නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් මහා මුල්‍ය වංචාකාරයෙක් බව හෙළිවේ

 


 ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය වන ICIJ වෙතින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව ටිරාන් අලස් අමාත්‍යවරයා විසින් අක් වෙරළ සමාගම් වල ඩොලර් බිලියන 42 ක් ආයෝජනය කර ඇති බව අනාවරණ වී තිබේ.ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය මීට පෙර 2013 ,2016 හා 2021 වර්ෂවලදීත් පැනමා පේපර්ස් සහ පැන්ඩෝරා පේපර්ස් ලෙස ඔවුන් සිඳු කළ ගවේෂණ වාර්තා ප්‍රකාශය⁣ට පත් කරන ලදී.මෙහිදී  අක් වෙරළ සමාගම් අට ලක්ෂ දස දහසක් ඔවුන්ගේ විමර්ෂනයට ලක් කරන ලද බව පැවසේ.ඒ සඳහා රටවල් 200කට අයත් ලිපි ගොනු මිලියන 11.9ක්ද රටවල් 100 ක මාධ්‍යවේදීන් 280 දෙනෙකුද දායක කරගෙන තිබේ.මේ සඳහා දායක වූ මාධ්‍ය ආයතන අතර එක්සත් ජනපදයේ වොෂිංටන් පෝස්ට් ,බ්‍රිතාන්‍යයේ ද ගාර්ඩියන්,බීබීසී, සහ ජර්මනියේ WDR NDR වේ.ලෝකයේ කීර්තිමත් මාධ්‍ය ආයතනද සම්බන්ධවී සිඳු කරන ලද විමර්ශනයක වාර්තා සිල්ලර වාර්තා ලෙස නොතකා හැරිය නොහැකිය.


මීට පෙර නිරූපමා රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් සිඳු කරන ලද ඩොලර් මිලියන 160ක විදේශ වංචාවන් සම්බන්ධ තොරතුරුද අනාවරණය කරන ලද්දේ මේ ආයතනනයයි .එම සිද්ධිය වාර්තා වීමෙන් පසුව මිල්ටෙරි නන්දසේන විසින් ඒ ගැන සොයා බලා වාර්තා කරන ලෙසට කොමිසමක් පවා පත් කරන ලදී.එහෙත් මේ වන විටත් ඒ කොමිසම සොයා ගත් තොරතුරක් ගැන  වාර්තා වී නැත. 

කෙසේ වෙතත් එම සංවිධානයේ නවතම හෙලිදරව් කිරීම් අතරේ ඇත්තේ ටිරාන් අලස් අමාත්‍යවරයා 2017 ජුලි මාසයේ සිට බැන්හැම් චෙන්චර්ස් හා බ්‍රොමිටන් ප්‍රොෆටීස් යන සමාගම් දෙක හරහා බ්‍රිටිෂ් වර්ජින් දූපත්වල ආයෝජනය කළ බවට සම්බන්ධ තොරතුරු වේ.

මෙම තොරතුරු අනාවරණය වීමෙන් පසුව ටිරාන් අලස් ඇමතිවරයා ඒ පිළිබඳව ප්‍රතිචාර දැක්වීමක් මෙතෙක් කර නැත.එහෙත් මේ පිළිබඳව 
ද අයිලන්ඩ් පුවත්පතේ වාර්තාවක් පල වීමෙන් පසුව ටිරාන් අලස් පවසා ඇත්තේ මේ ආකාරයේ විනිමය වංචා ගැන අනෙක් බොහෝ අ⁣යගේ නම් සඳහන් වෙන නමුත් තමන්ට පමණක් මෙහිදී චෝදනා කරන බවය.ඔහුගේ එම ප්‍රකාශයෙන් තමන්ගේ නිර්දොෂී බව ගැන කිසිදු සඳහනක් කර නැත.ඔහු එහිදී එම චෝදනාව අනියමින් පිළිගෙන ඇති බව ඉන් තහවුරු කර ගත හැකිය.

ඒ සමගම ඔහු මෑතකදී පොලිස් නිළධාරීන් සඳහා පැවති රැස්වීමකදී ප්‍රකාශ කරන ලද්දේ තමන්ට හරක් කටා අත් අඩංගුවෙන් මුදා හරින ලෙසට කෝටි ගනනක අල්ලසක් දීමට ව්‍යාපාරිකයකු සූදානම් වූ බවත් මේ වන විට ඔහු ඝාතනය වී ඇති බවත්ය.එම ව්‍යාපාරිකයාගේ ඝාතනයට විශේෂ කාර්ය බලකාය සම්බන්ධ වී ඇති බවට ජාතික බුද්ධි සේවා වාර්තා වලින් පැවසේ.ඒ නිසා ටිරාන් අලස් අල්ලස ⁣ලබා ගෙන එම සාක්ෂිය මකා දැමූ බවට  අපට ඇත්තේ බරපතල සැකයකි.

