දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයත් පාස්කු ඝාතකයන්ගේම ගේමක් හමුදා බුද්ධි අංශයට ෂාෆ්ටර් ආයෝජනය කල කෝටි 94 පිල්ලි ගැසීමට මැරුවාද ? - ස්ථිරවම එය ඝාතනයක්

 

දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතනයත් තාජුදීන් 2 කීවේ මෙම ලියුම් කරුය . ඊට ප්‍රධානම් හේතුව මෙරට සිදුවන ඕනෑම් පන්නයේ අපරාධයක් විසදීමට අපේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුල එවනි පරිණත නිලධාරින් ගොන්නක්ම සිටින නිසාය. ඒවා විසදීමට මොනම පහසුකමක් වත් නැතත් ඉහල සිටම පහලට අසීමිත දැනුමක්, ඉවසීමක් හා මහා පරිනත අත් දැකීම බහුල නිලධාරින් රොත්තක් සිටින නිසාය.

( එහෙත් අදවන තෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ෂණය ප්‍රසාද් රණසිංහ හෝ ඇමති ටිරාන් භාර දුන්නේ නැත.)

හෙලි නොවන අපරාධ......

ඒත් එවනි අපරාධයකට ප්‍රභල දේශපාලකයෙක් හෝ ඉහලම නිලධාරියෙකු සම්බන්ධ වු විට එවා වෙනම කිසිදාක  හෙලි නොවන අපරාධ ඝනයට තල්ලු කොට දමා කාලයා විසින් වැසී යාමට ඉඩ හැරීම, ලංකාවේ දේශපාලන අවශ්‍යතාව මත සිදුවන අපරාධවලට අත්වෙන ඉරනම ඉතාම සෝචනීයයි. අද ඊට ලක්ව ඇත්තේ ගමේ අප්පුහාමි ගේ මරණයක් නොව රටේ ප්‍රභලම පවුලක දේශිය හා ජාත්‍යන්තර ව්‍යපාරිකයෙකු මරා දැමීමක්ය.

මෙරට ත්‍රස්තවාදය මනුෂ්‍ය ජීවිත දසදහස් ගානක් නැති කලාය, එදා ත්‍රස්තවාදින් පිලිබදව සොයා බැලීමට ප්‍රංශයේ ඇති ශ්‍රිලංකා තානාපති කාර්යාලය තුල මාස 17ක් එක දිගටම රාජ්‍ය බුද්ධි නිලධාරින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් ගේ ටී.ටී.එන් හා ටී.ආර්.ටී.ප්‍රංශයේ සිට විකාශනය වු එම ටී.වී.නාලිකාවන්  පිලිබදව් අධ්‍යනය කලාය.

සුරේෂ් සලේ හා කුගන්........

එය එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සිට සිදු කලේ එවක බ්‍රිගේඩියර් සුරේෂ් සලේය. එම නාලිකා මෙහෙය වුයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කුගනාදන් නැමති ප්‍රංශයේ පදිංචි පුද්ගලයාය.

යුධ හමුදා බුද්ධි අංශයට ටි.වී. විකාශන මැදිරියක්.......

පසු කලක සලේ හා කුගන් ඉතාම හිත මිතුරන් බවට පත් විය. පසුව සලේ කුගන් සමඟ ලංකාවට ගොස් තමන් ගේ හමුදා බුද්ධි ප්‍රධානි කපිල හෙන්දවිතාරණට මුණගැස්සුවේය. සලේ විසින් කුගන් හෙනදවිතාරණට මුණ ගැසවීම කපිල හෙන්ද විතාරණ තවත් පැත්තකට යොමුකරවීමට සමත් විය . ඒ යුධ හමුදා බුද්ධි අංශයට ටි.වී. විකාශන මැදිරියක් ආර්ම්භ කිරීමටය. එවිට ඒ සදහා කුගනාදන් ට එම කාර්ය භාර වීමත් සමගම පසු කලක එල් .ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධාන අන්තර් ජාතික මුදල් භාරකරු වු දයා මාස්ටර් එවක රාජපක්ෂ ජනාධිපති විසින් මෙරටට ගෙනවිත් ඔහුව ආරක්ෂිතව තැබු හෙන්දවිතන, කුගන් සමඟ ඩෑන් ටීවි නමින් ටි.වි. විකාශනයක් යුධ හමුදා බුද්ධි අංශයට අයත්ව ආරම්භ කලේය.

