රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිල්ලට ගත් ජනපති බටලන්දේ වියේදී ඔටිසම් රෝගී දරුවෙක් බව තමන් දන්නවා යැයි ඡ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු පවසයි.

 


අද පාර්ලිමේන්තුවේදී ජනපති බටලන්දේ රනිල් රාජපක්ෂ පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් රඟ  දැක්වූ මොංගල් නාඩගම ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ බලවත් කම්පනයට හේතු වී තිබේ. 

මොංගල් ජනපති.......
මේ මොහොතේ පලාත් පාලන ඡන්දයක් නොපැවැත්වීමට ආණ්ඩුව තීරණය කර සිටින්නේ ආර්ථික කාරණා නිසා නොව දේශපාලනික කාරණා නිසාය.වර්තමාන මොංගල් ජනපතිවරයාට හා ආණ්ඩුවට ජන වරමක් නැත.ඒ නිසාම මොංගල් ජනපතිවරයා හා ආණ්ඩුව ඕනෑම වියදමක් දරා පලාත් පාලන ඡන්දය වැලැක්වීමට ක්‍රියා කරනු ඇති බව විපක්ෂයේ බොහෝ දෙනෙකුගේ අදහස වී තිබුණි.
 
ආණ්ඩුව 21 ක් වතාවක් පලාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා බාධා පැමිනවූ බව අපට සිහිපත් කරන්නට හැකිය.මෙය ඉතා බරපතල කාරණයකි.
 
ජේ.ආර්.ජයවර්ධනද ,සිරිමා බණ්ඩාරනායකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මුවා වී ඡන්ද කල් දමා තිබේ.එහෙත් අද සිදු වන්නේ ව්‍යවස්ථාවට පිටස්තර ආර්ථික හේතුවක් පෙන්වා ඡන්දය නොපැවැත්වීමට කටයුතු කිරීමය.
ඉදිරියේදී මෙම කාරණය පෙන්වා ජනපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය පවා කල් දැමීමේ අවදානමක් පවතී.
කොමිසමේ සභාපතිවරයා......
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රාජපක්ෂ ඔ⁣ඩොක්කු කුක්කකු බව අප මුලදීම පෙන්වා දෙන ලදී.පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඔහුගේ හා පොදු ජන පෙරමුණ තුළ පැවැති අවධානය හා උනන්දුව පිළිබඳව අපට එදා සිටම තිබුණේ සැකයකි.
මැතිවරණ කොමිසමේ සභාපති වරයා හා මහින්ද රාජපක්ෂ අතර පැවති සම්බන්ධය අද ඊයේ ඇරඹුන සම්බන්ධයක්ද නොවේ.මේ තක්කඩියන් දෙදෙනා මිනිසුන් මුලා කෙ⁣රුවේ බොහෝ ඈත කාලයක සිටය.ඒ ගැන තහවුරු කෙරෙන අපූරු කතන්දරයක් මුහුණු පොතෙන් අපට හමු විය.
අපූරු කතන්දරයක්.....
එහි එය ලියා තිබුණේ යුද හමුදා පොලීසියේ විශ්‍රාමිකයකු වූ පැල්පිට ජේ රත්නායක නම් අයෙකි.ඔහු ලියා ඇති සටහනේ දැක්වෙන ආකාරයට 1989  භීෂණය පැවැති යුගයේ හම්බන්තොට ජීවත් වූ රාජපක්ෂ නම් තැනැත්තකු අතුරුදන් කිරීම ගැන ඔහුට හා යුද හමුදා පොලීසියේ කපිතාන් වරයකුට එරෙහිව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් තිබී ඇත.එම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී ඇත්තේ මහින්ද රාජපක්ෂ හා වර්තමානයේ මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා වේ.
 
