අළුත්කඩේ අසූචි වලින් රනිල් වික්‍රමසිංහ ඇඹරූ රාජපක්ෂ කුජීත ගුලිය මෙන්න මෙහෙමය

 


  • ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කෙරුවේය.එහිදී ඔහු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඔහුගේ මිත්‍රයෙකුට කළ ඉල්ලීමක් පිළිබඳව කළ සඳහනක් සිහිපත් මෙසේ පැවසීය

    "..නාමල් මන්ත්‍රීතුමා මගේ මිත්‍රයෙකුට පවසල තියෙනවා රොෂාන් අයියට කියන්න කියල රනිල් කියන්නෙ නයෙක් ඒ හන්ද ප්‍රවේශම් වෙලා ඉන්නය කියල.."

    රොෂාන් රණසිංහ ගේ එම ප්‍රකාශය නාමල් මන්ත්‍රීවරයා විසින් ප්‍රතික්ෂේප කෙරිිිණි

    ඒ ප්‍රතික්⁣ෂේපය අප⁣ට අදාල නැත්තේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කෙරුවාව ගැන අප ඒටු ඉසෙඩ් දන්නා නිසාය.

    සත්‍ය වශයෙන්ම රනිල් වික්‍රමසිංහ යනු නයෙකි.ජනප්‍රවාදයේ තිබෙන්නේ නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා කියාය.රනිල් වික්‍රමසිංහද තමන්ට වරදක් කළ අයෙකු පිළිබඳව ජන්මාන්තර වෛරය හිතේ තියාගෙන සිට අවස්ථාවක් ලද විගස ඒ තැනැත්තාට කොනිත්තා⁣ හෝ සතුටක් ලබන උන්මාදයක් ඇති අයෙකි.

    කලු ලකී හා ගෝනවල සුනිල් ලවා විනිසුරුවන්ගේ නිල නිවාස වලට ගල් ගැස්සුවේ රනිල් වික්‍රමසිංහය.බටලන්ද වදකාගාරයේ තරුණයන්ට දස වද දෙන විට ඔවුන් වේදනාවෙන් මොර දෙන හඬ අසා සතුටක් ලැබුවේද මේ රනිල් මය.
    තමන්ට එරෙහිව සිටි අයකු දඬුවමක් දෙන්නට නොහැකි නම් ඔහු තමන්ගේ ජංගිහෝදන තරමේ වහලෙකු කරගන්නටද රනිල් සූක්ෂමය.වික්ටර් අයිවන්ලා සමන් රත්නප්‍රියලා රජිත කීර්ති තෙන්කෝන්(මං යන් ගවනර්)වැනි සිල්ලර කෂඩයන්  අද රනිල් ගේ  ගෝපයියන් වී සිටින්නේ ඒ ආනුභාවයෙනි.

    අප මේ ලියන ප්‍රවෘත්තිය අපට කිව්වේ අළුත්කඩේ මහ උසා⁣වියේ නඩුකාර උන්නාන්සේ කෙනෙකි.ඒ නිසා මේ තොරතුර එල කිරි ඇත්ත බවට අපට සහතිකයක් තිබේ.

    පහුගිය දිනවල රනිල් වික්‍රමසිංහ සිතා ගෙන හිටියේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු සෙට් එකම තමන්ට පුල් සපෝට් එක  දෙනු ඇති බවටය.එහෙත් ජනපතිවීමෙන් ටික දවසක් යද්දී රනිල් වික්‍රමසිංහට වැඩේ කොස්සක් ඇති බව දැනුනි.රාජපක්ෂ පවුලේ ඇත්තන් සිටින්නේ බළලුන් ලවා   කොස් ඇට බාවන් සීන්  එකක බව රනිල් වික්‍රමසිංහට වැටහුනි.පොහොට්ටුව මන්ත්‍රීවරුන් කොටසක් බිලි බා ගැනීමේ මෙහෙයුමක් ඇරඹුනේ ඉන්පසුවය.

     වැඩේ බාර දුන්නේ කුඩු ලන්සාටය.ලන්සා තමන් බාර ගත් කොන්ත්‍රාතුව ඉෂ්ට කරන්නට පුක ඉරාගෙන දැඟලුවද පොදුජන පෙරමුනේ ඇතැම් මන්ත්‍රීවරු ලන්සාගේ නායකත්වය පිළිගන්න⁣ට සූදානමක් නොතිබුණි.ඒ මන්ද යත් .කුඩු ලන්සා ගේ පැටිකිරිය රටේ ජනතාව දන්නා නිසාය.

    අයවැය කතන්දරය ආවේ ඒ අස්සේය.පොදුජන පෙරමුණේ රාජපක්ෂ වහල් මන්ත්‍රී කණ්ඩායමේ අදහස වී තිබු⁣ණේ ජනපතිවරයාට රිදෙන්නට මොනවා හරි කරන්නට ඕනෑ බවය.මේ කණ්ඩායම තුළ අය වැයේ ඇතැම් වැය ශීර්ෂ පැරදවීමට කුමන්ත්‍රණ සැලසුමක්  තිබුණි.දෙපැත් නයි නාමල් මන්ත්‍රීවරයාද බැසිල් රාජපක්ෂ විසින් ඒ සැලසුම අනුමත කෙරිණි.

    ඒ අතරේ සාගල රත්නායකට එරෙහිව ප්‍රහාරයක් එල්ල කිරීමට රොෂාන් රණසිංහ යොදා ගැනිනි.ඒ සඳහා රොෂාන් රණසිංහ⁣ට අඩුම කුඩුම සපයන ලද්දේ වජිර අබේවර්ධන හා රවි කරුණානායකය. ක්‍රිකට් ආරවුල රට පුරා ගින්නක් ලෙස ඇවිලෙනු ඇතැයි පොදු ජන පෙරමු⁣ණේ රාජපක්ෂ වහළුන්ද වජිර අබේවර්ධන කණ්ඩායමද අපේක්ෂාව විය.එහෙත් රටේ ජනතාව ඒ ආරවුල පඩේකට ගනන් නොගත් බව පැහැදිලිය.

    රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා අන්තිම තුරුම්බුව පිටියට දැම්මේ ඉන් අනතුරුවය.අපට අලුත්කඩේ මහ උසාවියේ නඩුකාර ලොක්කා පැවසුවේ ඒ සිද්ධ වෙච්ච දේ ගැනය.

    මේ කතාවට තව අරළු බුළු නෙල්ලි ටිකක් එකතු කළ යුතුමය.ඒ මෙහෙමය.
    යහ පාලනයේ ජනපතිවරයා වශයෙන් ආප්ප සිරිසේන පත් වූ විගස එවකට සිටි අග විනිසුරු පැමිණ ඔහු හමුවී තිබේ.

    එසේ පැමිණි අගව්නිසුරුවරයා ජනපති ආප්ප සිරිසේනගෙන් ඉල්ලා ඇත්තේ සර් මම සර්ට ඕන විදියට නඩු තීන්දු දෙන්නම් ඒ නිසා මට තවදුරටත් මේ තනතුරේ ඉන්න දෙන්න  කියාය. 

    මේ ස්ටෝරිය රටට ප්‍රසිද්ධියේ  පැවසුවේද ජනපති ආප්ප සිරිසේනමය.
    ඒ නිසා ඒ ස්ටෝරිය අතේ රෝලක් නොවන බවද ස්ථිරය.

    හිටපු අගවිනිසුරුගේ මේ නිවට ඉල්ලීමෙන් අපට අළුත්කඩේ වැසිකිලිය ගැන අදහසක් ගන්නට පුළුවන.

    ආප්ප සිරිසේන ජනපති කමෙන් පරාද වූවාට  අළුත්කඩේ වැසිකිලිය සුද්ධ පවිත්තර වුනේ නැත.තවමත් තියෙන්නේ පරන ගූ බෙටිය.ඉතින් රනිල් වික්‍රමසිංහට මේ වැසිකිලිය අස්සේ තියෙන අසූචි වලින් තමන්ට ඕන හැඩයේ නඩුකාරයෙක් හදාගන්නා එක හරිම සිම්පල්ය.දැන් වැඩේ වෙන්නේත් එහෙමය.දැන් ඉන්න අග විනිසුරුවාගේ පරන කැරැ⁣ට්ටු ටික කියෙව්වාම කෙරුවාව කොහොමද කියා දන්නා කියන උන්ට අමුතුවෙන් කියා දෙන්නට ඕනෑ නැත.

    රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පවුලේ දේශපාලනය කුල්ල කුජීත වෙන්නට ගේම සෙට් කෙරුවේ අගවිනිසුරු බඩුව එක්කය.අපට අර විනිසුරු ලොක්කා කිව්වේ ඒ කුමන්ත්‍රණය ගැනය.

    රාජපක්ෂ පවුලේ වුන් රට බංකොලොත් කරා කියා තීන්දුවක් දෙන්නට අගවිනිසුරු ඇතුළු සෙට් එක හීනෙකින්වත් හිතා ගෙන සිටියේ නැත.එහෙත් රනිල් වික්‍රමසිංහ ගේ ගේ නියෝගය⁣ට පිටු පාන්නට මේ නඩුකාර සෙට් එකට බැරි විය.බැසිල් රාජපක්ෂගේ ලෝයර් වී සිටි නඩුකාර පඹයා අත හැර අනික් වුන්ට තග දාන්නට රනිල් වික්‍රමසිංහට පුළුවන් විය.
    රාජපක්ෂ පවුලේ වුන් රට බංකොලොත් කර බවට තීන්දුව ආවේ එහෙමය.

    දැන් පොදුජන පෙරමුණේ වුන්ට යන එන මං නැත.විශේෂයෙන් මේ තීන්දුවෙන් අංඥකොරොස් වී ගියේ ප්‍රාදේශීය සභා නගර සභා නියෝජනය කළ සිල්ලර හාල් කෑලිය.මේ තීන්දුව නිසා උන් හි⁣ටියේ ඇඳ ගෙන සිටි රෙද්ද උස්සා මූණ වසාගෙනය.

    රනිල් වික්‍රමසිංහ ෆෝම් වුනේ එතැන් සිටය.දැන් අර ගම්වල  අනාත නාත වී සිටි  පොදුජන පෙරමුනේ සිල්ලර කෑලි කැඳවා රැස්වීම් පවත්වමින් සිටී.ඊයේ පෙරේදා මාතලේ ඒ රැස්වීම පැවැත්විනි.හෙට අනිද්දා වෙන විට රට පුරාම රනිල් ව්ක්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඒ රැස්වීම් පැවැත්වෙනු ඇත.දැන් නාමල් රාජපක්ෂට ඉණට අත දෙක තියාගෙන හූල්ල හූල්ලා  බලා ගෙන ඉන්නට පුළුවන.ඕනෑ නම් තනියට පැල්කවි කියන්නට රත්තරං රෝහිතත් කසිප්පු ජොනීත් දෙපැත්තේ තියාගන්නටත් පුළුවන.

    රනිල් වික්‍රමසිංහ නයෙක් කියන්නේ ඒ නිසාය.  දැන් රාජපක්ෂ වරුන්ට කියන්නට ඇත්තේ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ   කියා පමණය.වෙන කරන්නට ලබුවක් නැත.
      

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්