ආණ්ඩුව ඇතුළේ සීතල ගැටුමක් ඇවිලේ

 


පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ලද ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්.වික්‍රමසිංහ හා ඔහුගේ පවුලේ අයවළුන් හ⁣ට මරණීය තර්ජන එල්ලවෙමින් පවතින බව වාර්තා වේ. 


ඡෙ.පො.අධිකාරී ඩී.එස් .වික්‍රමසිංහ පාස්කු බෝබ්බ ප්‍රහාරය වැනි අපරාධ සිදුවීම් ගනනාවක විමර්ශන වලට සම්බන්ධ වූ පොලිස් නිළධාරියෙකි. පසුගියදා ඔහූ විශේෂ විමර්ශන අංශයේ සිට පොලීසියේ පර්⁣යේෂණ හා සංවර්ධන අංශය වෙත ස්ථාන මාරු කර යැවීම පිළිබඳව ප්‍රශ්ණ සහගත වටපිටාවක් නිර්මාණය වී තිබුණි.
පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව වූ විමර්ෂණ වාර්තා විශේෂ විමර්ශන අංශය සතුව පවතින අතර ඡෙ.පො.අධිකාරී ඩී.එස් වික්‍රමසිංහ ඉන් ස්ථාන මාරුවී යාම නිසා එම ගොනු පිළිබඳව අනාරක්ෂිත බවක් මතු වී ඇතැයි වාර්තා වේ.

පොලීසියේ සීඅයිඩී අධ්‍යක්ෂ වරයා ලෙස දැනට සංවිධානාත්මක අපරාධ විමර්ශණ අංශයේ අධ්‍යක්ෂ ප්‍රශාන්ත  පත් කිරීමට සැලසුම් කර ඇති බවද දැන ගැන්මට තිබේ.ඡෙ.පො.අධිකාරී ප්‍රශාන්ත හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක නිළධාරියා වන නෙවිල් වන්නිආරච්චිගේ ඥාති සහෝදරයාය.

පොලිස් මූලස්ථානයේ කුමන්ත්‍රණකාරීව හා සැළසුම් සහගතව සිදුවෙමින් පවතින ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් මාරු කර යැවීම් ආදී වෙනස්කම් පිළිබඳව විමසා බලන විට එය රාජපක්ෂ වරුන්ගේ බලය කේන්ද්‍රීය කර ගනිමින් මුදාහැරෙන රහසිගත වැඩ පිළිවෙළක් බව තහවුරු වෙමින් පවතී.මේ වන විටත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ජනපතිවරයාගේ
පාර්ශවය හා රාජපක්ෂ පාර්ශවය වශයෙන් දෙපිලක් බෙදී ⁣තිබේ.මෙහිදී
රාජපක්ෂ පාර්ශවය ගණුු⁣දෙනු කරමින් සිටින්නේ පොලිස් ඇමති ටිරාන් අලස් සමගය.ජනපතිවරයාට හිතවත් පාර්ශවය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා සම්බන්ධය.පොලිස් ඇමති ටිරාන් අලස් ඇතුළු කණ්ඩායම ඡෙ.නි⁣.පොලිස්පති⁣ දේශබන්දු පොලිස්පතිවරයා ලෙස පත් නොකිරීම පිළිබදව ජනපතිවරයා ගැන කළකිරීමෙන් පසුවේ. දේශබන්දු  පොලිස්පතිවරයා ලෙස පත් කිරීම නොහැකි වී ඇත්තේ ඔහුට එරෙහිව පවතින අධිකරණ චෝදනා නිසා බව ජනපතිවරයා විසින් පොලිස් අමාත්‍ය ටිරාන් අලස් දැනුවත් කර තිබේ.මේ වන ⁣ටිරාන් අලස් අමාත්‍යවරයා හා දේශබන්දු තමන්ට එරෙහිව පවතින අධිකරණ චෝදනා ගොනු කර ඇති සාක්ෂි යටපත් කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටී.
එහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්න,විනිසුරු මරික්කාර් ,මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ආදීන් ගේ යටිබිම්ගත  සහයෝගය ලැබෙමින් පවතින බව අපට අනාවරණය වී තිබේ.

