ක්‍රිකට් නාඩගම ජාවාරම්කරුවන්ගේ නාටකයකි
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිෂ්පාදනය කළ ක්‍රිකට් නාඩගමේ විවේක කාලයෙදී අයිසීසිය මෙරටට ක්‍රිකට් තහනමක් පනවා තිබේ.මෙරට ක්‍රිකට් සංඟමයේ ලේකම් ෂම්මි සිල්වා හා රොෂාන් රණසිංහලා එකම වල්ලේ පොල්ය.මේ ආරවුල සැබෑවටම සිද්ධ වූයේ මුදල් ගණුදෙනු පිළිබඳ ප්‍රශ්ණයක් නිසා මිස ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආදරය නිසා නොවේ.රොෂාන් රණසිංහ ෂම්මි ඇතුළු කණ්ඩායම ගැන හොයන්නට පත් කළ අතුරු කමිටුව තුළ සිටින්නේද රනිල් හාමු ගේ සුරතලුන්ය.
ඒ අතරේ හිච්චි විජේදාස ,ජමල්දීන් ,අර්ජුන රණතුංග ඇතුළුව විශ්‍රාමික විනිසුරුවරයකු හා විනිසුරුවරියන් දෙදෙනෙකු සිටී.බිමට සමතාලා වී තිබෙන මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත උඩට එසවිය හැක්කේ අර්ජුන රණතුංගට පමණය යන්න මේ අර්බුදය ඇතුලේ කියවීමක් තිබේ.අර්ජුන රණතුංග යනු සූදු ෂම්මි ගේ පිට පළුවයි.
මොහු දැන් උත්සාහ දරමින් සිටින්නේ ෂම්මිලා රහ විඳි ක්‍රිකට් ඒකාධිකාරය තමන්ගේ සාක්කුවේ දමා ගැනීමටය.අර්ජුන රණතුංග යනු නොම්මරේ එකේ තක්කඩියෙකි.යහපාලන ආණ්ඩුව කාලයෙදී වරාය ඇමතිවරයා ලෙස මොහු කටයුතු කළ ආකාරය ගැන දන්නා අයට නම් අර්ජුනගේ තක්කඩිකම් ගැන අමුතුවෙන් සිහිපත් කළයුතු නැත.රොෂාන් රණසිංහට ක්‍රිකටි ගැන මේ හදිසියේ පණු අමාරුවක් ඇති වූයේ මානසික ආබාධිතයකු ගේ අනාවැකියකින් පසුව බවද දැන ගැන්මට තිබේ.ඒ මෙරට ජනපතිවරයා වීමට තරමට රොෂාන් රණසිංහගේ කේන්දරය බලවත් බව කියවෙන අනාවැකියකි.ඒ ආරංචිය සත්‍යයද නැද්ද යන්න අපහට තහවුරු වී නැතත් පාර්ලිමේන්තුවේ බොහෝ ගොබ්බයන් දේශපාලන තීන්දු තීරණ ගන්නේ ගුරුකම් කාරයන්ගේ අනාවැකි පිළිබඳව විශ්වාස කරමින් බව අප හට අත්දැකීමෙන්ම වැටහීමක් තිබේ.ඕනෑ නම් ඒ සඳහා උදාහරණද බොහෝය.සමෘද්ධ් ජගත් මන්ත්‍රීවරයා ගේ දකුණු අත බැඳ ඇති නූල් කෑලි කිලෝ ගනනටය.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය විද්‍යාත්මක මාක්ස්වාදය විශ්වාස කරන පක්ෂයකි.එහි උප ලේකම් වරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ගේ අතේ ඇස් වහ නොවදින කොටි ඇස නම් වල්ලලකි.මේ වලල්ල පැළඳීම ඇරඹුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂය.
