වැබ පොලිස්පති දේශබන්දුගේ පත්වීම කතෝලික ප්‍රජාවට සිදු කළ මෙලේච්ඡ නිග්‍රහයක් බව අතිගරු කාදිනල් තුමා පවසයි
ජනපතිවරයා විසින් වැඩ බලන පොලිස්පති වරයා ලෙස ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම කාදිනල් වරයා දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් ,කතෝලික සභාව මෙය සළකන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට සිඳුවූූ විශාලම අවමානය ලෙස බවත් කතෝලික සභාව කැඳවූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අද (29)සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කෙරුවේය.
සිරිල්
ගාමිණි ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කෙරුවේ මෙම පත් කිරීිම
දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පොලීසියේ ගෞරවය කෙලසීමක් ලෙස කතෝලික සභාව
විශ්වාස කරන බවය.දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලීසියේ වග කිව යුතු නිළධාරීන්
සිය රාජකාරිය නිසි අයුරින් ඉටු කළා නම් අහිංසක මිනිසුන් 273 දෙනෙකු
මෙලේච්ඡ ලෙස ඝාතනය කෙරුණ තවත් මිනිසුන් 500 කගේ පමණ අනාගතය සම්පූැ්ණයෙන්ම
විනාශ කළ පාස්කු බෝම්බ ප්‍රහාරය සිඳු නොවන බවය.ජීවිත සිය ගණනක් විනාශ
වෙන්නට හල පුද්ගලයකු ඒ සඳහා චෝදනා ලද පුද්ගලයෙක් පසුගිය වසරේ අරගලය අවුළුවා
රට ගිණි බත් කංල පුද්ගලයෙක් රටේ පොලිස්පතිවරයාගේ වැඩ බැලීමට පත් කිරීම
මෙලේච්ඡ ක්‍රියාවක් බවය.
බොරැල්ල අගරදගුරු මැදුරේදී පැවති මෙම මාධ්‍ය හමුව අමතමින් සිරිල් ගාමිණි පියතුමා මෙසේද පැවසීය.
ඡ්‍යෙෂ්ඨ
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපති රනිල්
වික්‍රමසිංහ විසින් පත් කර ඇති බව මීට මොහාතකට පෙර මාධ්‍ය අනාවරණය
කෙරුවා.ජනපති රනිල් වික්‍රමසිංහ සිඳු කළ එම පත්වීම අති උතුම් මැල්කම්
කාදිනල් රංජිත් හිමිපාණන් පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.එසේම එය අපි දැඩි
ලෙස ප්‍රතික්ෂේප කරනවා.මේ පත් කිරීම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වින්දිතයන්ට
එරෙහිව සිඳු කළ විශාලම අවමානය ලෙසයි අපි දකින්නේ.
අහිංසක
මිනිසුන් 273 දෙනෙකු මෙලේච්ඡ ලෙස ඝාතනය කෙරුන තවත් මිනිසුන් 500 කගේ පමණ
අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වලක්වා ගැනීමට
පුළුවන්කම තිබියදී එය පැහැර හැරීම පිළිබඳව ජනපති විමර්ශන කොමිෂන් සභාව
මගින් චෝදනාවට ලක් කොට ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් සිඳු කළ යුතු බවට
නිර්දේශ කර තිබෙනවා.නමුත් මේ දක්වාම එවැනි නිර්දේශයක් කර නැහැ.දේශබන්දු
තෙන්නකෝන් වැනි අය තම රාජකාරිය නිසියාකාරව සිඳුකෙරුවා නම් මේ අහිංසක
මිනිසුන් 273 දෙනා අදටත් ජීවත්වෙනවා.තමන්ගේ රාජකාරිය වගකීම පැහැර හරිමින්
මිනිස් ජීවිත සිය ගණනක් විනාශ වෙන්නට ඉඩ හැරිය දේශබන්දු තෙන්නකෝන් වැනි
පුද්ගලයකු රටේ පොලිස්පති පදවියේ වැඩ බැලීමට පත් කිරීමත් මෙලේච්ඡ ක්‍රියාවක්
ලෙස අප හඳුන්වනවා.මේ හැරෙන්නට තවත් චෝදනා ගණනාවක් ඔහුට විරුද්ධව තිබෙනවා.
1. 2022මැයි 09 දා ගාලු මුවදොර පිටියේ සාමකාමී අරගලයට සිඳුවූ මැර ප්‍රහාරය වලක්වා නොගැනීම.
2.ජනපති
මන්දිරයේ තිබී හමුවූ රුපියල් 17 කෝටි අසූ පන් ලක්ෂයක මුදල නනඩු භාණ්ඩ ලෙස
අධිකරණයට ඉදිරිපත් නොකර මහජන ආරක්ෂාව භාර ඇමතිවරයාට බාර දෙන ලෙස කොටුව
පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දීම.
මේ
හැමදේම පිළිබඳවම චෝදනාවට ලක්ව සිටින පුද්ගලයකු මේ රටේ පොලිස්පති ධුරයේ වැඩ
බැලීමට පත් කිරීමට කටයුතු කළ ජනපතිවරයාට රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව
කිසිඳු හැගීමක් නැති බවයි පෙනී යන්නේ.
පොලිස්පති
ධුරයට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ගේ නම යෝජනා කිරීම හෝ නොකරන
ලෙසට අති උතුම් කාදිනල් හිමිපාණන් වගේම කතෝලික රදගුරු සමුළුවත් පසුගිය
කාලයේදී ජනපතිවරයාගෙන් ලිපි මගින් ඉල්ලා සිටියා.ඒ වගේම නීතිඥවරුන් ඇතුළු
විවිධ වෘත්තිකයන් සහ සාමාන්‍ය ජනතාව අතරින්ද මේ පත් කිරීමට එරෙහිව
විරෝධතාවන් රට තුළ තිබුණා.එහෙත් ඒ කිසි දෙයක් නොතකා
ජනපතිවරයා
මේ පත් කිරීම කර ඇත්තේ මහජන ආරක්ෂාව හා පොලීසිය බාර ටිරාන් අලස්
අමාත්‍යවරයා ඇතුළු ජනපතිවරයා වටේ සිටින බලලෝභී කිහිප දෙනෙකුගේ පැවැත්ම
ආරක්ෂා කිරීමට බව ඉතා පැහැදිලියි.මෙම පත් කිරීම දෘර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී
ලංකා පොලීසියේ ගෞරවය කෙළසීමක් බව අප විශ්වාස කරනවා.
Comments
Post a Comment