හිටපු ජනපතිවරුන්ට රජයේ මුදල් වෙන් කරනවාට විරුද්ධ ජවිපෙ මන්ත්‍රීවරුන් තුන්දෙනා විතරයි
හිටපු ජනපතිවරුන් සඳහා ජනපති වැය ශීර්ෂයෙන් මුදල් වෙන් කිරීම පිළිබඳව විරෝධය පල කළ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර අද (22)පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.එම යෝජනාව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ගෙන ආවේ ජනපති වරයාගේ වැය ශීර්ෂය යටතේ ඇති හිටපු ජනපති වරුන් සඳහා වූ වැය ශීර්ෂය සඳහාය.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු ජනපති නන්දසේන රටේ ආර්ථිකය බංකොලොත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දී ඇති නමුත් ජනපතිවරයාගේ මෙවර වැය ශීර්ෂයේ 1,1,3 වැය ශීර්ෂය යටතේ 2023 අවුරුද්දේ රුපියල් මිලියන 84 කුත් 2024 වර්ෂය සඳහා රුපියල් මිලියන 110 කුත් වෙන් කර ඇති බවත් මෙහිදී පෙන්වා දුන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එම වැය ශීර්ෂයට ඡන්දයක් අවශ්‍ය බව සඳහන් කළේය.ඒ අනුව එම වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 62 ක්ද විරුද්ධව ඡන්ද 03 ක්ද ලැබී තිබූ අතර ඊට විරුද්ධවඡන්ද ප්‍රකාශ කරන ලද්දේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තුන්දෙනා පමණක් වීම විශේෂය.එම යෝජනාව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සභාවට ගෙන එන විට සමගි ජන බලවේගය නියෝජනය කරන එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සභා ගර්භයේ සිටියද ඡන්දය විමස අවස්ථාවේ ඔවුන් සියළුම දෙනා සභාවෙන් පිටව ගොස් තිබුණි.
Comments
Post a Comment