රනිල් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී මා පිළිබඳව පැවසුවේ බොරු -ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියයි

 

 


අරගල සමයේදී එවකට නීතිඥ සංඟමයේ සභාපතිවරයා වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත් වීම සඳහා කුමන්ත්‍රණය කළ බව ජනපති රනිල් වික්‍රමසිංහ අද (24) පාර්ලිි⁣මේන්තුවේදී ප්‍රකාශ කෙරුවේය.

ජනපතිවරයා පාර්ලිමේන්තුවේදී සිඳු කළ එම ප්‍රකාශය පදනම් විරහිත චෝදනාවක් බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් ඔහුගේ මුහුණු පොත් ගිණුමේ සටහනක් තබා තිබේ.

 


 


එම සටහන පහත දැක්වේ.

"....රනිල් වික්‍රමසිංහ මහතා අද (24) පාර්ලිමේන්තුවේදී මගේ නම සඳහන් කරමින් අසත්‍ය ප්‍රකාශයක් කරමින් 2022 මැයි මස 9 වන දිනයට පෙර මට අගමැතිවීමේ අභිලාෂයක් තිබූ බව ප්‍රකාශ කර තිබෙනවා.අවාසනාවකට 
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ මුක්තියට  මුවා වී මේ බොරු ප්‍රකාශ කරන්නේ ඔහුට පිළිතුරු දී ගත නොහැකි තැනයි.

2022 මැයි මාස⁣යේදී ⁣ඉදිරිපත් කරන ලද  BASL යෝජනා කිසිවිටකත් පුද්ගලයන් ගැන නොවේ.ඒවා එහි විධායක කමිටුව විසින් හොඳින් සිතා බලා නීතිඥ මණ්ඩලය විසින් අනුමත කරන ලද ඒවා විය.නීති ප්‍රජාව මෙම යෝජනා ඉදිරිපත් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ අවශ්‍යතා පෙරදැරි කරගෙන ලංකාවේ දේශපාලන හා පාලන අර්බුදය⁣ට විසඳුමක් යෝජනා කිරීමේ අරමුණින්ය.

ඔහු වැනි දේශපාලඥයන් මෙන් මා කිසිවිටෙකත් පෞද්ගලික අභිලාෂයන් රටේ අවශ්‍යතාවන් වලට වඩා ඉහලින් තබා නැතිඉබව කීමට මට බල කෙරේ.මා කවරදාවත් මගේ ප්‍රතිපත්ති පෞද්ගලික වාසි තකා හෝ තනතුරේ කෑදරකමට කැප කර නැත.."

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්