මිල්ටෙරි නන්දසේන ඩේසි ආච්චිගේ මැණික් මල්ලට සමාන චේතිය බේගලයක් ඇද බායි
දෙහිවල ප්‍රදේශයේ මිලියන 300 කට අධික දේපලක් අත්පත් කර ගැනීම සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඒ දිනවල යෝෂිත රාජපක්ෂට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරූ නඩුවක සාක්ෂි දුන් ඔහුගේ මිත්තණිය වූ ඩේසි ෆොරස්ට් සාක්ෂි දෙමින් පවසන ලද්දේ තමන්ගේ නිවසේ දොරකඩ නන්නාඳුනන පුද්ගලයකු විසින් මැණික් මල්ලක් තබා ගොස් තිබුණ බවද එම මැණික් අලෙවිකර සිය මුණුබුරාට එම දේපල මිලයට ගත් බවය.පුදුමය වන්නේ ඩේසි ෆෙරස්ට් ගේ මේ සාක්ෂිය අධිකරණය පිළිගැනීමය.එවැනිම විහිළු සහගත ප්‍රකාශයක් රාජපක්ෂ පවුලේ උදයංග වීරතුංග විසින්ද මාධ්‍ය වෙත කර තිබුණි.මහින්ද රාජපක්ෂ මෙරට ජනපතිවරයා වශයෙන් කටයුතු කරන අවදියේරුසියාවේ තානාපති වශයෙන් කටයුතු කළ උදයංග වීරතුංග යහපාලන ආණ්ඩුව ආපසු කැඳවීමෙන් පසුව ඔහු ගෙන ආ බඩු කන්ටේනරයක් රේගුව විසින් මුදා හැරීම අත් හිටුවිනි.ඒ දිනවල ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි එම බඩු කන්ටේනරය ගැන උදයංග වීරතුංග ගෙන් ප්‍රශ්ණ කර තිබුණි.එහිදී උදයංග වීරතුංග ප්‍රකාශ කර තිබුණේ එම කන්ටේනරයේ ඇත්තේ ඔහුගේ දරුවන්ගේ පොඩි කාලයේදී වැටුණු කිරි දත් ,කපපු කොණ්ඩ කෑලි හා ඡයාරූප හා සමරු සටහන් බවය.දැන් රාජපක්ෂ පවුලේ නව චේතිය බේගලය ප්‍රසිද්ධියට පත් වී තිබෙි.ඒ බේගලයේ පේටන්ට් හිමිකරු මිල්ටෙරි නන්දසේනය.පසුගිය වර්ෂයේ ජුලි 9 වන දින තමන් ජනපති ධුරයෙන් පන්නා දැමීම සඳහා කොළඹට එක් වූ ජනතාවට ජනපති මැදුරේ තිබී හමු වූ එක් කෝටි 78 ලක්ෂයකට අධික මුදල අරගලය දින පොදු ජන පෙරමුණේ ක්‍රියා කාරීන්ගේ විනාශ වූ නිවාස හා දේපොල යථා තත්වයට පත් කිරීම සදහා පොදු ජන පෙරමුණේ ව්‍යාපාරිකයන් ගේ අරමුදලකට එකතු වූ මුදල් බවට මිල්ටෙරි නන්දසේන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබුණි.මිල්ටෙරි නන්දසේනගේ එම ප්‍රකාශයට අදාල උදෘත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයා වෙත යොමු කර උපදෙස් ඉල්ලා ඇත්තේ මෙම මුදල් තොගය මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන්නේද යන්න විමසීමටය.ඒ පිළිබඳව නීතිපති තීන්දුව හෙට අනිද්දා වෙන විට ලැබෙනු ඇත.ඩේසි ආච්චිගේ මැණික් මල්ල සත්‍ය බව පිළිගත් අධිකරණය හා නීතිපති මිල්ටෙරි නන්දසේන ගේ මේ චේතිය බොරුව පිළි නොගන්නේ නම් පුදුමය.
Comments
Post a Comment