ඩෑන් ටීවි.........  

 එය අදටත් යාපනය රෝහල් මාවතේ සිට විකාශනය වෙමින් තිබේ. ශ්‍රි ලංකා හමුදා බුද්ධි අංශය හා ආරක්ෂක අමාත්‍යංශයවිසින් මෙහෙය වන මෙම ඩෑන් ටී.  විකාශණයට දයාමාස්ටර් ද එක කොට තවත් එල්.ටී.ටී.ඊ හැරගිය හමුදා ඔත්තුකරුවන් ගෙන් සැදුම් ලත් කණ්ඩායමකින් යෙදවිය .

දිනේෂ් ෂාෆ්ට ගේ දෛවයේ ඉරණම ලියවෙන්නේ මෙම හමුදා බුද්ධි අංශ අදටත් මෙහෙයවන ඩෑන් ටී.වි. විකාශන ආයතනයට මුලින්ම මුදල් ආයෝජනය කරන්නේ ජනශක්ති රක්ෂණ සමාගමෙන්ය එය රුපියල් කෝටි 94 ක් වු මුදලකි. මෙම මුදල් ලබාදි අත්තේ උඩින් පෙනුමට යොදවා සිටින කුගනාදන්ටය එම කෝටි 94 ට අමතරව දිනේෂ් ෂාෆ්ටර් ලබාදි ඇති වැඩිම මුදල් බ්‍රයන් තෝමස්ටය. වසර ගනනාවක් යමින් සිටියදි යෙදවු ආයෝන මුදල් වලින් විශේෂයෙන්ම සලේ ගේ හා කපිල හෙන්දවිතාරණ ඩෑන් ටිවි ආයතනයෙන් ෂාෆ්ටට සතයකවත් මුදලක් අද වෙන තුරු ලැබි නැත.

 2008 සිට මේවනතුරු වලංගු බලපත්‍රයක් නැත......

මෙම ඩෑන් ටී.වි විකාශනයට 2008 වසරේ සිට ටි.ආර්.සී.වෙතින් ලබාගත් කිසිදු බලපත්‍රයක් නැත. මෙය සලේලා කමල් ගුණරත්නලාගේ පාලනයේ නැත්නම් ඇයි නිසි ක්‍රමවේදයට වලංගු බලපත්‍රයක් නොගන්නේ . මෙහි දැනට වැඩ සටහන් අධ්‍යක්ෂක ලෙසට සිටින්නේ දයාමාස්ටර්ය. මෙහි උපයන් ආදායම බෙදී යන්නේ කාටද ?

දිනේෂ් ෂාෆ්ටර් මියයාමට ආසනව නින්දෙන් ඇහරුණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉහලින් ආ නියෝගයකට බ්‍රයන් තෝමස්ට විරුද්ධව හිටි හැටියේම නඩු පැවරුවේය. මෙම ඩෑන් ටී.වි. ආයතනයට මුදල් දුන් කෝටි 94 පිලිබදවත් අදත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බී.වර්තාවකින් අධිකරණයට වාර්තාකොට තිබෙන කරුණු වලින් එය ඉතාම හොදින් හෙලිවේ.

අදත් කුගනාදන් ,දයාමාස්ටර් හා එල්.ටී.ටී.ඊ මුහුදු කොටි නායකයෙකු ලෙසට එදා හමුදාවට විරුද්දව සිටි අය අද සිටින්නේ රාජ්‍ය බුද්ධි අංශයේ කමල් ගුණරත්නගේ හා මේජර් ජනරාල් සුරේෂ් සලේ ගෙන් හෙලි නොකරන ආරක්ෂක ඔත්තුකරුවන් ගේ ගිනුමෙන් වැටුප් ලබන පුද්ගලයන් ලෙසටය. 

මෙම ක්‍රියාවන්ට එරෙහිව දිනේෂ් ෂාෆ්ටර් ට කුගන්ට විරුද්ධව පැමිණිලි කිරීමට සිදු වුවත්, එම මුදල් භාර කාරිත්වය අදටත් ඇත්තේ කමල් ගුණරත්න ,සුරේෂ් සලේලාටය. ඒ ඩෑන් ටිවි ආයතනයට අද  කිසිදු සංඛ්‍යාත බලපත්‍රයක් ලබාදි නොමත. 2008 වසරේ සිට 2023/02/26 අද දින තෙක්ම ටි.වී.විකාශණ කිසිදු බලපත්‍රයක් නොමැත්තේම මෙය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය වන නිසාය.

ජනශක්ති  මුදල් හා විදේශ මුදල් වංචා කිරීම පිලිබදව එවක යහපාලන ආණ්ඩුවේ අගමැති රනි විශේෂ මුල්‍ය වංචා විමර්ෂණ ඒකකයෙන් එවක රාජ්‍ය බුද්ධි ප්‍රධානි කපිල හෙන්ද්‍ර විතානට එරෙහිව විමර්ෂණයක්ද සිදු කොට මේ වනවිට අධිකරණයට කරුණු වාර්තා කොට ඇත.

පාස්කු ප්‍රහාරයක් ආකාරයේම ප්‍රහාරයක්........

කෙසේ වෙතත් දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය අපරාධ පරික්ෂණය දෙපාර්තමේන්තුවට භාර නොදීමට මුලිකම හේතුව දැන් අපට හෙලිවී  වි හමාරය. කමල් ගුණරත්නලා ,සලේලා මෙහෙය වු පාස්කු ප්‍රහාරයක් ආකාරයේම ප්‍රහාරයක් බවත් ,මෙය තවත් තාජුදින් ඝාතනයක් වෙන බව කිවේ මෙම ලියුම් කරු ද අපරාධ විමර්ෂකයෙකු වු නිසාය.

බොරැල්ල කනත්තේ රෙකි.......

බොරැල්ල කනත්තේ රෙකි ගිහින් තම ගෙල වැලලා ගෙන මිය ගියා කීමට ප්‍රසාද් රණසිංහ ඩී.අයි.ජී. ඉක්මන් වුයේත් දිනේෂ් ෂාෆ්ටර් ගේ ගෙලේ ගැටගසා තිබු වයර් සමන වයර් ඇන්ටනා කනුවෙන් තිබීමත් එකින් එකට සම්බන්ද වීම , කෙසේ වෙතත් ආගන්තුක දේවල් අපරාධ විමර්ෂණයේ මුලිකම ඉගැන්වීම නම් ඕනෑම සිය දිවි නසා ගැනීමක් ඕනැම මොහොතක මිනිමැරුමක් විමට පුළුවන, ඒත් කිසිදාක මිනිමැරුමක් සියදිවි නසා ගැනිමක් නොවේ. එත් තම උවමනාව මත එසේ කිරීමට බැරි නැත.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා.....

ෂාෆ්ටර් ගේ මරණයේ අධිකරණ වෛද්‍ය  වාර්තාවත් ඉතාම ප්‍රශ්ණ සහගතය. ඒ පශ්චාත් මරණය පරික්ෂණය සිදුකල අධිකර‍ණ වෛද්‍යවරයාත් ඉතාම ප්‍රශ්ණ ගත විශ්වාසය හා හැකි අයෙකු නොවන බවට කරුණු ඉදිරිපත්ව ඇත්තේ, ඔහු වෛද්‍ය මංඩලයෙන් සේවය අත් අත් හිටුවා තිබි ඇත්තේත් ඔය ආකාරයටම මරණ පරික්ෂණයකදි වාර්තාවන් දෙකක් ලබාදිමෙන් බවට හෙලිව තිබේ .

