ඇමති චාමර සම්පත් උම්බෑ කියයි - හතර අතේ අනියි

 


 

පින් වස්සා කියන්නේ ගාලෙන් අත් හැර දමා තියෙන ගවයෙකි.ඒ අත් හැර දැමීම සිද්ධ කරන්නේ ගාල හිමියා හෝ පවුලේ අයෙකුගේ ග්‍රහ අපලයට වෙන්න පුළුවන.එහෙමත් නැතිනම් වෙනත් කාරණයක් නිසාද වෙන්නට හැකිය.

පින් වස්සා තැනින් තැන ඇවිද කා ජීවත්වේ.මේ පින් වස්සන් බොහෝ තරය.හැඩිදැඩිය.මහතය.

මේ පින් වස්සන් ගැලක බැඳ වැඩ හුරු වූවන් නොවේ.එහෙම පින් වස්සකු ගේ නහය විද  කරත්තයක බැඳ වැඩට ගත්තත් එය එතරම් නුවනට හුරු නැත.ඒ මන්ද යත් පින් වස්සා කරන කියන හැසිරෙන හැටි ගැන වගකීමක් ගන්න බැරි නිසාය.

එවැනි පින් වස්සෙකුගේ හැඩය හා කෙරුවාව සිහිපත් කරන සිද්ධියක් ඊයේ වාහිනී ප්‍රවෘත්ති වල අසන්නට හා දකින්නට ලැබුණි.ඒ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් පිළිබඳවය.තඩි ශරීරයක් තිබුණාට මේ පින් වස්සාට මොළය කළඳක් නැති බව එම ප්‍රවෘත්ති වලින් මුළු රටටම තහවුරු කෙරිණි.සිද්ධිය මෙහෙමය. මොළය කළඳක් නැති වුන්ට ඇමතිකම් දුන්නාම පින් වස්සන් කරත්තයක බැන්දාම සිද්ධ වෙන විගඩම් වෙන එක ගැනත් පුදුම වන්නට දෙයක් නැත.  

චාමර සම්පත් ඇමතියා තමන් වංචා දූෂණ නැති නෙළුම් මලෙන් උපන් කුමාරයෙක් බව රටට පෙන්නන්ට හැදුවා විය හැකියැයි සිතන්නට පුළුවන.හැබැයි තමන් නියෝජනය කරන අමාත්‍ය මණ්ඩලයේ 
ඉන්නා පට්ටා හොරුන් ගැන මේ ගෝතයාට අදහසක් තිබුණා නම්  මෙි වගේ ගොන් ජෝක් කරන්නේද නැත.ඒත් එහෙම අදහසක් මේකා ගාව නැත කියා සිතන්නටද අපට බැරිය.මොකද  මේ වස්සාට ඇහැ කණ තියෙන හන්දාය.එහෙත් ඇහැ කණ තිබුණාට යමක් තේරුම් ගන්නට මොළය කළඳක් වත් තියෙන්නට ඕනෑ නේද යැයි කවරකු හෝ ප්‍රශ්ණ කරන්නට බැරි කමක් නැත.ඒ ප්‍රශ්ණයට උත්තරය මේ වස්සා ගේ කියුම් කෙරුම් වලින් සොයා ගත හැකිය.
 
මේ නාටකය  දැක්කාම අපට මතක් වුනේ හිටපු ඇමති මර්වින් සිල්වා සමෘද්ධි නිළධාරියකු ගස් බැන්ද සිඳුවීමය.මර්වින් සිල්වා ඒ දවස්වල රඟමින් හිටියේ මැර සීන් එකකි.ඒ හන්දාම රටේ මිනිස්සු මර්වින් සිල්වාගේ න⁣මට "මැරවින්" සිල්වා යනුවෙන්ද හඳුන්වා දුන් බව අපට මතකය.
මර්වින් සිල්වා ඇත්තටම චණ්ඩියෙක් නොවේ.බෙලිඅත්තේ තේ කඩ කාරයෙක් ගේ පුතකු වූ මර්වින් පසු කාලයකදී මහින්ද රාජපක්ෂගේ සමීපතමයකු වේ.මහින්ද රාජපක්ෂ ඔහු⁣ට සතොස කම්කරු රස්සාවක්ද ලබා දෙයි.පසුව මහින්ද රාජපක්ෂ හා අනුර බණ්ඩාරනායකට ගෑනු සපයන්⁣නා වූයේ මේ පිම්පියාය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමෙන් පසුව මර්වින් සිල්වා තමන් සමීපයේ තියාගන්නේ ගම් දනව් නගර වල අයිආර්සී කාරයන්ය.මෙම අයිආර්සී කාරයන් අතර ප්‍රසිද්ධම චරිතය වූයේ අම්බලන්ගොඩ රජේය.රජේ අම්බලන්ගොඩ ඌරවත්ත සිරිපාල මුදලාලිගේ පුතාය.සිරිපාල මුදලාලි  යනු ඒ දවස්වල යූඇන්පී එකේ මදාවි වැඩ බාරදුන් එක මැරයෙකි.ලලිත් ඇතුලත්මුදලිට වෙඩි තැබීමට සැක කළ වැල්ලම්පිටියේ සුදුු මහත්තයා පොලීසිය සොයද්දී සැඟවී සි⁣ටියේ මේ සිරිපාල මුදලාලි ගේ ගෙදරය.මර්වින් සිල්වා⁣ට රට වටේ සිටින අයිආර්සී මැර චරිත හඳුන්වාදුන්නේ ඒ සිරිපාල ගේ පුතා රජේය.එහෙම නැතිනම් රජිත සිල්වාය.මර්වින් ෆෝම් වුනේ එහෙමය.
ඒ ෆෝම් වීම නැවතුනේ රූපවාහිනියෙන් ගූ හුජ්ජ නාගෙනය.දැන් බලය නැතුව චාටර් වී සිටින මර්වින් සිල්වා කයිවාරු මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවද ⁣අද සමාජයේ කොල්ලන්ට කෙල්ලන්ට ඒකා අමු ජෝක් කාරයෙක් පමණය.