එම නඩුව විභාග වූ දිනයක දවල් කෑම සඳහා නැවැත්වූ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාවූ නිමල් ⁣පුංචිහේවා හා විත්තිකරුවන් දෙදෙනා වූ පැල්පිට ජේ රත්නායක හා කපිතාන් වරයා දිවා භෝජනය ගෙන ඇත්තේ හම්බන්තොට තානායමේදී එකටය.ඔවුන් එහිදී හිටිවන කවි කියමින් සතුටු වූ බවද පැල්පිට ජේ රත්නායක ලියා තිබේ.මින් පෙනී යන්නේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට මහින්ද රාජපක්ෂ හා නිමල් පුංචිහේවා අගතියට පත්ව සිටි පාර්ශවයන් කෙතරම් තක්කඩි ආකාරයෙන් රවටා තිබේද යන්නය.නිමල් පුංචිහේවා යනු මහින්ද රාජපක්ෂ බංගලාවේ වැසිකිලියේ අසූචි වුවද පැකිලීමකින් තොරව ගෑරුප්පුව හැන්ද නැතුව අනුභව කරන්නට පුළුවන්  ජාතියේ සතෙකි.ඒ සතා පහුගිය දින වලදී මනුෂ්‍ය ආත්මයක් ලැබී ඇතැයි අපට සිතන්නට බැරිය.මේකාගේ හොඳ හොඳ සෙල්ලම් තව පසුවට දැක ගත හැකිය.දැන් පුංචිහේවා නිරත වී සිටින්නේ දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා වැනි ක්‍රීඩාවකය.
අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ පොන්සි විනිසුරු........
 මැතිවරණ කොමිසමේ තක්කඩි කෙරුවාවට අළුත්කඩේ අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ පොන්සි විනිසුරු කල්ලියේ සහයෝගයද ලැබී තිබෙි.මේ පොන්සි විනිසුරුවරුන් ගේ කෙරුවාව තහවුරු වන්නේ කර්නල් වරයකු ඡන්ද නොපැවැත්වීම සඳහා ඉල්ලූ පෙත්සම සම්බන්ධයෙන් අද දින ලබා දුන් තීන්දුවෙනි.
 
මේ වන විට පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම වී ඇත්තේ මාර්තු මාසයේ 9 දාටය.එහෙත් මැතිවරණය පැවැත්වීම නවත්වන ලෙස ඉල්ලූ පෙත්සම විනිසුරු පොන්සියන් කල් දමන්නේ මැයි මාසයටය.මෙය ඇඟ කිති කවාගෙන හිනා විය හැකි විහිළුවකි.එහෙත් මේ විනිසුරු පොන්සියන් ගේ ක්‍රියා කළාපය විහිළුවක් ලෙසට ගෙන අමතක කරන්න⁣ට බැරිය.ඒ මෙම පොන්සි විනිසුරුවරුන් වින කටින්නේ මෙරට පොදු ජනතාව භුක්ති විඳිමින් සිටින ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට නිසාය.මේ පොන්සි විනිසුරුවරුන්ගේ හෙට දවසේ ඉරණම ජනතාව විසින් බාර ගත යුතුමය.
 
