඩාර ඇතුළු කණ්ඩායම මේ නිවසට ගොස් ඇත්තේ 57- 1374 දරණ හයිඒස් වෑන් රථයෙනි.මේ කණ්ඩායම එහි යන විටත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ කාන්තාවන් දෙදෙනෙකු එම නිවසේ සිට ඇතත් ඔවුන් අත් අඩංගුවට ගෙන නැත.බණ්ඩාර හා කණ්ඩායම එම කාන්තාවන් හා සුහද කතා බහක නිරතව සිට ආපසු පැමිණ ඇති බවද හෙළි වී තිබේ.එදින මේ කාන්තාවන් දෙදෙනා අත් අඩංගුවට ගත්තේ නම් පාස්කු ප්‍රහාරය පිළිබඳව අනාවරණය කර ගන්නටද ඉඩ හැකියාව පැවතුණි.මේ අතරේ උප පොලිස් පරීක්ෂ බණ්ඩාර සම්බන්ධයෙන් තවත් සුවිශේෂී කාරණයක් වාර්තා වී ඇත.ඒ මේ උප පොලිස් පරීක්ෂක වරයා එක්තරා කාලයකදී අරාබි භාෂාව හැදෑරීමට කොළඹ විශ්ව විද්‍යාලයේ පාඨමාලාවකට සම්බන්ධ සිට ඇති අතර පාස්කු ප්‍රහාරයෙන් දෙහිවල නිව් ටොපිකල් ඉන් නවාතැන් පොලේ දී මිය ගිය මොහොමඩ් ජමීල්ද එම පාඨමාලාව හදාරාමින් සිටි බව පැවසේ.රාජ්‍ය බුද්ධි සේවයේ නිළධාරියකු සමග එකම පන්තියේ ඉගෙන ගත් ජමීල් පිළිබඳව තොරතුරු හෙළි නොවී තිබීමද අවධානයට ගත යුතු කාරණයකි.එහෙත් මෑතකදී එක්තරා යූ ටියුබ සාකච්ඡාවකදී ජාතික බුද්ධි සේවයේ කිව් අංශයේ ප්‍රධානියාව සිටි විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහිල් ඩෝල් ප්‍රකාශ කර ඇත්තේ මොහොමඩ් ජමීල්ගේ සහෝදරයා තමන්⁣ගේ සමීපතම මිත්‍රයකු බවය.ඔහු සිය සහෝදරයා වන ජමීල් අන්තවාදී ආගමික කටයුතු වල නිරත වන බවට තමන් දැනුවත් කරන ලද බවය.එසේ නම් ජමීල් පිළිබඳව ජාතික බුද්ධි සේවය ආවේක්ෂණය කරමින් සිට ඇත්තේ පාස්කු ප්‍රහාරයට අවුරුදු ගණනාවකට පෙර සිට බව නිශ්චය කර ගත හැකිය.ජමීල් කොළඹ විශ්ව විද්‍යලයේ අරාබි භාෂාව හැදෑරීමට සම්බන්ධ වන්නේත් උප පොලිස් පරීක්ෂක බණ්ඩාරද එම පාඨමාලාවට එක් වන්නේත් කල් තියා දැන කියා ගත් සැලසුමකට බවට සිතා ගත හැකිය.මේ නිසා මොහොමඩ් ජමීල් දීර්ඝ කාලයක සිට රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු කරුවකු ලෙස සිටි ඇති බවට සැක කරන්නට පුළුවන.

අපගේ සැකයේ පළමු විත්තිකරු වන්නේද මේ ජමීල්ය.කොළඹ ටාජ් සමුද්‍ර හෝටලය තුළ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට යොදා ගෙන තිබුනේ මේ ජමීල්ය.
තමන් ගෙන ගිය ගමන් මල්ලේ තිබූ බෝම්බය ⁣පුපුරා නොයාම නිසා ජමීල් ඉන් පිටතට පැමිණීමට පෙර ඔහුට පිටතින් දුරකථන ඇමතුමක් ලැබී ඇති බව සීසීටීවී වල දැක්වෙන බව පැවසේ.ඊටත් පෙර ජමීල් සිය බිරිඳට එස්එම්එස් පණිවුඩයක් යවා තිබේ.ඒ එස්එම්එස් පණිවුඩයේ සඳහන්ව තිබී ඇත්තේ "මම අල්ලාගේ මාර්ගයේ යනවා.මා ගැන සොයන්න එපා" යනුවෙනි.

