පැන්ෂන් පොලිස් ලොක්කෙක් නීති විරෝධීව පාරිභෝගික අධිකාරියට පත් කරලා

 


පාරිභෝගික කටයුතු පිළිබඳ පනත උල්ලංඝනය කරමින් එම අධිකාරයේ වැටලීම් නිළධාරියකු ලෙස විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙක් නීති විරෝධීව පත් කර ඇති බවට පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය චෝදනා කර සිටී.

එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පාරිභෝගික කටයුතු අධිකාරියට නිළධාරීන් බඳවා ගැනීම සිඳු කළ යුතු වන්නේ බඳවා ගැනීමේ පරිපාටියට අනුව නමුත් මෙම බඳවා ගැනීම සිඳු කර ඇත්තේ එම බඳවා ගැනීමේ පරිපාටිය උල්ලංඝනය කරමින්  බවය.


එමෙන්ම මේ වන විට ඔහු විසින් තම හිතුවත් විමර්ශන නිළධාරීන් යොදවා ගනිමින් සිය ව්‍යාපාරික මිත්‍රයන්ගේ අවශ්‍යතා මත වැටලීම් සිඳු කරමින් බවට මේ වන ව්‍යාපාරිකයකු විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්ද කර ඇති බව එම නිවේදනයේ සඳහන්ය.මෙම විශ්‍රාමික පොලිස් අධිකාරීවරයා ගේ පත් වීම නිත්‍යනුකූල නොවන හෙයින් ඔහු සහභාගිවන වැටලීම් අනීතික බවත් එහිදී වැටලීම් සඳහා ඔහු යම් ව්‍යාපාරික ස්ථානයකට ඇතුළු වීම අයුතු ඇතුළුවීමේ ගණය යටතට ගැනෙන චෝදනාවක් වන බවටත් නීතිඥවරුන් විසින් පෙන්වා දුන් බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය වැඩිදුරත් එම නිවේදනයේ දක්වා තිබේ.   

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්