මහපොළ අරමුදලට දෙයියන්ගේම පිහිටයි -වෙළඳ ඇමතිගේ කල්ල මරේ

 


මහ පොළ ශිෂ්‍යත්ව බාරකාර අරමුදල් පනත අනුව එම අරමුදලේ සභාපතිවරයා ලෙස නිල බලයෙන් අග විනිසුරුවරයා පත් විය යුතුව තිබුණ නමුත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් එම නිල පත් කිරීමේ තත්වය වෙනස් කරන ලදී.ඉන් අනතුරුව අමාත්‍යවරයා විසින් එම තනතුර සඳහා මහා භාණ්ඩාගාරයේ නියෝජිතයකු පත් කිරීමට කටයුතු කෙරිණි.එහිදී එම සංශෝධනය පිළිබඳව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ අග විනිසුරුවරයාගේ කාර්ය බහුල රාජකාරි තත්වය හේතුවෙන් එම සංශෝධනය කළ බවය.

ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා විසින් අරඹන ලද මහපොල අරමුදල සඳහා මෙතෙක් කාලයක් අග විනිසුරුවරයා නිල බලයෙන් පත් කිරීම සිඳු කළ අතර ඒ පත් කිරිම් පිළිබඳව කිසිදු අග විනිසුරුවරයකු චෝදනා කර නැති වටපිටාවක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට හදිසියේ  ඇතිවුන ගාය ගැන සැබෑ⁣ තොරතුරු දැන් අනාවරණය වෙමින් පවතී.

මහ පොළ අරමුදල සදහා වර්ෂිකව අවම වශයෙන් කෝටි 2600ක මුදලක් වෙන් කෙරෙන අතර සාමාන්‍යයෙන් ඉන් ශිෂ්‍යත්ව ගෙවීම් වෙනුවෙන් රුපියල් කෝටි 1160 පමණ වැය කෙරේ.මේ වන විට එම ගිණුමේ ශේෂය කෝටි 1150 ක් පමණ පවතින නමුත් පසුගිය මාස 11 ක් පුරා එම ගිණුම් කටයුතු විගණනයට ලක් කර නැති බව අනාවරණය වේ.

නිල බලයෙන් මෙම අරමුදලේ සභාපතිවරයා ලෙස අග විනිසුරුවරයාගේ පත්වීම වෙනස් කර මහා භාණ්ඩාරයේ නියෝජිතයකු ඒ සඳහා පත් කරන ලද බව සඳහන් කෙරුනද මේ වන විටත් ඒ එම පත් කිරීම සිඳු කර නැත.දැන් මහ පොළ අරමුදලේ සභාපතිවරයා ලෙස වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු කටයුතු කරමින් සිටී.

රජයේ මුදල් රුපියල් මිලියන 39 ක් අවභාවිතා කර සාපරාධී විශ්වාසය කඩ කිරීම පිළිබඳව පොදු දේපොල පනත යටතේ මුල්‍ය අපරාධකරුවකු ලෙස චෝදනා ලද නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල පිළිබඳව වර්තමානයේ ගන්නා ඇතැම් තීන්දු තීරණ ගැන බෙහෝ දෙනෙකු තුළ සැක පහල වී ඇති බව වාර්තා වේ. වෙළඳ අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන මෙම අරමුදලෙන් පික් පොකට් ගැසීම සඳහා එහි සභාපතිවරයා ලෙස අග විනිසුරුගේ පත් වීම සංශෝධනය කළද අමාත්‍ය මණ්ඩල සංශෝධනය නිසා ඔහුට ඒ අවස්ථාව අහිමි විය.එහෙත් ඔහුගෙන් ගිලිහුණ එම අවස්ථාව මුල්‍ය අපරාධ කරුවකු ලෙස චෝදනා ලැබූ නලින් ප්‍රනාන්දුට හිමි වී තිබේ.ලලිත් 
ඇතුලත්මුදලි වැනි වි⁣ශිෂ්ට දේශපාලඥයකු ජාතියේ දරුවන් ගේ අනාගතය වෙනුවෙන් ගොඩ නගන ලද මහ පොළ අරමුදල කාලකණ්නි පාදඩ තක්කඩියන් අතට පත් වීම ජාතියේ අවාසනාවකි.එහෙත් මේ මංකොල්ල  කෑම සිද්ධවන්නේ ලලිත් ඇතුලත්මුදලි ඇමතිවරයා සමග අමාත්‍ය මණ්ඩලයේ එකට අසුන් ගත් සගයකු ජනපති වීමෙන් පසුව වීම ඉතා කණගාටු දායකය.

  

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්