මල් වඩම් නම් කෙහෙළිය- කෙහෙළිය නම් මල් වඩම්

 


කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් මේ වන විට රට පුරා ඇත්තේ හිරිකිතයකි.කේන්තියකි.තමන්ගේ ආදරණීය සමීපතමයා බාල ඖෂධ නිසා මිය යාම ගැන සමහර පවුල් සිටින්නේ වෛරයෙනි.දොස්තර රාජිත කියන විදියට මේ ප්‍රශ්ණයේ ආරම්භයයි.ඉදිරි මාස තුනේදී ප්‍රශ්ණය තව බරපතල වෙන්නට ඉඩ තිබේ.ජනපති හාමුට ඒ ගැන වගේ වගක් නැත.ඔහු අන්දෝ සංසාරයක් නැති විකාර කතා කියවමින් සිටී.ඔහුට හෝ ඔහුගේ ආණ්ඩුවට මේ ප්‍රශ්ණය විසඳීමට සැබෑ වුවමනාවක් තිබෙනවාදැයි සැකයක් පවා ඇතිවෙන තරමට වැඩ කටයුතු සිද්ධ වෙමින් තිබේ.රනිල් හාමු කවදාවත් අනෙකාට සවන් දෙන ජාතියේ කෙනෙක් නොවේ .ඒ ඔහුගේ උපන් ගෙයි හැටිය.මිල්ටෙරි නන්දසේනද මේ ජාතියේමය.හැබැයි මිල්ටෙරි නන්දසේන තමන් ළඟ ඉන්න විශ්වාසදායී සෙට් එක දෙන උපදෙස් වලට ඇහුම්කන් දුන්නේය.ඒත් හාමු එහෙම උපදෙස් පිළිගන්නා ජාතියේ උන්නැහේ කෙනෙක් නොවේ.රනිල් හාමු  කැමති හීන වලටය.ජාත්‍යන්තරයේ කො⁣හේ හරි රටක බෙහෙත් විස වී දරුවකු මිය ගියේ නම් රනිල් හාමුට නින්ද යන්නේත් නැත.එහෙනම් හාමු ඒ ගැන පැමිණිලි කරන්නට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත් යන එක ෂුවර්ය.ඒත් තමන් ජීවත්වන රටේ වුන් ගැන හාමුට එහෙම හැඟීමක් නැත.

අද පාර්ලිමේන්තුවේදී ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කීවේ ඉස්පිරිතාලයට යන මිනිසුන් සමහරක් යහතින් ආපසු යන්නේ නැති බවය.ඉස්පිරිතාල වටේට මල් ශාලා ඇත්තේ ඒ නිසා බවද මෙි පාහරයා කිව්වේ ඇඟට පතට නොදැනීය.⁣ඒ පෙන්නුවේ දේශපාලන උද්දච්කමය.චණ්ඩිකමය.ගණන්කාර කමය.ඇමතිකමේ බල පුළුවන්කාරකමය .හරි හමන් මිනිස්සු ඉන්න රටක නම් මෙවැනි තග දාන ඇමතියෙකුට ⁣පාර්ලිමෙින්තුව අවසන් කර යහතින් ගෙදර යන්නට ඉඩ ලැබෙන්නේ නැත.

 කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා දැන් බූරු පිටියේ සෙල්ලම් කරන්න හදන්නේ කොළය හංගාගෙනය.
ලියාපදිංචි නොකළ බාල බෙහෙත් ගෙන්වීම බෙහෙත් හිඟය ආදී හේතූන් නිසා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය දැන් මුහුණ දෙමින් තිබෙන සැබෑ ප්‍රශ්ණය වෙන පැත්තකට යොමු කිරීමට ආණ්ඩුව පුක ඉරාගෙන දඟලමින් සිටී.දැන් ආණ්ඩුව ආසාත්මිකතාව හේතුවෙන් මියගිය ලෙඩ්ඩු ගැන පමණක් හොයන්නට කමිටුවක් පත් කර තිබේ.නමුත් පසුගිය දින වල රෝගීන් ගනනාවක් මිය යාමට හේතුව ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන ඒම බව ⁣සෞඛ්‍ය වෘත්තිකයන් ගනනාවක් විසින් අනාවරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංඟමයේ සභාපති රවි කුමුදේශ් පවසන්නේ දැනට මෙරට සෞඛ්‍ය සේවාවේ උද්ගත වී ඇති ප්‍රශ්ණය රෝගීන් ආසත්මිකතාවයට ගොදුරුවීම⁣ට ලඝු කළ නොහැකි බවය.
ඔහු ප්‍රකාශ කරන ආකාරයට පසුගිය වසරේ පමනක් මෙරටට ලියාපදිංචියෙන් තොරව ඖෂධ ගෙන්වීමට ඇමතිවරයා ලිපි 764 නිකුත් කර තිබෙන අතර මේ වසරේ ඒ ආකාරයට 500 කට වඩා වැඩි ලියාපදිංචියෙන් තොර බෙහෙත් ගෙන විත් තිබේ.රවි කුමුදේශ් ඉල්ලා සිටින්නේ එම ඖෂධ රසායනාගාර පරීක්ෂාවකට ලක් කළ යුතු බවය.පෙරටුගාමී පක්ෂයේ ප්‍රචාරක ලේකම් වරයා විසින්ද මෙම අදහසම ප්‍රකාශ ලදී.

එහෙත් ඇමති කෙහෙළිය හා ආණ්ඩුව මෙම ඉල්ලීම් වලට කන් දෙන බවක් පෙනෙන්නට නැත.ආණ්ඩුව ඉන්නේ මාතලන්ට ඇඳලාය.කාට කෙලවුනත් මම ඇමතිකමෙන් අස්වෙන්නේ නැති යැයි කෙහෙළිය ඇමතියා පාරම් බාමින් සිටී.     

සමගි ජන බලවේගය විසින් සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට තීරණය කළ බව අද නිවේදනය කෙරිණි.විශ්වාස භංගයක් ගෙන ඒමෙන් මේ ප්‍රශ්ණය විසඳාගත හැකි යැයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා හිතන්නේ නම් ඒ ගැන අපට කියන්නේ තියෙන්නේ ජනතාවට විහිළු සපයනවාට වඩා මතු වී ඇති බරපතල ප්‍රශ්ණයට කඩිනම් විසඳුමක් ඉදිරිපත් කරන ලෙසය.ඔය විශ්වාස භංගය තනිකර ජෝක් එකකි.මෙලෝ සම්මෙකට දිනන්නට බැරිය.

 මේ විශ්වාසභංගය අවසානයේදී සිද්ධ වෙන්නේ පීචං කෙහෙළිය රඹුක්වැල්ල යෝදයෙක් විදියට පාර්ලිමේන්තුවෙන් එළියට එන එකය.

හරි විදියට කරන්න තිබුණේ හැම නගරයකම කෙහෙළියට එරෙහිව විරෝධතාවන් සංවිධානය කිරීමය.උපවාස කිරීමය.සෞඛ්‍ය ඇමති කමෙන් ඉල්ලා අස්වීමට බලපෑම් කිරීමය.එහෙත් දැන් සමගි ජන බලවේගය මේ විශ්වාස භංගය ගෙන ඒමෙන් සිද්ධ වෙන්නේ ආණ්ඩුවට සේලයින් දීමය.     

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්