සජින් වාස් හා රනිල් අතර රහස් හමුවක්
මහින්ද රාජපක්ෂ ජනපති වරයාගේ කාලයේදී ආණ්ඩුවේ රස්පුටින් වූයේ සජින් වාස් ගුණවර්දනය.කොටින්ම කියතොත් නාමල් රාජපක්ෂටත් වඩා මහින්ද රාජපක්ෂ සමීපයෙහි සිටියේ සජින් වාස් ගුනවර්දනය.
අබේ වාස් ගුනවර්දන සජින් වාස් ගේ පියා විය.ප්‍රේමදාස ජනපතිවරයා ගේ කාලයේදී වරාය අධිකාරියේ සභාපතිවරයා වූයේ මේ අභය වාස් ගුණවර්දනය.අභය වාස් ගුනවර්දන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්යාලයේගුරුවරයකු ලෙස කටයුතු කර ඇති අතර හොඳ ක්‍රියාකාරී සමසමාජ කාරයෙක් ද විය.ඉතා සෘජු අවංක පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධ අභය වාස් ගුනවර්දන වරාය අධිකාරයේ සභාපති වරයා ලෙස කටයුතු කරන අවදියේ ජනපති රණසිංහ ප්‍රේමදාස විසින් වරාය සේවකයකු ලෙස යම් පුද්ගලයකු බඳවා ගන්නයැයි එවන ලද ලිපියක් අභය වාස් කුණු කූඩයට දැමූ බව ප්‍රචලිතය.ඒ සිදුවීම ආරංචි වූ ජනපතිවරයා අභය වාස් ගෙන්වා නිදහසට කරුණු විමසා ඇත.මෙහිදී අභය වාස් ගුනවර්දන පවසා ඇත්තේ සර් සමාවෙන්න වරාය දියුණු කරන්න මට ඉඩ දෙන්න ඒත් මගේ රාජකාරියට මැදිහත් වෙන්න එපා එහෙම කරන්න බැරි නමි මා සභාපතිි පදවියෙන් ඉල්ලා අස්වෙන්නම් කියාය.එතැන් සිට ජනපති ආර්.ප්‍රේමදාස මහතා කිසිම අවස්ථාවක වරාය සම්බන්ධයෙන් මැදිහත් වූයේ නැති බව පැවසේ.අභය වාස් ගුනවර්දන සභාපති වරයාගේ කාලයේදී වරාය අධිකාරිය විශාල ලාභයක් ලැබූ බවද සඳහන් වේ.ඔහු සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී සිය බිරිඳට හා දරුවන්ට වරාය අධිකාරියේ ඔහුට දුන් නිල වාහනයේ ගමන් බිමන් යාම තහනම් වූ බව පැවැසේ.අභය වාස් ගුනවර්දන හා පැවැති දේශපාලනික සම්බන්ධතාව මත චන්ද්‍රිකා බණ්ඩාරනායක සිය ජනපති ධූර කාලයේදී ඔහුගේ පුත්‍රයා වූ සජින් වාස් ගුනවර්දන ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස පත් කෙරිණි.එහෙත් සජින් වාස් ගුනවර්දන එහිදී සිදු කළ වංචාවක් අනාවරණය වීමෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරිය විසින් ඔහු ඉන් නෙරපා හරින ලදී.පසුව අගමැති බවට පත් වූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ රාජකාරි දිනපොත බාරව කටයුතු කළ සජින් වාස් ගුනවර්දන අගමැති වරයාගේ සමීපතමයන් ගේ කවයේ ඇතුළත සාමාජිකයෙක්ද විය.
මහින්ද රාජපක්ෂ.......
රනිල් වික්‍රමසිංහ පරාජයට පත් වීමෙන් පසුව මැද පෙරදිග රැකියාවකට ගිය සජින් වාස් ගුනවර්දන ට්‍රයිකෝ ආයතනයේ කළමනාකරුවෙක් ලෙස කටයුතු කළ බව පැවසේ.එහිදී විපක්ෂ නායක ලෙස එහි සංචාරයකට ගිය මහින්ද රාජපක්ෂ හා සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට සජින් වාස්ට හැකිවිය.මහින්ද රාජපක්ෂ මෙරට ජනපති වරයා ලෙස පත්වීමෙන් පසුව ඔහුගේ විදේශ කටයුතු සම්බන්ධීකරණ ලේකම් වරයා වූයේ සජින් වාස් ගුනවර්දනය.ඒ කාලය තුළ මහින්ද රාජපක්ෂ සමීපයේ සජින් වාස් ගුනවර්දන සිටියේ පුක හා අමුඩය වාගේ බව තතු දන්නන් පවසයි.කෙටියෙන් සඳහන් කරතොත් රාජපක්ෂ පවුලේ සියල්ලන්ටම වඩා මහින්ද රාජපක්ෂ විශ්වාසය තබා සිටි පුද්ගලයා වන්නේ සජින් වාස් ගුනවර්දනය.ඒ බව තහවුරු කෙරෙන තොරතුරු රාශියක් අප සතුව පවතී.ශිරන්ති රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ වැන්නන් පවා මහින්ද රාජපක්ෂ සමග සම්බන්ධතා පැවැත්වීමේදී අතරමැදි සම්බන්ධීකාරකයා වූයේ මේ සජින් වාස්ය.මේ නිසාම රාජපක්ෂ පවුල තුල සජින් වාස් සම්බන්ධයෙන් පැවතියේ බරපතල නෝක්කඩුවකි.සජින් වාස් හා මහින්ද රාජපක්ෂ අතර පැවැති සමීප සම්බන්ධතාව ගැන අනාවරණය කෙරෙන අපූරු ප්‍රවෘත්තියක් අපි මෙහි සටහන් කරමු.ශිරන්ති රාජපක්ෂ විදේශ සංචාරයක් සදහා ලන්ඩනයට යාමේදී ඇයගේ පරිවාර සේවිකාවක ලෙස යාමට යෝජනා වී තිබුණේ කෙහෙළිය රඹුක්වැල්ල ගේ දියණියයි.මෙම සංචාරය ජනපතිවරයාගේ විදේශ කටයුතු සම්බන්ධීකරණ ලේකම් වරයා ලෙස සජින් වාස් ගේ අධීක්ෂණය යටතේ සංවිධානය වූ සංචාරයකි. ශිරන්ති රාජපක්ෂ හා කණ්ඩායම විදේශගතව නැවතීමට නියමිතව තිබෙන හෝටලයේ කාමර වෙන් කර ඇති ආකාරය පිළිබඳ ලේඛනය එම සංචාරයට පෙර දින සජින් වාස් ගේ අවධානය යොමු කෙරිණි.ඔහුට එහිදී එම නැවතීම සම්බන්ධයෙන් තමා සැලසුම් කළ ආකාරය කිසිවෙකු වෙනස් කර ඇති බව දැක ගත හැකි විය.ඒ ශිරන්ති රාජපක්ෂ සඳහා වෙන් කළ කාමරයට යාබද කාමරය කෙහෙළියගේ දියණිය විසින් ලබා ගෙන තිබෙන බවය.මෙම වෙනස් කිරීම දුටු සජින් වාස් සිය නිළධාරීන් ගෙන් ඒ ගැන විමසූ අතර ඔවුන් ප්‍රකාශ කර සිටියේ කෙහෙළියගේ දියණියගේ උපදෙස් මත එය වෙනස් කළ බවය.මෙහිදී කෝපයට පත් සජින් වාස් සිය නිළධාරීන්ට නියෝග කරන ලද්දේ කෙහෙළියගේ දියණිය එම සංචාරයට සහභාගි නොකරන ලෙසටය.එය එසේම සිදු විය.සජින් වාස් ගේ ඒ නියෝගය වෙනස් කිරීමට එදා කිසිම ජගතෙකුට නොහැකි විය.ජනපති මහින්ද රාජපක්ෂ තරමටම එදා ප්‍රබලව සිටි පුද්ගලයා වූයේ සජින් වාස් බව ඉන් තහවුරු කර ගත හැකිය.හමුදාපති ෆොන්සේකා........සජින්වාස් ගේ අම්බලන්ගොඩ නිවසේ දානමය පින්කම පැවැති දිනයක එවකට හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා ධර්මාශෝක විද්‍යාලයේ තිබූ උත්සවයකට සහභාගි වීමට නියමිතව තිබුණි.හමුදාපතිවරයා අම්බලන්ගොඩට පැමිණීම හේතුවෙන් නගරයේ බොහෝ අතුරු පාරවල් වල වසා දමා ගමනා ගමන කටයුතු හමුදා භටයන් යොදවා අවහිර කර තිබුණි.එදින සජින් වාස් ගුනවර්දන ගේ නිවසේ දානමය පින්කමට වැඩම කළ සංඝයා වහන්සේලාට එහිදී බාධා විය.මින් කෝපයට පත් සජින් වාස් ගුනවර්දන ජනපති මහින්ද රාජපක්ෂ වෙත දුරකතන ඇමතුමක් ගෙන චෝදනා කෙරුවේ සර් හමුදාපති අම්බලන්ගොඩ ඇවිල්ලා හමුදාවෙන් පාරවල් වහලා .හාමුදුරුවරුන්ට දානයකට වඩින්නවත් දෙන්නෑ සර්...යැයි පවසන ලදී.එම දුරකතන ඇමතුම අවසන් වූ පසු සජින් වාස් ඒ අසල සිටි නායක හාමුදුරුවන්ට පැවසුවේෆොන්සේකා ගේ හමුදාපති කම තව සතියකින් ඉවර බවය.සැබැවින්ම ඉන් සතියකට පසු ජනරල් සරත් ෆොන්සේකා හමුදාපතිකමෙන් ඉවත් කෙරිණි.රනිල්......සජින් වාස් ගේ ඒ දිනවල තරම එහෙමය.සජින් වාස් බලපිටිය එක්සත් ජනතා නිදහස් සංවිධානයේ සංවිධායක වරයා ලෙස කටයුතු කරන කාලයේ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා ලෙස බලපිටිය පැවැති එජාප රැස්වීමකට සහභාගි වී යන විට බලපිටිය මැර කණ්ඩායමක් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට ඔහුගේ රථයට පහර දෙන ලදී.විපක්ෂ නායකවරයාගේ නිල රථයට එලෙස පහර දුන් මැර කණ්ඩායම මෙහෙයවූයේ බලපිටිය ප්‍රාදේශීය සභාවේ එවකට සභාපතිවරයා වූ දයාරත්නගේ සහෝදරයාය.එම පහර දීම සංවිධානය කෙරුවේ සජින් වාස් ගුනවර්දනය.ඔහු එම පහරදීම සංවිධානය කර කොළඹ බලා පිටත් වූයේ කිසිත් නොදත් අයෙකු ලෙසය.බලපිටියේදී සිය නිල රථයට පහර දීම සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහවරයා සිටියේ දණ්ඩෙන් පහර කෑ නයෙකු විදියටය.එහෙත් එහිදී සජින් වාස් රඟපෑවේ එම පහරදීම පිළිබඳව තමන් කිසිවක් නොදන්නා ගානටය.ඔහු වහාම විපක්ෂ නායක වරයාට දුරකතන ඇමතුමක් ගෙන එම පහරදීම සම්බන්ධයෙන් සිය කණගාටුව විපක්ෂ නායකවරයාට ප්‍රකාශ කොට පැවසුවේ මෙම මැර කල්ලිය සංවිධානය කර ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බවය.මෛත්‍රීපාල සිරිසේන.........මහින්ද රාජපක්ෂ ජනපතිවරයා පරාජයට පත් වූ ජනපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළ දිනයේම සජින් වාස් ගුනවර්දන නව ජනපතිවරයා හමුවීමට විජේරාම පාරේ නිවසට යන ලදී.මෙම ගමන සංවිධානය කෙරුවේ ඩඩ්ලි සිරිසේනය.සජින් වාස් එම ගමන යන ලද්දේ මහින්ද රාජපක්ෂ ගේ අවශ්‍යතාවට අනුවය.කෙසේවෙතත් යහ පාලනය ආරම්භයත් සමගම සජින් වාස් ගුනවර්දනට බන්ධනාගාර ගත වීමට සිදු විය.ඔහු බන්ධනාගාරගතව සිටින විට මෙරට පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට බලපිටිය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරවමින් සිය බිරිඳ ඉදිරිපත් කරවීමට ඔහුගේ අරමුණ විය.එහෙත් සජින් වාස් ගේ බිරිඳ ගේ නාම යෝජනාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා කමිටුව විසින් ප්‍රතික්ශේප කෙරුණි.එය සිදු කරන ලද්දේ සුසිල් ප්‍රේම ජයන්ත විසිනි.සජින් වාස් මහින්ද රාජපක්ෂ සමීපයෙන් ඈත් වූයේ එතැන් සිටය.කෙසේවෙතත් සජින් වාස්ට මහින්ද රාජපක්ෂ සමීපයට ලංවීමට ඉඩ නොදීමට රාජපක්ෂ පවුලේ සියල්ලන්ම සැළසුම් කර තිබුණි.මිල්ටෙරි නන්දසේන..........