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා මුලින් දුන් වාර්තාවේ ඔහු සදහන් කොට ඇත්තේ ගෙල පිටුපස කොටස සිරවීම නිසා මිය ගොස් ඇති බවකි, එත් පසුව ඔහුම කියා සිටින්නේ මරණයට හේතුව සයනයිඩ් ශරීර ගතවීම බවාකි. මෙරට ත්‍රස්තවාදයේ ඉතාම දරුණුම ත්‍රස්තප්‍රහාරයකට පවා මෙන්ම සයනයිඩ් කා මිය ගිය ත්‍රස්තයන් පිලිබදව්මෙම ලියුම් කරු ක්‍රියා කොට තිබෙන නිසාම දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සිදුව ඇත්තේ සයනට් විශ ශරීර ගත වීම නිසායැයි දැන් එම අධිකරණ වෛද්‍යවරයා වු රූබී.හක් කියා සිටි.

විශ්ම ජනක ප්‍රශ්ණයක්......

දැන් ඔහු මුලින් කිවු දේ නිවරදි දැයි හෝ පසුව කියු දේ නිවරදි දැයි විශ්ම ජනක ප්‍රශ්ණයක් මතුවේ. මරණ කරු ගේ පවුලලේ ඇති ප්‍රශ්ණයක් නිසා මෙය සිය දිවි නසා ගත්තා යැයි මව්බිම ටිරාන්ගේ පත්තරේම ලියා තිබුනේය. එසේම  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ එවනි විමර්ෂණ සිදුකල කිසිවෙකුට විමර්ෂණය භාර දුන්නේ නැත. එය භාර දුන්නේ වලාන දුෂණ මරධන ඒකකයේ හිටපු නිලධාරියෙක් වු ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියශාන්තටය . මහින්ද රාජපක්ෂ ගේප්‍රධාන ආරක්ෂකයා වු නෙවිල් වනි ආරච්චිගේ ඉතාම ළඟම ඥාතියෙකි.

එයද විශේෂිත වු සැකයකට ලක්වන කරුණකි. ෂාෆ්ටගේ පවුලේ අයගේ අයිතින් වෙනුවෙන් සිටින්ම අනුජ ප්‍රේමරත්න විසින් දිගින් දිගටම මෙම මරණයේ විමර්ෂණයන් පිලිබදව ප්‍රශ්ණ කොට එම වෛද විමර්ෂණයට දැන් වෛද්‍ය මංඩලයක් පත් කිසීමට ඉල්ලා තිබේ.

මරණයේ දැන් සයනයිඩ්........

මෙම මරණයේ දැන් සයනයිඩ් ඇති බවත් යමෙකු සයනයිඩ් විශ ශරීර ගත වුවානම් පැය 4/5ක් ජීවත් වීම විහිළුවකි. අවමය තත්පර 11ක් බවට හිටපු අපරාධ විමර්ෂකයෙක් හෙලිකල අතරම බ්‍රිතාන්‍ය රෝහලක අධිකරණ වෛදවරයෙක් කියා සිටියේ සයනයිඩ් විෂ ශරීර ගත වුවා යැයි කියනවානම් ඇගේ දිය පට්ට ඒම්, තොල් මුහුණ, ඉතාම නිල්පැහැවි තොල ඉදිමිම් දුර්වර්ණයක් ඇතිවි තිබීම දැකිය හැකි ප්‍රභල ලක්ශණයන් බවයි එවා ශණිකව මතු වීම විශේෂ දෙයකි.

මරණ පරික්ෂණය........

පසු ගියදා දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණ පරික්ෂණය පිලිබදව සමුහ අපරාධ විමර්ෂණ අංශයේ සහකාර පොලිස් අධිකාරි මනෝජ් ගයන්ත විසින් කොටුව අතිරේක මහේස්ත්‍රාත් රජිතා ජයසුරිය වෙතට වැඩිදුර වාර්තාවක් ගොනුකරමින් පහත කරුණු වාර්තා කොට තිබේ. දිනේෂ් ෂාෆ්ටර් ගේ අයි පැඩය පරික්ෂාවේදි පහත පුද්ගලයන් සමඟ ගනු දෙනු කොට තමාට පාඩු සිදුව ඇති බවට සටහන් කොට ඇති බව අධිකරණයට ප්‍රකාශ කොට තිබේ.

