දෙමටගොඩ රුවන්ට ඇප ගැනීමට ලක්ෂ 150 ක් ගැනීමේ නඩුවක විත්තිකරුවකු ලෙස දුමින්ද සිල්වා නම් කරයි
මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙමටගොඩ රුවන් නැමති සැකකරු බන්ධනාගාරගතව සිටියදී ඔහුට ඇප ලබා දීම සඳහා රුපියල් ලක්ෂ එකසිය පනහක මුදලක් ඉල්ලා ගන්නා ලදැයි කියන විමර්ශනයකට අදාලව සැකකරුවකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිආර්.දුමින්ද සිල්වා නම් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම හමුවේ කරුණු දැක්වූ අල්ලස් හෝ දූෂණ කොමිෂම පසුගියදා (03) පැවසීය.
අයථා මුදල් ඉපැයීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටි දෙමටගොඩ රුවන්
නැමති සැකකරුට ඇප ලබා ගැනීමට උදව් කිරීම සඳහා මෙලෙස මුදල් ලබා ගත් කියන විමර්ශනයකට අනුව මෙලෙස ඔහු සැකකරුවෙක් ලෙස නම් කෙරිණි.මේ
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිෂම මගින් අත් අඩංගුවට ගත් මොහොමඩ් මොහොදීන් සෆ්රාස් නවාස් නැමති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ කොමිෂම වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දුමින්ද සිල්වා යන අයද මේ නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන බව අධිකරණයට දැනුම් දෙන ලදී.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් සිඳු කරන ලද පැමිණිල්ලකට අනුව දෙමටගොඩ රුවන් යන විත්තිකරු රහස් පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බවත් ඒ අවස්ථාවේදී ඔහුට ඇප ලබා ගැනීමට උදව් කිරීම සඳහා දෙමටගොඩ රුවන් ගේ පුත්‍රයා වන තරිඳු නැමති අයගෙන් අල්ලස් මුදලක් ලබා ගන්නා ලදැයි පැවසෙන පැමිණිල්ලකට අනුව මේ විමර්ශන සිඳු කළ බව අල්ලස් හෝ දූෂණ කොමිෂම අදිකරණයට දන්වා සිටියේය.
මේ නඩුවේ පැමිණිලි කරුවන්නේ දෙමටගොඩ රුවන්ගේ පුත්‍රයා වන තරිඳුය.
පැමිණිකාර තරිඳු සිය පියාට ඇප ලබා ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හමුවී ඇති බවත් එහිදී ඔහු
මේ නඩුවේ සැකකරු වන මොහොමඩ් මොහිදීන් සෆ්රාස් හමුවන ලෙසට උපදෙස් ඇති බවත් ඒ අනුව පැමිණිලිකාර තරිදු අදාල සැකකරු හමුවී එම මුදල් ලබා දී ඇතැයිද මෙහිදී අල්ලස් හෝ දූෂණ කොමිෂම අධිකරණය වෙත අනාවරණය කෙරුවේය.
.png)
Comments
Post a Comment