කෝටි ගනන් මුදල් වැය කරමින් රටේ ජනපති වෙන්නට ගුරුකම් කරගත් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට ජම්පරය සූදානම්ය
මෙම ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ඊයේ (24)දින නීතිඥ උදිත ඉගලහේවා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ තම නිවාස සහ දේපොල ආරක්ෂා කර ගැනීමට නොහැකිවීම පිළිබඳව වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ඇතුළු කිහිපදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්දන ,පාම ගාමිණි ලොකුගේ සහ තවත් පැමිණිලිකරුවන් 32 ක විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාගයට ගන්නා ලද අවස්ථාවේදීය.
හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන විසින් පත් කරන ලද මෙම ත්‍රිපුද්ගල කමිටුවේ අනිකුත් සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලැබුවේ ජනරාල් දයා රත්නායක හා මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලකය.මෙම කමිටුව මගින් රට පුරා එදින සිදු වූ බව කියවෙන ප්‍රචන්ඩ ක්‍රියා පිළිබඳව සාක්ෂි කරුවන් ගනනාවකගේ සාක්ෂි සටහන් කර ගෙන ඇතැයිද අනාවරණය වේ.එහිදී වැඩිදුරටත් මෙම ත්‍රිපුද්ගල කමිටුව ආරක්ෂක අංශ වලින්ද තොරතුරු විමර්ෂනය කර තිබේ.
යුද හමුදා පනත අනුව රාජකාරිය පැහැර හැරීමේ වරද තහවුරු වුව හොත් අපකීර්තිමත් ලෙස සේවයෙන් නෙරපා හැරීමටද සිර දඬුවම් ලබා දීමටද හැකිය.අපරාද නඩු විධාන සංග්‍රහයේ 129 වගන්තිය ප්‍රකාරව එවැනි වරදකට මරණීය දඬුවම පවා ලබා දිය හැකිය.
ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ හමුදාපතිවරයා ලෙස කටයුතු කරන විට ඔහු ගේ අපේක්ෂාව වී තිබුණේ මෙරට අගමැති හෝ ජනපති තනතුරට පත් වීම බව අප විසින් ඒ දිනවල වාර්තා කරන ලදී.ඒ සඳහා ඔහු අම්බලන්ගොඩ ජානගත මානසික ආබාධිත ගුරුකම් කරන්නකු සමග එක්ව සීනිගම දේවාලයේ සති දෙකකට වාරයක් පුද පූජා පැවැත්වූ බවටද අපට අනාවරණය වී තිබුණි.මෙම පුද පූජා තැබීම සඳහා හිටපු ජනපති ගේ දියණිය වූ චතුරිකා සිරිසේන පවා සහභාගි විය.තවත් අවස්ථාවක මේ සඳහා පැවැති ගුරුකමකට ගජබා රෙජිමෙන්තුවේ සෙබළුන් යොදවා වී ඇට කෝටියක් පවා ගනන් කරගෙන ඇති බවටද සාලිය පුර හමුදා කඳවුරෙන් ලංකා දවසට දැන ගැන්මට ලැබුණි.
කෙසේ වෙතත් මෙම ගුරුකම් කටයුතු ගැන ජාතික බුද්ධි සේවයෙන් හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනට හා රාජපක්ෂ පවුලට වාර්තා කිරීමත් සමගම ඉන් විශාල කැළඹීමට පත් ඔවුන් විසින් වහාම ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති තනතුරෙන් ඉවත් කරන ලදී.
මේ වන විට අපට වාර්තා වී ඇති ආකාරයට යුද හමුදාවේ හමුදාපති තනතුර ලබා ගැනීමට තක්කඩි මේජර් ජනරාල් වරයකු හා ඔහුගේ බිරිඳද හිටපු හමුදාපතිවරයකුගේ පුත්‍රයකු වන මේජර් ජනරාල් වරයකද ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට ගුරුකම් කළ මානසික ආබාධිතයා ලවා දිගට හරහට ගුරුකම් කටයුතු කර ගනිමින් සිටී.අඩුම වශයෙන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ වන විට අඳින්නට නියමිත ජම්පරය ගැන සිතන්නේ නම් මෙවැනි මානසික ආබාධිතයන් ගෙන් ගුරුකම් කර ගැනීම වැනි ගොබ්බ ක්‍රියාවන් අත්හළ යුතුය.එහෙත් එම හමුදා මේජර් ජනරාල් වරුන්ට හා ඔවුන්ගේ බිරින්දෑවරුන්ට ඒ ගැන සිතන්නට කුහුඹු පුකක තරමේ මොළයක් ඇද්දැයි සැක සහිතය.
Comments
Post a Comment