කප්පම් ප්‍රසන්නගේ අභියාචනය විභාගයට ගැනේ - නිදහස් කරන තීන්දුව දැනටමත් ලියා අවසන්
කොළඹ මහාධිකරණය විසින් තමන්ට එරෙහිව පනවා තිබෙන අත්හිටවූ සිර දඬුවම අහෝසි කර තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රසන්න රණතුංඟ විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම සළකා බැලීම සඳහා ලබන 27 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය පසුගියදා නියෝග කරන ලදී.එම පෙත්සම විභාගයට ගත් සම්පත් අබේකෝන් සහ පී.කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.එහිදී එම අභියාචනා පෙත්සම විභගය සදහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්ද නම් කිරීමට නියමිතය.අමාත්‍ය ප්‍රසන්න රණතුංග බස්නාහිර පලාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඉඩම් ගොඩ කිරීමක් හා සම්බන්ධව ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කරන ලදැයි කියවෙන චෝදනාවකට වරදකරු වූ අතර එහිදී ඔහුට කොළඹ මහාධිකරණය මගින් බරපතල වැඩ ඇතුව වසර දෙකක සිර දඬුවමක් නියම කර එය වසර 05 කට අත්හිටුවීමකට තීන්දු කෙරිණි.එයට අමතරව මිලියන විසි පහක දඩයක්ද නියම කෙරුණු අතර තවත් රුපියල් මිලියනයක් පැමිණිකාර පාර්ශවයට වන්දියක් ලෙස ගෙවන ලෙසද නියෝග කර තිබුණි.මෙරට අභියාචනාධිකරණය මගින් විභාග කරන නඩු සම්බන්ධයෙන් මේ වන විට බරපතල අවිශ්වාසයක් ජනතාව තුළ මතු වී තිබේ.ඒ අභියාචනාධිකරණ විනිසුරු සභාපති බන්දුල කරුණාරත්නගේ විෂමාචාර ක්‍රියා කළාපය සාක්ෂි සහිතව අනාවරණය වී ඇති නිසාය.මෙම සභාපති විනිසුරුවරයා ගේ අගතිගාමී පාදඩ ක්රියාකළාපය පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින්ද හෙළි දරව් කරන ලදී.සමස්ත අධිකරණ පද්ධතියටම නිගාවක් වන ආකාරයට හැසිරෙන ගණිකා විනිසුරු විනිසුරුවරියන් ගණනාවකින් සමන්විත මෙරට අභියාචනාධිකරණය හෙට අනිද්දාට විභාගයට ගැනීමට නියමිත ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ අභියාචනයේ තීන්දුව වන්නේ ඔහු නිදොස් කොට නිදහස් කිරීම මිස අන් තීන්දුවක් නොවන බව අපට විශ්වාසය.
එම තීන්දුව පිළිබඳව කිසිවකු සැක සංකාවක් තබා ගත යුතුද නැත.මේ වන විටත් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ගම්පහ සිය පාක්ෂික සමීපතමයන් කැඳවා තමාගේ නිදහස්වීම ගැන ස්ථිර බව ප්‍රකාශ කර එදිනට දිස්ත්‍රික්කය පුරා ජයග්‍රාහී සව් දිය පිරවීමේ උත්සව පවා පැවැත්වීමට සංවිධානය කරන ලෙසටද උපදෙස් දී ඇති බවටද අපට අනාවරණය වීය.අභියාචානාධිකරණය නිල ගණිකා මඩමක් බවට පත් වී ඇති ආකාරය ඉන් තහවුරු කර ගත හැකිය.
Comments
Post a Comment