සජින් වාස් හා වජිර ගේ අළුත් ආණ්ඩු කුමන්ත්‍රණයට පොදු ජන පෙරමුණෙන් මල්ටි බැරල් ප්‍රහාරයක් එල්ල වේ.

 


ජනාධිපති බටලන්දේ රනිල් රාජපක්ෂ පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු බලය කඩා බිඳ දැමීම සඳහා හීන්  නූලෙන් ගෙන යන යටි කූට්ටු කුමන්ත්‍රණය "ලංකා දවස" පල වීමත් සමගම රාජපක්ෂ හිතවාදීීීන් දැඩි කළ බලයට පත් වී ඇති  බව වාර්තාවෙි.
 
අද පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගල කාරියවසම් විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී  බටලන්දේ රනිල් රාජපක්ෂ විසින් සිදු කර ඇති පලාත්පාලන  ඡන්ද කල් දැමීම සම්බන්ධයෙන් විරෝධතාවක් ප්‍රකාශ කෙරිණි.එහිදී නීතිඥ සාගල කාරියවසම් ප්‍රකාශ කරන ලද්දේ මැතිවරණය කල් දැමීමට ජනපතිවරයාට නොහැකි බවත් එය ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව මගින් සිදු කළ යුතු කාර්යයක් බවය.
 

යම් ආකාරයකින් පලාත් පාලන මැතිවරණය මුදල් නොමැති කම නිසා ඡන්දය කල් දැමීමක් සිඳු කරන්නේ නම් ආණ්ඩුව මුදල් සොයාගෙන මැතිවරණය පවත්වන දිනය නිශ්චිතව සඳහන් කළ යුතු බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

පොදුජන පෙරමුන මහජනතාවට පවතින පරමාධිපත්‍ය තුළ පවත්වන මැතිවරණ කල් දමන පක්ෂයක් නොවන බවත් එලෙස ව්‍යවස්ථා විරෝධීව මැතිවරණ කල් දැමීම සිදු කරන ලද්දේ වත්මන් ජනපතිවරයා අගමැති ලෙස කටයුතු කළ යහපාලන ආණ්ඩුව කාලයේදී බව නීතිඥ කාරියවසම් වැඩි දුරටත් පැවසීය.
 
පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගල කාරියවසම් ජනපති බටලන්දේට එරෙහිව මෙලෙස විවෘතව විරෝධතාව දක්වන ලද්දේ අනතුරු ඇඟවීමක් ලෙස බව ලංකා දවසේ අදහසය.අප විසින් මීට ඉහතදී අනාවරණය කළ ජනපති බටලන්දේ රනිල් රාජපක්ෂගේ යටි බිම් ගත ආණ්ඩු වෙනස් කිරීමේ මෙහෙයුම ගැන පොදුජන පෙරමුණට ඉව වැටී ඇති බව අපට විශ්වාසය.මෙම කුමන්ත්‍රණකාරී සැළසුමේ ප්‍රධාන නළුවා වන සජින් වාස් ගුනවර්දන ගැන රාජපක්ෂවරුන් හොඳින් දනී.පොදුජන පෙරමුණ කලබල වී ඇත්තේ ඒ නිසා බවද පැහැදිලිය.
 
දැන් ඉතින් ජනපති බටලන්දේ රනිල් රාජපක්ෂට සිය දේශපාලන ක්‍රීඩාව අවදානම් කලාපයක බව සිට ස්ථිරය.ඇතැම් විට එහි අවසානය රනිල් රාජපක්ෂගේ ජනපති පුටුව අහිමි වීම විය හැකිය.පොදු ජන පෙරමුණ අහිගුංටිකයා නම් නයා වූයේ මේ බටලන්දේ රනිල් රාජපක්ෂය.එහෙත් නයා හිතුවේ අහිංගුන්ටිකයා නැතුව වුවද තමන්ට වීදියේ නැටුම් පෙන්වා  ජීවත් වන්නට පුළුවන් බවය.අහිගුංටිකයා නැති නයාට පොලු පාර දෙන්නට දැන් පොදුජන පෙරමුණු නායකයන් සූදානම්ය.
 
සජින් වාස් ,වජිර ,සාගල වැන්නන් ගේ සිහින බිඳ දමන්නට අද  පොදු⁣ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසමි පැවැත්වූ මේ තර්ජනාත්මක මාධ්‍ය සාකච්ඡාව හොඳටම ප්‍රමාණවත්ය.බටලන්දේ රනිල් රාජපක්ෂ හදන්නට සැළසුම් කළ අළුත් ආණ්ඩුවේ අගමැති වෙන්නට සිටි නිමල් සිරිපාල ගොයියාට අපට දැන් කියන්නට ඇත්තේ අනේ සොරි බබා කියා විතරමය. 
 
 
 

Comments

  1. ජය වේවා ! තමන්ගේ පව් පස්සෙන් එළවා ගෙන එන දිනයක් ළඟාවෙනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්