කොස්ගොඩ සුජී ගේ ගෝලයන් රොත්තක් සාජා පොලීසිය අැරස්ට් කරයි
එක්සත් එමීර් රාජ්‍යයේ සාජා පොලීසිය මගින් ශ්‍රී ලංකාවේ පාතාල සාමාජිකයන් හතරදෙනෙකු අත් අඩංගුවට ගත් බව වාර්තා විය.එම පාතාල සාමාජියන් හතර දෙනා ලංකාවේ සිඳු වූ සාහසික මිනිස් ඝාතන වලට සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ වූවන් වේ.මේ වන විටත් මෙරට සිඳු කරන හොරොයින් ජාවාරම එක්සත් එමීර් රාජ්‍යයේ සිට මෙහෙයවනේද මෙම පාතාල සාමාජිකයන් බව අනාවරණය වී තිබෙි.
එලෙස අත් අඩංගුවට ගත් අයවළුන් මෙසේය.
1.එම්.ඩී .හර්ෂ ගුණතිලක
මොහුට එරෙහිව හෙරොයින් ළඟ තබා ගැනීම ගැන ගාල්ල මහාධිකරණයේ නඩුවක් විභාග වන අතර බෙලි අත්ත අධිවේගී මාර්ග පිවිසුම අසලදෟ රෝයල් බීච් සමන් ඇතුළු පස් දෙනෙකු ඝාතනය කිරීමේ අපරාධයට හවුල් වූ අයෙකි.
2.දසුන් මානවඩු
මොහු අම්බලන්ගොඩ යසරත්න නම් මිනිස් ඝාතකයාගේ ගෝලයෙකි.යසරත්න අම්බලන්ගොඩ ප්‍රදේශයේ මිනිස් ඝාතන නවයකට ආසන්න සංඛ්‍යාවක් සිදු කෙරුවද ඒ කිසිවකුට පොලීසියේ අත් අඩංගුවට පත් නොවු අයෙකි.එහෙත් අම්බලන්ගොඩ නගරයේදී ඔහු ඝාතනය කෙරිණි.තම කණ්ඩායම් නායක යසරත්න මරා දමන ලද්දේ අම්බලන්ගොඩ ප්‍රසිද්ධ ව්‍යපාරික සහ ගාල්ල ක්‍රිකට් සංඟමයේ සභාපති ප්‍රේමසිරි හැළඹගේ ගේ කොන්ත්‍රාතුවකට බවට සැක කර දසුන් මානවඩු විසින් ඔහු වෙඩි තබා ඝාතනය කරන ලදී.ඒ අතරේ පොලී විකුම් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේද සැකකරුවෙකි.
පසුගියදා අම්බලන්ගොඩ වෙළඳ ආයතනයකදී සිදු කරන ලද සිංගර් කෝසල ඝාතනය කළ අපරාධකරුවන්ට මොහු විසින් පහසුකම් සලසා දී ඇති බවටද වාර්තා වේ.එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටිමින් මොහු මෙරට හෙරොයින් ජාවාරම සිදු කරමින් සිටී.ඒ අතරේම අම්බලන්ගොඩ නගරයේ ව්‍යාපාරිකයන්ට මරණ තර්ජනය කර කප්පම් ගැනීමේද නිරතව සිටින බව බුද්ධි සේවා වාර්තා කර තිබේ
3. ආඳාදොළ අසිත නොහොත් දෙළා
අම්බලන්ගොඩ පොලී විකුම් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ සැකකරු වේ.මොහු දසන් මානවඩු ගේ කල්ලියට සම්බන්ධ අපරාධකරුවෙකි
4.ඌරගහ දිනූ
ඉඳුරුව ප්‍රදේශයේදී සමන් පෙරේරා හට විදේශිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කරන ලදැයි බළපිටිය අධිකරණයේ මොහුට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතී
සාජා පොලීසිය අත් අඩංගුවට ගත් මේ පාතාල ක්‍රියාකාරිකයන් හතර දෙනාගෙන් "ඌරගහ දිනූ" නැමැති අපරාධකරු මේ වන විටත් අත් අඩංගුවෙන් මුදා හැර ඇති බව වාර්තා වේ
මෙම අපරාධකරුවන් සතර දෙනාම කොස්ගොඩ සුජී ගේ උදව් උපකාර යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටින අතර ඔහු විසින් මෙරට සිදු කරමින් තිබෙන හෙරොයින් ජාවාරමට හා මිනිස් ඝාතනවලටද සම්බන්ධ වී සිටී.
කොස්ගොඩ සුජී සම්බන්ධව මෙරට පොලීසියේ බොහෝ ඡ්‍යෙෂ්ඨයන් රාජකාරි කරන්නේ නොදන්නා ගානටය. අම්බලන්ගොඩ බලපිටිය කොස්ගොඩ ප්‍රදේශවල ඔහුගේ හිමිකාරිත්වය යටතේ පවතින දේපොළ පිළිබඳව අවස්ථා ගණනවකදී විවිධ බුද්ධි අංශ මගින් වාර්තා කර ඇතත් පොළීසියේ අදාල අංශවල ඡ්‍යෙෂ්ඨයන් ඒ පිළිබදව කිසිදු අවධානයක් නොදක්වන බවද වාර්තා වේ.
සාජා පොළීසිය මගින් අත් අඩංගුවට ගත් මෙි සැකකරුවන් සම්බන්ධයෙන්ද පොලීසිය නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරමින් තිබේ.ඒ කොස්ගොඩ සුජී ගේ මැදිහත් වීම නිසා බවද අනාවරණය වෙි.
පොලීසිය බාර අමාත්‍ය වරුන් දෙදෙනාටද කොලය වසා පොලිස් ලොක්කන් විසින් පාතාල නායකයන් සමග සිඳු කරන මහා පරිමාණයේ ගනුදෙනු නිසා අත් අඩංගුවට ගෙන සිටින මේ සැකකරුවන්ද තව දින කිහිපයකදී මුදා හරිනු ඇත. මෙහිදී අපට වාර්තා වන තොරතුරු වලට අනුව නම්විදේශගතව සිට අත් අඩංගුවට පත්ව මෙරටට ගෙන එන ඇතැම් පාතාල ක්‍රියාකාරිකයන් මෙරටට ගෙන ඒමට පොලිස් ඡ්‍යෙෂ්ඨයන් මහත් උනන්දුවක් දක්වන රගපෑම් වල යටි පෙලින් හෙළිවන්නේ ඒ සිදුවීම් වන්නේද අත යට ගණුදෙනු වලට බවය.
පාතාල කල්ලි අතර ඇතිවී තිබෙන ගැටුම් මෙහෙයවන නායකයන් පොලීසියේ බොහෝ ඡ්‍යෙෂ්ඨයන්ට මුදල් අල්ලස් දී තමන්ට එරෙහිව පාතාල ක්‍රියාකාරිකයන් පාවා දෙමින් සිටින බවද පොලීසිය අත් අඩංගුවට ගැනීමේ ජවනිකාව ඒ ලැබෙන මුදල් තොගයේ බරට අනුව සැළසුම් කරන බවද තහවුරු වී තිබේ.
දැනට සාජා පොලීසියේ අත් අඩංගුවේ සිටින මේ පාතාල ක්‍රියාකාරිකයන් ලංකාවට ගෙන ඒමට පොලීසිය මැදිහත් නොවන බවද අපට විශ්වාසය.ඒ මන්ද යත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල නොලත් පොලිස්පතිවරයා කොස්ගොඩ සුජී නිසාය.
.jpg)
Comments
Post a Comment