පොලිස් රාළහාමිට එරෙහිව බොරු නඩුවක් පැවරුවාට පොලිස්පති අධිකරණයෙන් සමාව ගනී

 



කංසා ළඟ තබා ගත් බවට චෝදනා කරමින් අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්දන අංශය විසින් අත් අඩංගුවට ගන්නා ලද තන්තිරිමලේ පොලීසියේ සේවයේ නියුතුව සිට් පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව පසුගියදා (24) මැදවච්චිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හල්යාල හමුවේ පැවැති නඩු විභාගයේදී අනාවරණය වූයේ එම පොලිස් කොස්තාපල් වරයාට බොරු චෝදනා කර නඩු පවරා ඇති බවය.මෙම නඩු විභාගය සඳහා පොලිස්පතිවරයා වෙනුවන් අධිකරණයේ පෙනී සිටි පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කාර්යංශයේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්.වික්‍රමසිංහ මෙම පොලිස් කොස්තාපල් වරයාගෙන් සමාව අයැද සිටින ලදී.


තන්තිරිමලේ පොලීසියට අනුයුක්තව සේවය කළ එම පොලිස් කොස්තාපල් වරයාගෙන් පලි ගැනීම සඳහා සැළසුම් සහගතව කංසා ග්‍රෑම් 85,010 ක් සන්තකයේ තබා ගැනීම,ජාවරම් කිරීම, 
ප්‍රවාහනය කිරිම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්පතිවරයාගේ නියෝග මත විශේෂ විමර්ශන කාර්යංශය කළ විමර්ශනයකදී අනාවරණය වූ බව අධිකරණය වෙත ප්‍රකාශ කළ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්.වික්‍රමසිංහ පලි ගැනිමේ චේතනාවෙන්  ඔහුට එරෙහිව  නඩුව පවරන ලද අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිළධාරීන් හත් දෙනාගේ වැඩ තහනම් කර ද්වේෂ සහගතව නඩු පැවරීමේ චෝදනාව යටතේ ඔවුන්ට එරෙහිව ⁣මෙම අධිකරණයේම නඩු පවරන බවටද මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සහතික විය.

තන්තිරිමලේ පොලීසියට අනුයුකත්ව සේවය කළ මැදවච්චිය ඇටවීරගොල්ල පදිංචිව සිටි පොකො 83840 ජේ.ඩී සඳුන් මෙම අසාධාරණයට ලක් වී තිබුණි.එම පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව සාවද්‍ය චෝදනා නගමින් මැදවච්චිය අධිකරණයේ පවරා තිබූ  නඩුව මෙහිදී ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ඉල්ලා අස් කර ගත් අතර එම අධිකරණ ක්‍රියා මාර්ග නිසා දැනට වැඩ තහනමක⁣ට ලක්ව සිටින ඔහු නැවත සේවයේ පිහිටුවන බවටද පොරොන්දු වී තිබේ.

පොලිස්පතිවරයා වෙනුවෙන් විවෘත අධිකරණයේදී විශේෂ ප්‍රකාශයක් කළ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.ඩී.වික්‍රමසිංහ විසින් නොකළ වරදකට පොලිස් කොස්තාපල්වරයාට ⁣එරෙහිව නඩු පැවරීමෙන් ඔහුට වූ අසාධාරණය පිළිබඳව පොලිස්පතිවරයා හා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් තමා සමාව ඇයද සිටින බවද ප්‍රකාශ කෙරිණි.

පොලිස් කොස්තාපල් ජේ.ඩී.සඳුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ නලින් දිමුතු බණ්ඩාර විසින් කරුණු ඉදිරිපත් කරමින්  අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරීන්ගේ මෙම නීති විරෝධී ක්‍රියාව නිසා තම සේවාදායකයාට රැකියාව අහිමි වී රිමාන්ඩ් බාරයේ සිටීමට සිඳු වූ බවද ඉන් පොලිස් නිළධාරිනියක වූ සේවාදායකයාගේ බිරිඳ පවා අපහසුතාවට පත් වූ බවද මේ  දෙදෙනාගේ දරුවා එම හේතුව නිසා පාසැලට ඇතුලත් කිරීමට නොහැකි වී  ඇතැයිද ප්‍රකාශ කරන ලදී.වැඩිදුර⁣ටත් අධිකරණය ඉදිරියේ අදහස් දැක්වූ නීතිඥ නලින් දිමුතු බණ්ඩාර කියා සි⁣ටියේ මෙම අශිෂ්ඨ ක්‍රියාවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට කැලලක් ඇති වූ බවය

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්