ටිරාන් අලස් ඇමතිවරයා සිලොන් නිවුස් පේපර් ප්‍රයිවෙට් ලිමිටඩ් නමින් හැඳින්වෙන ඔහුගේ පත්තර සමාගම උකසට තබා ලංකා බැංකුවෙන් කෝටි 237 ක් ලබා ගෙන තිබේ.2021 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට ලංකා බැංකුවෙන් ලබා ගත් කෝටි 152 ක ණය මුදල ණය නොගෙවා පැහැර හරින සමාගමක් ලෙස ලේඛන ගත විය.එය එසේ තිබියදී කෝවිඩ් උවදුර නිසා ණය ලබා ගෙන සිටි සමාගම් සදහා ලබා දුන් moratorium පහසුකම යටතේ එම ණය වාරික නොගෙවා සිටීමේ පහසුකම ලංකා බැංකුව ටිරාන් අලස්ටද ලබා දෙන ලදී.
2021 අප්‍රේල් වන විට ණය වශයෙන් තිබූ මිලියන 1520 න් සියයට අනූවක් ආවරනය කිරීම සඳහා පමණක් ප්‍රමාණවත් ජාඇල පිහිටි දේපොලක් සහ කොළඹ රොස්මීඩ් පෙදෙසේ දේපොලක් ණය සැරකුම් වශයෙන් ඔහු ලංකා බැංකුවට ලබා දී තිබුණි.එහෙත් ටිරාන් අලස් තව දුරටත් තමන්ට මුල්‍ය පහසුකම් සලසන ලෙස ලංකා බැංකු⁣ව වෙතට බලපෑම් කරන ලදී.ඔහු⁣ගේ ඉල්ලීම් ඉටු කිරීමට අකමැති වූ ලංකා බැංකුවේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුට රාජපක්ෂ පවුලේ බලපෑම් නිසා ඉල්ලා අස්වීමට පවා සිඳුවිය.⁣මෙහිදී ලංකා බැංකුවේ ප්‍රධාන තක්සේරු නිළධාරියා ටිරාන් අලස්⁣ ගේ හිමිකාරිත්වය පවතින සමාගම⁣ට තවදුරටත් ණය ලබා නොදිය යුතු බවට නිර්දේශ කර තිබුණි.එහෙත් අගමැති මහින්ද රාජපක්ෂගේ හා ජනපකිවරයාගේ මැදිහත් වීමෙන් ලංකා බැංකුවේ සභාපතිවරයා ගේ උපකාරයෙන් ටිරාන් අලස් හට තවත් කෝටි 85 ක් ණයක් ලබා ගැනීමට හැකි විය.එම අලුත් ණය මුදල සඳහා ඇපකර වශයෙන් යොදා ගන්නා ලද්දේ මවුබිම සමාගමට අයත් පැරණි මුද්‍රණ යන්ත්‍ර සඳහා ව්‍යාජ තක්සේරු වටිනාකමක් ඉදිරිපත් කරමිනි.එහි ඉතිරි වටිනාකම සඳහා ඇප වශයෙන් තබා ඇත්තේ NDB බැංකුව වෙතින් ලබා ගත් ණයක් සඳහා ඇපකරයක් වශයෙන් තබා තිබූ ආරවුල් සහිත ඉඩමකි.NDB බැංකුව වෙතින් එම ඉඩම ඇපයට තබා ණය මුදල ලබා ගැනීමට යාමේදී එහි පෙලපත පිරිසිදු නොමැති වීම  නිසා සෙලින්කෝ රක්ෂණ සමාගම මගින් TITLE INSURANCE කර තිබේ.ණය මුදල ලබා ගැනීමේදී NDB බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ අනුමැතියක් පවා ලබා දී ඇත.ලංකා බැංකුව රුපියල් මිලියන 465 ක ණය මුදලක ඇපකරය ලෙස පිළිගෙන ඇත්තේද එම ඉඩමය.

ටිරාන් අලස්ට එම ණය මුදල් ලබා දීම සඳහා  ලංකා බැංකුවේ සභාපතිවරයා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ අනුමැතිය ලබා ගෙන ඇත්තේ හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන නියෝග කළ බව සඳහන් කරමිනි.   

මෙරට නීතිය හා සාමය පිළිබඳව කයිවාරු ගසන්නේ මෙවැනි අති විශාල මුල්‍ය වංචා වලට සම්බන්ධවී සිටින වංචාකාරයෙකි.ටිරාන් අලස් සිදු කර ඇති මුල්‍ය වංචා පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිම නියෝජිතයකු හීන් කෙඳිරියක්වත් නොනැගීම  පුදුම සහගතය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ටිරාන් අයියා අතර ඇත්තේද සහෝදර ප්‍රේමයකි.සමහර විට  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තමාගේ ටිරාන්  අයියාගේ සිත රිදවන්නට බැරි කමක සිටිනවා වෙන්නට පුළුවන.ජවිපෙ නායකයන් හා ටිරාන් අලස් අතීසාර මිත්‍රයන් බවටද සමාජය වි⁣සින් චෝදනා කෙරේ. එය එසේ වන්නේ නම් මිතුරු තොමෝ බිතු සිතුවම් මෙන් කිසිදා පිටු නොපාවතී යැයි කියවෙන වදන අපට සිහිපත් කළ හැකිය.


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්