රාජපක්ෂ පවුුලේ දේපොල රාජසන්තක කළ යුතු බවට චන්ද්‍රිකා හා පාඨලී පවසයි

 


 2018 වර්ෂයේ දින 52 ආණ්ඩුවට එරෙහිව අධිකරණය ලබා දුන් විශිෂ්ට නඩු තීන්දුවට පසු වර්තමාන ආර්ථික අර්බුදයට රාජපක්ෂ පවුල සම්බන්ධ බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය

ලබා දුන් තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක පවසයි.

රටේ බංකොලොත් භාවයට වග කිව යුතු වන්නේ බංකොලොත් භාවය ප්‍රකාශ කළ අය බව කියමින් හා අනෙකාගේ දේශපාලනය පිළිබඳව බේගල් ප්‍රකාශ කරමින් රාජපක්ෂ පවුලට හා ඔවුන්ගේ අනුගාමිකයන්ට තව දුරටත් රට පුරා ඇවිද ඇවිද දේශපාලනය කිරීමට අයිතියක් නැති බවද මෙහිදී ඔහු සඳහන් කර සිටී.

එලෙසම රට බංකොලොත් කළ මේ පිරිසට තව දුරටත් රටේ නිල නිවාස,නිල වාහන ,නිල ආරක්ෂාව ලබා දිය යුතු නැති බවත් රටට සිදු ඔවුන් විසින් සිඳු කරන ලද අලාභය ඔවුන්ගේ දේපොළ විකුණා අය කර ගත යුතු බවත් පාඨලී චම්පක රණවක මන්ත්‍රීවරයා පවසයි.

රට බංකොලොත් කළ පක්ෂය වන ⁣ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසිරුවා හැර මහින්ද රාජපක්ෂ වහාම ජනතාවගෙන් සමාව ගෙන දේශපාලනයෙන් සමු ගත යුතු බවද ඔහු වැඩිදුරටත්  පවසන ලදී.

මෙම තීන්දුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇති හිටපු ජනපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායකද පවසා ඇත්තේද රට බංකොලොත් කිරීම පිළිබඳව වගකිව යුතු රාජපක්ෂ පවුලේ අයවළුන්ගේ  දේපළ පිළිබඳව සොයා බලා ඒවා රාජසන්තක කළ යුතු බවය.මෙය සිඳු කරන්නේ නම් ඒ සඳහා ලෝක බැංකුවේ ස්ථාපිත කර ඇති විශේෂ ඒකකයේ සහාය ලබා ගත හැකි බවද ඇය පෙන්වා දී ඇත.


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්