මේ සිදුවීම් හා සම්බන්ධ බරපතලම තොරතුර වන්නේ ⁣දෙහිවල නවාතැන් පොලේදී පුපුරා යාමෙන් පසුව මිය ගිය ජමීල් අත දුරකථනයක් නොතිබීමය. කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයෙන් පිටතට එන ජමීල් මුස්ලිම් පල්ලියක දේව මෙහෙයකට සහභාගි වීමෙන් අනතුරුව බෝම්බය තිබුණ ගමන් මල්ල එහි තබා යාමට උත්සාහ දරා ඇතත් එහි සිටි ආරක්ෂක නිළධාරියා ඊට ඉඩ නොදුන් බවද සාක්ෂි වල සඳහන්ය.මේ අතර වාරයේ හමුදා බුද්ධි අංශයෙන් ජමීල්ගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳ හමුවූ බවද පැවසේ.බෝම්බ සහිත ගමන් මල්ල පල්ලිය තුළ තබා යාමට ජමීල් දැරූ ප්‍රයත්නය මෙහිදි අපගේ අවදානයට ලක් කළ යුතුය.ඉන් ඇඟවෙන්නේ ජමීල් මරා ගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම් මානසිකත්වයකින් නොසිටි බවය.තමන් අල්ලාගේ ගමන් මාර්ග⁣යේ යන බවට බිරිඳට එස්එම්එස් යැවූ ප්‍රහාරකයෙකු සිය
සන්තකයේ තිබූ බෝම්බය සහිත ගමන් මල්ල මුස්ලිම් දේවස්ථානය තුළ තබා ඉන් පිටව යාමට උත්සාහ කිරීම ප්‍රශ්ණකාරීය.
ඔහුට එය පල්ලිය තුළ තබා පිටව යාමට අවස්ථාව සැළසුනේ නම් ඉන් අනතුරට පත් විය හැකිව තිබුණේ ඉස්ලාම් භක්තිකයන් බව ජමීල්ට කල්පනාවක් නොතිබුණ බව සිතිය නොහැකිය.
ජමීල් දෙහිවල නවාතැන් පොළට යන්නේ ඉන් අනතුරුවය.එහෙත් ඔවුන් මෙහෙයවූ අදෘශ්‍යමාන හස්තය ජමීල් තවදුරටත් සාක්ෂිකරුවකු ලෙස ජීවතුන් අතර සිටීම දැකීමට සූදානම්ව නොසිටියේය.ජමීල් අත තිබූ දුරකථනය අතුරුදන් වන්නේද බළල් අත තිබූ දුරස්ථ පාලකය ක්‍රියාත්මක වන්නේද යටි බිම් ගත කුමන්ත්‍රණයේ අවසාන තිත ලෙසිනි.

කටුවාපිටිය පල්ලියේ සිදුවූ පිපිරීම සඳහා බෝම්බය තිබු ගමන් මල්ල රැගෙන ප්‍රහාරකයා එන අවස්ථාවෙි පල්ලියෙන් පිටත සැක සහිත පුද්ගලයන් දෙදෙනෙකු සිටි බවටද සීසීටීවී සාක්ෂි දරයි.බෝම්බ පිපිරවීමේ දුරස්ථ පාලක ඔවුන් අත ති⁣බුණේද නැද්ද යන්න ගැන දන්නේත් ⁣කුමන්ත්‍රණකරුවන් පමණි.කාතන්කුඩි පාලමුනේදී දුරස්ථ පාලකයෙන් පුපුරවා හරින ලද යතුරු පැදිය ගැන සිහිපත් වන්නේ එවිටය.
 
පාස්කු ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක් ලෙස ගිරා සංදේශ ඕනෑ තරම්  ලියවී ඇති බව අපි දනිමු.ඒ හැම වාර්තාවක්ම ලියවී ඇත්තේ රාජ්‍ය රහස් හස්තයේ මැදිහත් වීමෙන් බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය.මේ රාජ්‍ය රහස් හස්තය මෙරට බලයට පත් වූ  රාජ්‍ය නායකයන් ගේ ආධිපත්‍ය තුල විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වී තිබේ.ඒ සෑම අවස්ථාවකම එය ක්‍රියාත්මක වී ඇත්තේ "ජාතික ආරක්ෂාව" සඳහා බව පෙනී යයි.එහෙත් පාස්කු ප්‍රහාර සැළසුම ආණ්ඩු බලය උදුරා ගැනීම සඳහා වූ  පෞද්ගලික දේශපාලනික වුවමනාවක් ඉටු කර දීම සඳහා රාජ්‍ය රහස් හස්තය විසින් ඉතා සැළසුම් සහගතව හා කුමන්ත්‍රණකාරීව සිඳු කළ සාහසික අපරාධයක් බව සියයට සියයක්ම විශ්වාසය.ඒ නිසාම සහරාන් ඇතුළු කණ්ඩායම පිටුපස "මිල්ටෙරි බළල් අතක් හා දුරස්ථ පාලකයක්" ක්‍රියාත්මක වූ බවට කිසිම සැකයක් නැත

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා