සල්ලාල විජේදාස ජනපතිවරණයේදී පොදු අපේක්ෂක වීමේ සැලසුමක් හෙළිවේ

 


ඉදිරියේදී පැවැත්වීමට අපේක්ෂිත ජනපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ඉදිරිපත් කිරීමේ රහස් සැළසුමක් පිළිබඳව අනාවරණය වේ.


මෑතකදී මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඇතිවූ අර්බුදයේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට සහයෝගය දක්වන ලද්දේ හා ජනපති රනිල් වික්‍රමසිංහගේ නියෝජිතයකු ලෙස මධ්‍යම අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්ව සිටි සුපුන් එස් පතිරගේ අල්ලස් ගැනීමේ සිද්ධියට අත් අඩංගුවට පත් කරවීම සඳහා අල්ලස් කොමිසම වෙත තොරතුරු ලබා දී ඇත්තේද විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා බවද වාර්තා වේ.

අමාත්‍යවරයාගේ පුත්‍රයා නීතිඥ රඛිත රාජපක්ෂ ක්‍රිකට් අතුරු කමිටුවට පත් කරන ලද්දේද එම සැලසුමේ ⁣දිගුවක් ලෙසය.

මේ වන විට විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා රට පුරා වෙසෙන කලාකරුවන් 120 කට සාම විනිසුරු කම් ලබා දී ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දීම⁣ටද කටයුතු කර තිබුණි.මෙම කලාකරුවන් රට පුරා වෙසෙන යනුවෙන් සඳහන් කළද එසේ සාමවිනිසුරු කම් ලබා දී තිබුණේ ⁣කොළඹ කේන්ද්‍රීය කරගත් ටෙලි නාට්‍ය නිළියන් යැයි කියාගන්නා සිල්ලර කාන්තාවන්ය.විශේෂයෙන් මෙම සාමවිනිසුරුකම් ලබා දීමේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ නිර්නායකය වී තිබුණේ රූමත්කම බව පැහැදිලිව දකින්ට තිබුණි.

කෙසේවෙතත් විජේදාස රාජපක්ෂ යනු දෙබිඩි ක්‍රියා කළාපයක් ඇති කුමන්ත්‍රණකාරී දේශපාලන ගේම් වලට ප්‍රසිද්ධ පුද්ගලයෙකි. ජනතාව රැවටීම සඳහා බෞද්ධ දර්ශනය යොදා ගන්නා මොහුගේ ඉදිරි අපේක්ෂාව තමන් මෙරට දූෂණයට එරෙහිව පෙනී සිටින නායකයකු ලෙස හඟවමින් ඉදිරි ජනපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීම සඳහා ඉදිරි පත්වීමය.

පසුගියදා විදේශ සමුළුකට සහභාගි වීමට කොරියානු රාජ්‍යයට ගිය විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට එහිදී සහායක සම්බන්ධීකාරක තරුණියක අපයෝජනය කිරීමේ වරදකට එම සමුළුව නියෝජනය කිරීම පවා තහනම් කෙරිණි.මේ වන විට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ රඳවා සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවීම සඳහා විවිධ උපාය උපක්‍රම සැළසුම් කරමින් සිටින්නේද විජේදාස රාජපක්ෂ හා ඔහුගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ බවටද තොරතුරු හෙළි වී තිබේ.නදුන් චින්තක නොහොත් හරක් කටා වෙනුවෙන් පෙනී සිටින්නේද නීතිඥ රඛිත රාජපක්ෂ නියෝජනය කරන නීතිඥ සමාගමකි. 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්