පොලීසිය විරෝධය පෑ නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය මාරු කර යවයි
පසුගියදා නුවරඑළිය අධිකරණ බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන් විරෝධතාව දැක්වූ නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය වන කුෂිකා කුමාරසිරි අධිකරන සේවා කොමිෂන් සභාව මගින් 2024.01.01 දින සිට බලාත්මක වන පරිද මහියංඟනය දිසා අධිකරණයේ වැඩ බලන දිසා විනිසුරුවරිය ලෙස ස්ථාන මාරු කර යවා ඇති බව අනාවරණය වේ.
මහේස්ත්‍රාත්
කුෂිකා කුමාරසිරි මෙලෙස මහියංගනය දිසා අධිකරණයට ස්ථාන මාරු කර යැවීම
පිළිබඳව නීතිඥ සංඟමය සිය සංඟමයේ විරෝධය පලකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
නුවරඑළිය
පොලිස් කොට්ඨාශයේ ඇතැම් පොලිස් නිළධාරීන්ගේ අකාර්යමක්ෂතාව හේතුවෙන් නඩු
කල් යාම පිළිබඳව මහේස්ත්‍රාත්වරියගේ දෝෂාරෝපණයට ලක් වීමත් සමගම එම වැඩ
පිළවෙලට එරෙහිව පොලිස් නිළධාරීන් සැලසුම් සහගතව කල්ලි ගැසී අධිකරණ කටයුතු
වලින් නොවැමිබර් මස 06 වන දින ඉවත්ව ගොස් ඇති බව මෙම නිවේදනය මගින් නීතිඥ
සංඟමය අනාවරණය කර සිටී.
එම සිඳුවීමෙන් අනතුරුව
නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට
පැමිණ මහේස්ත්‍රාත්වරිය හමුවී පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් කණගාටුව
ප්‍රකාශ කළ බවද එම නිවේදනයේ දැක්වේ.
නුවරඑළිය
නීතිඥ සංඟමය නොවැම්බර් මස 06 වන දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේදී
සිඳුවූ පොලිස් නිළධාරීන්ගේ හැසිරීම හා ක්‍රියාකළාපය හෙලා දකිමින් යෝජනා
සම්මතයක් කර තිබේ.එසේ තිබියදී නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය වන කිෂිකා
කුමාරසිරිට දඬුවම් මාරුවක් ලබා දීම මගින් මහේස්ත්‍රාත්වරුන් ,මහාධිකරණ
විනිසුරුන් ඇතුළු අධිකරණය පොලිස් බලයට යටත්වන තත්ත්වයක් අදාල දඬුවම් මාරුව
මගින් නිරූපනය වන බව නුවරඑළිය නීතිඥ සංඟමයේ අදහස වී ඇතැයිද වාර්තා වේ.
Comments
Post a Comment