පොලීසියේ දූෂිතයන් ගේ යුනිෆෝම් ගැලවේ
ගෙවී ගිය 2024 සිට 2025 කාලය තුළ විවිධ විෂමාචරයන් හා විනය විරෝධීව කටයුතු කරන ලද පොලිස් නිළධාරීන් 604 දෙනෙකුගේ වැඩ තහනම් කර 79 දෙනෙකුගේ සේවයෙන් පහ කිරීමට කටයුතු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරුවේය.
පොළිස් නිළධාරීන්ගේ විනය පවත්වාගෙන යාම සඳහා රජය මගින් ක්‍රියා මාර්ග රැසක් ගෙන ඇති අතර පොලිස් නිළධාරීන් සිඳු කරන දූෂණ හා අක්‍රමිකතාවන් පිළිිබඳව පොලිස්පතිවරයාට හා මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත සෘජුව පැමිණිලි කිරීමට මහජනතාවට දැනුම් දීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට දිවයින පුරා පොලිස් ස්ථාන 608 ක් ඇති බවද,පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන පොලිස් නිළධාරීන් සංඛ්‍යාව 79782 ක් බවද මෙහිදී අමාත්‍යවරයා හෙළි කෙරුවේය.
පසුගිය කාලයේ අපරාධ මර්දන මෙහෙයුම් මගින් පොලීසිය මගින් මේ වන විට වෙඩික්කරුවන් 22 ක් ,පැදිකරුවන් 14 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 57 ක් ඇතුළු සැකකරුවන් 315 දෙනෙකු 2024 අත් අඩංගුවට ගෙන ඇති බවද 2025 වසරේදී අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 408 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඇමතිවරයා අනාවරණය කෙරුවේය.

Comments
Post a Comment