නීතිපති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අමුඩයත් ගලවලා
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියා 2022 වසරේදී ඝාතනය කිරීම සම්බන්ධව ගම්පහ මහාධිකරණයේ පැවැති නඩු විභාගයෙන් අනතුරුව පසුගිය පෙබරවාරි 12 දින ලබා දෙන ලද තීන්දුවට අනුව චුදිතයන් 12 දෙනෙකුට මරණ දඩුවම හිමි වුන අතර තවත් චුදිතයන් හතර දෙනෙකුට වසර පහකට අත් හිටවූ දඩුවම් ලබා දෙන ලදී.
මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර ගේ සභාපතිත්වයෙන් යුතු වූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකින් මෙම නඩුව විභාග කළ අතර රශ්ම් සිංගප්පුලි හා රශන්ත එගොඩගේ යන මහාධිකරණ ව්නිසුරු වරුන් අනෙකුත් සාමාජික විනිසුරුවරුන් විය.මෙම නඩුවේ තීන්දුව ලබා දෙන ලද්දේ බෙදුනු තීන්දුවක් ලෙසටය.එහිදී සභාපති විනිසුරු වරයාගේ තීන්දුවේ සඳහන් වී තිබුණේ නඩුවේ සියළු චුදිතයන් නිදොස් කර නිදහස් කරන බවය.
එහෙත් ත්‍රිපුද්ගල මහාධිකරණයේ අනෙකුත් සාමාජික විනිසුරු වරුන් දෙදෙනා තීන්දු කළ පරිදි චුදිතයන් 12 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම විය.
එම තීන්දුව අනුව නිදහස් කෙරුණ චුදිතයන් ගණන 25 දෙනෙකි.
එලෙස නිදහස් කළ විත්තිකරුවන් ගේ ඥාතීන් සමග අමාත්‍ය හර්ෂණ නානායක්කාර ,අමාත්‍ය සුනිල් වටගල ,
නියෝජ්‍ය අමාත්‍ය එරංඟ ගුණසේකර, නීතිඥ මනෝජ් නානායක්කාර පසුගියදා සිදු කරන ලද සාකච්ඡාවකදී එම නඩුවෙන් නිදහස් වූ විත්තිකරුවන්ට එරෙහිව අභියාචනයක් නොකරන බවට නිශ්චිත තීන්දුවකට එළඹ තිබුණි.
එහෙත් අද දින වාර්තා වූයේ එම නඩුවෙන් නිදහස් කරන ලද විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවය.
එම ප්‍රවෘත්තියෙන් අනාවරණය වන පරිදි නීතිපතිවරයා විසින් මේ අභියාචනය ඉදිරිපත් කර ඇත්තේ නඩුවෙන් නිදහස් කරන ලද විත්තිකරුවන්ට එරෙහිව නැවත නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට ඔවුන්ගේ ඥාතීන් හට ආණ්ඩුවේ ඇමතිවරුන් විසින් දුන් නිශ්චිත පොරොන්දුව තඹ දොයිතුවකට ගණන් නොගෙන බව පෙනී යයි.එය කෙටියෙන් සඳහන් කරතොත් පැවසිය හැක්කේ නීතිපතිවරයා එම ඇමතිවරුන්ගේ අමුඩයත් ගලවා දමා ඇති බවය.
.jpg)
Comments
Post a Comment