ඉන් අනතුරුව සිය රාජපක්ෂ වහල් බව සළකුණු කිරීම සඳහා බොහෝ මන්ත්‍රීවරු මේ පළඳනාව පැළඳ ගත්හ.වීරසුමන වීරසිංහද ඉන් එකෙකි.කෝවිඩ් සමයේදී එම වසංගතය වැලැක්වීම සඳහා බැස යන ගංඟා වලට ගුරුකම් මුට්ටි අතහැරියේ ඒ දිනවල සෞඛ්‍ය ඇමතිනිය වූ පවිත්‍රා වන්නිආරචිය.අනෙකා ගම්මන්පිලය. කට්ටඩි ගුරුකම් වලට වහල් වූ මෙවැනි ගොන් වස්සන් හා වැස්සියන් පාර්ලිමේන්තුවේ එමටය. රොෂාන් රණසිංහට ක්‍රිකට් පණු අමාරුව වැළඳුනේ මේ කට්ටඩි අනාවැකිය නිසා වෙන්ටත් බැරි නැති බව සිතුවත් වැරදි නැත්තේ මේ වටපිටාව ගැන තේරුම් යන විටය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හොර ගුහාවක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.සූදු ෂම්මිගේ ලේකම් වරයා වන ටානිෂ් ඩයස් පොදුරාජ්‍ය මණ්ඩලීය නඩු පැවරීමේ අධ්යක්ෂ කාර්යාලය මගින් අපරාධ නඩු පවරා වැරදිකරුවෙකු වූ අයෙකි.
එහිදී මොහු ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අපරාධකරුවන් 32 දෙදෙනෙකු වරදකරුවන් ලෙස තීන්දු වී දඬුවම් ලැබුවේ මත්ද්‍රව්‍ය පෙති මිලියන 1.2 ක් ප්‍රවාහනය කිරීම,තවත් මත් ද්‍රව්‍ය ආනයනය කිරීම සහ ඩොලර් මිලියන 11 කට වඩා වැඩි මුදලක් විශුද්ධිකිරීම යන චෝදනා වලටය.මෙම මත් ද්‍රව්‍ය තොගය 2007 ජුනි මස 28 වන දින ඉතාලියේ නේපල්ස් සිට මෙලබර්න් වෙත නැව් කන්ටෙනර් මගින් පැමිණිමෙන් පසුව අත් අඩංගුවට ගෙන තිබේ.මේ ජාවාරමට අත් අඩංගුවට ගෙන අධිකරණයේ නීති කෘත්‍යය කොට දඬුවම් ලැබූ තිස් දෙදෙනා අතරේ වර්තමානයේ මෙරට ක්‍රිකට් සංඟමයේ ෂම්මිද සිල්වාගේ ලේකම් ටානිෂ් ඩයස්ද වේ. මේ ටානිෂ් ඩයස් රාජපක්ෂ පවුලේද සමීපතමයෙකි.
මේ වන විට මාධ්‍ය මගින් ප්‍රචාරය වන්නේ රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත්ව සමගි ජන බල වේගයට එක්වන බවය.එහි සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්න තවමත් තහවුරු වී නැත.එහෙත් පසුගිය දින වල රඟ දැක්වූ මේ නාඩගමේ අපූරුම සිඳුවීම වන්නේ මෙරට ක්‍රිකට් ජාවාරම්කරුවන් ගැන කතා කිරීම පසෙක තබා පාර්ලිමේන්තු වාචාලයන් විසාන් ෂම්මිද සිල්වා ආරක්ෂා කරන ලදැයි ජාතික ජන බලවේගයට චෝදනා කිරීමය.මෙය එම නාටකයේ බඩ කොරවෙන තරමේ විහිළුවක් විය.කෙසේ වෙතත් මේ ක්‍රිකට් නාටකය මෙරට සමාජය එතරම් ඇඟට පතට නොගත් බව පෙනෙන්ට තිබුණි.ඒ නිසාම එම නාටකයේ හොඳම නළුවා වීමට සැළසුම් කරගෙන සිටි රනිල් වික්‍රමසිංහට ඒ අවස්ථාව ඉතා අවාසනාවන්ත ලෙස අහිමි වී ගියේය.
Comments
Post a Comment