1. බ්‍රයන් තෝමස්ට රු ; කෝටි 140 ක්

2.එස්. කුගනාදන් රු; 94 ක්

3. ඉලියන් ගුණවර්ධන රු ;12 ක්

4. දීප්ති පෙරේරා කෝටි 10 ක්

ලෙසට තමා ආයෝජනය කොට ඇති නමුත් ඒවා ගෙන් නිසි ප්‍රතිලාභ ලබානොදීම නිසා දිගින් දිගටම එම අයවලුන් සමඟ ගැටුම් ඇතිව තිබෙන අතරම මෙහිදි බ්‍රයන් තෝමස් වෙනුවෙන් හා එස් . කුගනාදන් පිලිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කොට තිබුණත් ඉන් අධිකරණයට කරුණු වාර්තා කොට තිබෙන්නේ බ්‍රයන් තෝමස් පිලිබදව පමණි. කිසිදු අවස්ථාවක දි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එස්. කුගනාදන් ගේ ඩයබ් ටී.වි. වෙනුවෙන් ලබාදුන් මුදල් පිලිබදව කිසිදු විමර්ෂණයක් කොට නැත. අඩුම ඒ පිලිබදව් විත්තිකරු ගෙන්වා ප්‍රකාශයක්වත් මෙතෙක් ලියා නොමැත. ඒ ඩයන් ටී.වි. විකාශණය මුළු මනින්ම කමල් ගුණරත්නලාගේ සලේලාගේ ආනුභාවයෙන් විකාශනය වෙන නිසාය. එය අයත් වන්නේ ආරක්ෂක අමාත්‍යංශයටය. ඒ නිසාම කුගනාදන් විවිධ අවස්ථාවල දි හමුදා කදවුරුවලට ගොස් දේශ පවත්වා තිබේ. දැන් ඇත්තේ රනිල්ලාගේ මියගිය මිතුරාට යුක්තිය ඉටුකිරීමට පමණි.

දැන් දිනේෂ් ෂාෆ්ටරට මරණ වරෙන්තුව ලියා ඇත්තේත් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන්ම  බවත් කමල් ගුණරත්නලා ,සලේලා මේ බලපත්‍ර නැති ටි.වි. විකාශණ ආයතනයට ලබාගත් කෝටි 94 දැන් නිකමම ගල් වී ඇත.

දැන් තාජු දින් සේ දිනේෂ් ෂාෆ්ටරුත් එසේ වැලලීගියේය. ඒ මෙරට අපරාධ විමර්ෂකයන් නිසා නොව විමර්ෂකයන්,විමර්ශිකාවන් එලියට දමා දේශපාලකයන් අපරාධ විමර්ෂණ මුලස්ථානයේ රති කෙලියේ යෙදෙන නිසාය.

 ෂාෆ්ටරගේ මරණයය ස්ථිරවම ඝාතනයක් බව අපි මුලින්ම කිවේ එනිසාය .දැන් රනිල් ආණ්ඩුවට ඇත්තේ විදේශ රටකින් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකු යටතේ වෛද්‍ය පරික්ෂණයක් කිරීමටය.

නිතිය යුක්තිය........

රටේ නිතිය යුක්තිය රජයන ජනතා ආණ්ඩුවක් පැමිණි පසු අපි වැඩට බසින්නෙමු. තවත් නොබෝදිනකින්  ෂාෆ්ටර්ට සයනයිඩ් විකුණුවා යැයි කියා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ඩැන් ටී.වී හරහා අත් අඩංගුවට පත් වීමට නියමිත බවද, ලියා තබන්නේ රටේ ජනතාවගේ සිනහවට නොව, හිතනන යමක් ඉතුරුකරය.

තාජුදීන් ඝාතනය , පාස්කු ප්‍රහාරය ,රවි විජේසිංහ ඝාතනය , පොලිස් කොස්තාපල් රිය අනතුරු ඝාතනය, සමඟම දීනේෂ් ෂාෆ්ටරුත් එසේ වැලලීගියේය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්