මැණික් මල්ලේ ඩේසි ගේ නඩුව ලබන වසරට කල් යයි

 


හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ විසින් ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් ගේ නමට රුපියල් මිලියන පනහක් වටිනා දෙහිවල මිහිඳු මාවතේ පිහිටි ඉඩමක් මිලයට ගැනීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව ලබන වසරේ මැයි මස 31 වන කැඳවීමට ගල්කිස්ස ⁣මහේස්ත්‍රාත් කෝසල සේනාධීර පසුගියදා (24 )නියෝග⁣ කෙරුවේය.


අයථා මාර්ගයෙන් උපයා ගත් සැක සහිත මුදල් ව්‍යාපාර කටයුතු වලට සහ දේපොල මිලදී ගැනීමේ කටයුතු සදහා  භාවිතා කළ බව⁣ට චෝදනා කරමින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මේ නඩුව යෝෂිත රාජපක්ෂට හා ඩේසි ෆොරස්ට්ට එරෙහිව පවරා තිබේ.

සිය මුණුබුරා වන යෝෂිත රාජපක්ෂට ඉඩම් මිලයට ගැනීම සඳහා මුදල් ලබා දුන්නේ තමන් විසින් බවත් එම මුදල් තම නිවසේ දොරකඩ නන්නාදුනන පුද්ගලයකු තබා ගොස් තිබූ මැණික් මල්ලක් විකුණා තමන් විසින් උපයා ගත් මුදල් බවත් එක් අවස්ථාවකදී අධිකරණය වෙත සාක්ෂි  දෙමින් ප්‍රකාශ කරන ලද්දේ මේ ඩේසි ෆොරස්ට් නැමැත්තියයි.මෙම සාක්ෂිය ඒ දින වල ගල්කිස්ස අධිකරණය විසින් පිළිගැනීම තුළ මෙරට අධිකරණයේ ගණිකා ස්වරූපය තහවුරු කර ගත හැකිය.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා