රනිල් එහෙයින් රොත්තක් සමග පරිසර සමුළුවට ඩුබායි යයි

 


ඩුබායි රාජ්‍යයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගි වීමට ජනපති රනිල් වික්‍රමසිංහ අද (29)රාත්‍රියේ මෙරටින් පිටත්ව යන බව වාර්තා⁣ වේ.


ජනපතිවරයා සමග මෙම සමුළුවට සහභාගිවීමට විසිපස් දෙනෙකුගේ කණ්ඩායමක් යන බව වැඩිදුරටත් දැන ගැන්මට තිබේ.විදේශ ඇමති අලි සබ්‍රි,
විදුලිබල ඇමති කාංචන විජේසේකර,
පරිසර ඇමති කෙහෙළිිය රඹුක්වැල්ල,
පාම පාඨලී චම්පක රණවක,
පාම අජිත් මාන්නප්පෙරුම,
පරිසර අමාත්‍යංශ ලේකම් අනිල් ජාසිංහ ,
දේශගුණික විපර්යාස පිළබඳ ජනපති උපදේශක රුවන් විජේවර්දන 
,ජනාධිපති විදේශ කටයුතු අධ්‍යක්ෂක දිනුක් කොළඹගේ සහ තවත් පිරිසක් මේ කණ්ඩායමට ඇතුළත් වන බව පැවැසේ.

⁣එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව හෙට (30)සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායි හි එක්ස්පෝ නගරයේදී පැවැත්වේ.  

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා