හිටපු වරාය සභාපති ප්‍රියාත් බන්දු ඇතුළු චුදිතයන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම අධි චෝදනා ගොනු කෙරේ

 


ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ ප්‍රියත් බන්දු වික්‍රමමුණි සහ බහාලුම් මෙහෙයුම් උපකරණ ක්‍රියාකරු වශයෙන් කටයුතු කළ ආර්.බී.සංජය කුමාර සහ එවකට එහි කළමනාකාර අධ්‍යක්ෂ වරයා වූ ආර්.සී.ඩබ්.එම්.නිහාල් කැප්පෙටිපොළ  අයවළුන්ට එරෙහිව  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද දින කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කර තිබේ.

වර්ෂ 2015 දී පැවති ජනපතිවරණයේදී ජනපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂට මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා වරාය අධිකාරියේ සේවකයන් තුන් සිය දහ නව දෙනෙකු රාජකාරියෙන්  පරිබාහිරව යෙදවීම හා ඔවුන් හට වරාය අධිකාරියේ මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් වැටුප් සහ අතිකාල ගෙවීම සිදු කර රජයට ලක්ෂ 650ක පාඩුවක් කරන ලදැයි මෙම චුදිතයන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ පනතේ 70 වන වගන්තිය යටතේ මෙම අධිචෝදනා ගොනු කර ඇති බව වාර්තා වේ.   

වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයා වන ප්‍රියාත් බන්දු වික්‍රමමුණි මිල්ටෙරි නන්දසේන විසින් කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂමේ අධ්‍යක්ෂ වරයකු ලෙසද පත් කරන ලදී.  


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්