සියල්ල සිද්ධවෙමින් තිබෙන්නේ ඉතා රහසිගත සැළසුමක් ආකාරයෙනි.
ජනපතිවරයා දේශපාලනිකව ශක්තිමත් වුවහොත් තමන් ⁣ගේ පවුලේ දේශපාලන න්‍යාය පත්‍රය අවුල්  වෙනු ඇතැයි සැකයක් රාජපක්ෂ පවුල තුල තිබේ.එ⁣හිදී තමන්ට හා පවුලේ සමීපතමයන්ට එරෙහිව පවතින අධිකරණ ක්‍රියා මාර්ග වේගවත් වනු ඇතැයිද රාජපක්ෂවරුන්ට බයක් ඇති වී ඇති බවද වාර්තා වේ.පොලීසිය හා අධිකරණය තුළ සිය බලය තහවුරු කර ගැනීමේ සැළසුම රාජපක්ෂවරුන්  මුදා හරින්නේ එම පසුබිම තුළය.

ගරා වැටෙමින් පවතින රාජපක්ෂ දේහපාලනයට තවදුරටත් පදනමක් නැති බව ජනපතිවරයා දනී.එහෙත් ජනපතිවරයා සිටින්නේ දඩයමට ඉව අල්ලන පිඹුරකු ලෙස නිසොල්මනේය.
රට තුළ මතුවෙමින් තිබෙන දේශපාලන  විකෘතිය තුළ දඩයම තමාගේ කට ඇතුළටම රිංගන බව ජනපතිවරයාට පැහැදිලිය.ඔහු ඉක්මන් නොවන්නේ ඒ නිසාය.එහෙත් රාජපක්ෂවරුද ලේසියෙන් බලය අත් හරින්නන් නොවේ.ජනපතිවරයා තමන්ට එරෙහිව කටයුතු කළ හොත් කම් ඕ ගෝ චිකාගෝ දේශපාලනයකට වුවද රාජපක්ෂවරු සූදානම්  විය හැකි බව අප සිතා ගත යුතුය.එය එසේ වුවහොත් අගමැතිකම නැවත මහින්ද රාජපක්ෂ වෙත උදුරාගනු ඇත.

විපක්ෂය ඉදිරියටත් විරෝධතා රැළි රැස්වීම් තබමින් රට පුරා යනු ඇත.පාක්ෂිකයන් තමන් වෙත රඳවා ගැනීම පිණිස ඒ ක්‍රියාවලිය විපක්ෂ විසින් දිගටම පවත්වාගෙන යන බව පෙනෙන්නට තිබේ.එහෙත් ජනපතිවරයා ඒවා ගැන තඹ දොයිතුවකට මායිම් කරන බවක් පෙනෙන්නටද නැත.ඔහු දේශපාලන තුරුම්බු එකින් එක විසි කරමින් ජනතා විශ්වාසය දිනා ගැනීමට බරපතල ප්‍රයත්නයක නිරත වෙමින් සිටී.එහෙත් අවාසනාවකට ජනපතිවරයා මුළු රටම කිරියෙන් පැනියෙන් නෑව්වද ඔහු පිළිබඳව මේ රටේ බහුතරයකගේ මතය වී ඇත්තේ රට පාවා දෙන්නකු විදියටය.

රට තුළ සිද්ධ වෙමින් පවතින දේශපාලන විපර්යාසයන් ගැන නිශ්චිත අනාවැකි කියන්නට නොහැකි වුවද ආණ්ඩුව ඇතු⁣ලේම මේ වන විට සීතල ගැටුමක් මතු වෙමින් පවතින බව නම් කිව හැකිය.එය කොහෙන් කෙළ⁣වරවේද යන්න කල් තියා කියන්නට නොහැකිය.






Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්