චාමර සම්පත් ඊයේ පෙන්වන්නට හැදුවේ මර්වින් සිල්වා පා⁣ර්ට් ටු වෙන්න පුළුවන.හැබැයි අපි දැක්කේ ගූ හතයි එක මලයි වැඩකි.ගූ හත පොස්පේට් ආයතනයේ හොරකම් දූෂණ වෙනවා කියා එහි සැපයුම් නිළධාරියාට සේවකයන් ලවා පහරදීමට සැලැස්වීමය.එක මල පොස්පේට් ආයතනය තුළ හොරකම් දුෂණ සිද්ධ වෙන බව පිළිගැනීමය.රාජ්‍ය ආයතනයක හොරකම් දූෂණය වෙනවා නම් ඒවාට සම්බන්ධ නිළධාරීන්ට එරෙහිව ක්‍රියා කළ යුතු ආකාරය මෙරට නීති පද්ධතිය තුළ සඳහන්ව තිබේ.එසේ නැතුව හොරකම් දූෂණ සිද්ධ කරා යැයි කිසිම රාජ්‍ය නිළධාරියෙකුගේ පෞද්ගලිකත්වය අතික්‍රමණය කරමින් එම නිළධාරියා බියට හා අපහසුතාවට පත් කරවීම⁣ට කිසිම ඇමතියෙකුට බලයක් නැත. 
  
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් එප්පාවල පොස්පේට් ආයතනයේ සංචාරයක නිරත වන්නේ එම ආයතනයේ සේවය කරන නිළධාරීන් හතරදෙනෙකු ඉලක්ක කර ගනිමින් බව ඔහු එහිදී පවසන කරන කියන දෑ වලින් තහවුරු වෙි.

චාමර සම්පත්  ඇමතියා පොස්පේට් ආයතනයේ ගේට්ටුව ළඟ බැස්ස හැටියේම සිකියුරටි කාරයන්ගේ පෙරෙට්ටුවක්ද පැවැත්වේ.ඒවා නම් පුකෙන් හිනා යන සීන්ස්ය.ඒත් ⁣ඒ සීන්ස් ගැන මෙහෙම හිතන්නට පුළුවන.ඔය චාමර සම්පත් උඩර⁣ට මැණිකේ කෝච්චියේ වඩේ වික්ක මෑන්ය.මෑන්ස් වඩේ විකුනන්න කෝච්චියේ එහෙ මෙහෙ යන දවස්වල දියතලාවේ ආමි පෙරෙට්ටු දකින්නට ඇත.ආමි එකටවත් බැඳෙන්නට බැරි තරමේ අධ්‍යාපන සුදුසුකම් නැති මෑන්ස්ට දැන් ආමි පෙරෙඩ් එකක් හිතේ මවා ගෙන ආතල් එකක් ගන්න තියෙන චාන්ස් එක මග හැර යන්නට බැරි තරමේ බව සිතා අපි සිත හදා ගත යුතුය.

චාමර සම්පත් ඇමතියා පොස්පේට් ආයතනට එන්නේ ඒ ප්‍රදේශයේ එස්එස්පී, ඒඇස්පී ,ඕඅයිසීත් එක්කමය.
ඒ පැමිණ එහි සැපයුම් නිළධාරියාට තග දාන ගමන් චාමර සම්පත් පොලීසියට උපදෙස් දෙන්නේ මුන්ගේ පැමිණිල්ලක්වත් බාර ගන්න එපාය කියාය. මූ හිතාගෙන ඉන්නේ ඇමති ලයිසොම ලැබුණාම ඌට නඩු අහන්නත් තීන්දු දෙන්නත් පුළුවන් කියාය.

මෙවැනි ගොබ්බයන් පාර්ලිමේන්තුවට යවන්නේ අපිය.ඉතින් වරද ඇත්තේ කා අත දැයි මතක් වෙන විට අපි අපටම මඩු වල්ගෙන් තලා ගත යුතු යැයි සිතෙන්නේ නැති නම් පුදුමය.





Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්