එහෙත් සජින් වාස් හා මිල්ටෙරි නන්දසේන අතර සම්බන්ධයක් තිබුණි.මිල්ටෙරි නන්දසේන ජනපතිවරණයට ඉදිරිපත් වූ අවස්තාවේ ඔහුට උදවු කිරීමේ අවශ්‍යතාවක් සජින් වාස්ට තිබුණ නමුත් බැසිල් රාජපක්ෂ ඒ අවස්ථාව ලබා නොදීමට තීරණය කර තිබුණි.කෙසේ වෙතත් ඒ වන විට සජින් වාස් සිටියේ ශ්‍රීලනිපයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයට සම්බන්ධවය.මෛත්‍රීපාල සිරිසේන විසින් සජින් වාස් ගුනවර්දන මාතර ශ්‍රීලනිප සංවිධායක වරයා ලෙස පත් කෙරුණු අතර මෑතකදී පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් වරයා ලෙසද පත් කරන ලදීරනිල් වික්‍රමසිංහ හා සජින් වාස්.......මිල්ටෙරි නන්දසේන ජනපති කමෙන් ඉල්ලා අස් වීමෙන් පසුව බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ හා සජින් වාස් අතරද පැරණි සම්බන්ධතාව අළුත් වී තිබේ.මාලදිවයිනේ හිටපු ජනපතිවරයා රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර පාරිසරික උපදේශකවරයා ලෙස පත් වන්නේ සජින් වාස් ගේ සම්බන්ධීකරණයෙනි.මාලදිවයිනේ හිටපු ජනපතිවරයා සජින් වාස් අතර ඇත්තේ දීර්ඝ කාලීන අඹ යාළු මිත්‍රකමකි.මෑතකදී සජින් වාස් ගුනවර්දන මාලදිවයිනේ දූපතක්ද මිලයට ගෙන තිබේ.මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රීලනිපයේ මාතර ආසනයේ සංවිධායක වරයා ලෙස සජින් වාස් රටට පේන්නට කටයුතු කෙරුවද අපට ආරංචි විදියට ඔහු ඩබල් ගේම් කාරයෙකි.දැන් ඔහුගේ සියළු ගනුදෙනු සිද්ධ වන්නේ රනිල් වික්‍රමසිංහ සමගය.ඒ ඉතා රහසිගතවය. මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ලෙස කටයුතු කරන විට එජාපයේ මන්ත්‍රීවරුන් ගනනාවකම ඒ ආණ්ඩුවට බිලි බා ගත්තේ සජින් වාස් ගේ මැදිහත් වීමෙනි.සජින් වාස් ඒ වැඩ වලට අති දක්ෂයෙකි.රනිල් වික්‍රමසිංහ හා එක්ව සජින් වාස් අමුතුම ගේමක්.......මේ වන විට රනිල් වික්‍රමසිංහ හා එක්ව සජින් වාස් අමුතුම ගේමක් ගහන්නට හදනවා යැයි අපට සැකයක් පවතී.ඒ සඳහා හොඳම සාක්ෂියක්ද අපට ලැබී තිබේ.ඒ සිද්ධිය මෛත්‍රීපාල සිරිසේන තබා ශ්‍රීලනිපයේ කිසිවෙකුත් නොදන්නා බවද අපට සහතිකය .රහසිගත හමුව........මීට දවස් ගනනාවකට පෙර රාත්‍රියේදී සජින් වාස් ගුනවර්දනගේ නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා පැය හයකට ආසන්න කාලයක් එහි රැඳී සිට තිබේ.මේ හමුව පැවතියේ කිසිම දේශපාලඥයකු නොමැතිව ඉතා රහසිගතව වීම විශේෂ කරුණකි. කෙසේ වෙතත් මේ හමුව සම්බන්ධයෙන් අපට සැක කිරීමට ඇත්තේ සජින් වාස් හෙට අනිද්දා වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බිලි බා ගනීද යන්නය පමණය.ඔහු ඒ කෙරුවාවට අති දක්ෂයෙකි.වඩිවේල්.........සුරේෂ් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයෙන් ඉවත්වීම පිටුපස සජින් වාස් දැල එලා ඇද්ද යන්න පවා අපට සැක සහිතය.ඒ සැකය ස්ථිර වශයෙන්ම නිශ්චය කර ගත හැක්කේ වඩිවේල් සුරේෂ් හෙට අනිද්දා වන විට රනිල් වික්‍රමසිංහ ගේ දෑත් ශක්තිමත් කිරීමට පැමිණියහොත්ය.
Comments
Post a Comment