මුන්ගේ කාලකණ්නි දරු පවුල් වලට පවා වැහි නැති හෙණ ඉල්ලිය යුතුමය.මේ වන විට අළුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතැම් විනිසුරු පොන්සියන්⁣ එළිපිටම බටලන්දේ රනිල් රාජපක්ෂගේ හුරතලුන් බවට පත් වී තිබේ.⁣එම පොන්සි විනිසුරුවරුන් දැන් කරමින් සිටින්නේ  මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට දක්කා ගෙන යාමය.
ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට........
අද පාර්ලිමේන්තුවේදී ජනපති බටලන්දේ රනිල් රාජපක්ෂ විසින් සිදු කළ සාහසික ප්‍රකාශය මේ රටේ විපක්ෂය දැඩි අවධානය ගත යුතුය.මේ තක්කඩියා ⁣ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවකට ගෙන තිබේ.මැතිවරණ කොමිසම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි ජනපති නීතිඥ සාලිය පීරිස් හටද මේකා පාර්ලිමේන්තු වරප්‍රසාදවලටමුවා වෙමින් අවලාද නගනු අසන්නට හැකි විය.
රනිල් කුඩා කාලයේ ඔටිසම් AUTISM SPECERUM DISORDER ( ASD) තත්වයේ පසු වූවකු.......
ජනපති බටලන්දේ ⁣රනිල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුව තුළ හැසිරුණ ආකාරය ගැන මෙරට ප්‍රසිද්ධ ඡ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියකු අප හට පැවසූවේ රනිල් රාජපක්ෂ යනු කුඩා කාලයේ ඔටිසම් තත්වයේ පසු වූවකු බව තමන් පෞද්ගලිවම දන්නා බවත් ⁣ඔහුගේ එම ඔටිසම් ක්‍රියා කළාපය අදටත්  ඔහු තුළින් ප්‍රකාශයට පත් වන බවත්ය.සැබැවින්ම බටලන්දේ රනිල් රාජපක්ෂගේ වර්තමාන වියරු හැසිරීම තුළ ඒ ඡ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාගේ  අනාවරණය සත්‍ය බව අපටද සිතා ගන්නට පුළුවන.
රනිල් ගේ විකෘති උන්මාදය.......
අද රැස් වූ පාර්ලිමේන්තුවේදී පාම දයාසිරි ජයසේකර ප්‍රකාශ කරන ලද්දේ ආණ්ඩුවට මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නම් නව මැතිවරණ කොමිසමක් හෝ පත් කර මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බවය.එම අදහස් දැකීමට බාධා කළ ජනපති බටලන්දේ රනිල් රාජපක්ෂ මොංගල් ආතල් එකක් ගත්තේ මැතිවරණ කොමිෂමක් අලුතෙන් පත් කරන්නම් කියමිනි.මෙම සංවාදයේ කොටස් සංස්කරණය කොට අලුත් මැතිවරණ කොමිසමක් පත් කරලා ඡන්ද තියන්න දයාසිරි ඉල්ලයි,ඇමති මනූෂ නානායක්කාර
 එය ස්ථිර කරයි,ජනපති එකඟ වෙයි, යනුවෙන් වීඩියෝවක් මනූෂ නානායක්කාර අමාත්‍යවරයාගෙි මාධ්‍ය අංශය මෙරට මාධ්‍ය වෙත එවීමට කටයුතු කර තිබේ.මේ පිළිබඳව අදහස් දක්වා ඇති පාම දයාසිරි ජයසේකර පවසා ඇත්තේ මෙය සිඟිති ආතල් එකකට එහා ගිය විපක්ෂයේ අදහස් දැක්වීම් විකෘති කරන හා මර්දනය කරන ඉතා පහත් භාවිතාවක් ලෙස සළකන බවය.
 
ජනපති බටලන්දේ රනිල් ගේ විකෘති උන්මාදය තුළින් සිදු කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී බලහත්කාරය පිළිබඳව නිදර්ශනයක් ලෙසගත හැකි උපුටනයක් අපට කියවන්නට ලැබුණි.ඒ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් ලෙවිට්ස්කි සහ ඩැනියල් සිබ්ලාට් ලියු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රම මිය යන්නේ කෙසේද යන පොතෙනි.මෙම උපුටනය පල කර තිබුණේ ගාමිණි වියන්ගොඩගේ ලිපියකය.
 
" ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ප්‍රහාරය බොහෝ විට ඇරඹෙන්නේ හෙමිහිටය.බොහෝ පුරවැසියන්ට එය එතරම්ම නොපෙනෙන්ටත් පුළුවන.මෙවැනි අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදයේ හෝදා පාළුව සිද්ධ වන්නේ කොටස් වශයෙනි.එකිනෙක කොටස වෙනම ගත් විට නොවැදගත්ය.එබැවින් ඒ කිසිවක් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් යැයි නොපෙනෙයි...."
 
සැබවින්ම මේ උපුටනයේ දැක්වෙන අර්ථය අපේ පලාත් පාලන මැතිවරණය කඩා කප්පල් කිරීමට ආණ්ඩුව ගත් තක්කඩි ක්‍රියා මාර්ග හා එකින් එක ගලපා ගත හැකිය.     
 

 

 

Comments

  1. බටයාලන්දගේ වසලකම් ඊයේ පාර්ලිමේන්තු වේදී.පෙන්නුවේ .මහත්තයා කමේ ටයි කෝට් ගැලඋනා. මැදමුලන රස්තියාදු කාරයන්ට වඩා අන්තයි බට හාමු .

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්