මිනිස් ඇට සැකිල්ලක් ඕනෑ කර තිබේ-ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු අමතන්න
රාජපක්ෂ පවුල මෙරට සමාජයට මුදා හරින ලද වෛරස් බොහෝය.ඒ සොරකම පාදඩකම, බලුකම වනචරකම ආදියයි.ඒ අතරේ ආගමික හා ජාතිවාදී උන්මාදයද වේ.
එහෙත් රාජපක්ෂවරුන් ආගම ලෙස විශ්වාසය තැබුවේ මිථ්‍ය දෘශ්ඨික කට්ටඩි ගුරුකම් පිළිබඳවය.නැකැත් සාස්තරය ගැනය.රාජපක්ෂ වරුන්ගේ මේ ඇබ්බැහිය ඇමති මන්ත්‍රීවරුන්ටද, රජයේ උසස් නිළධාරීන්ටද බෝ විය.මේ බොහෝ දෙනාගේ සිතීම වූයේ රාජපක්ෂ වරුන්ට මෙතරම් බලයක් හිමි වූයේ කට්ටඩි ගුරුකම් නිසා බවය.ඥානා වැනි මානසික ආබාධිත ගැහැණුන්ද ජානගත මානසික ආබාධ වලින් පෙලෙන්නන්ද රාජකීය සමාජයට අනාවැකි හා කට්ටඬි ගුරුකම් කරන්නන් ලෙස ප්‍රසිද්ධියට පත් විය.කොවිඩ් සමයේ වඩු බාස් වරයකු ගේ කාලි පැණිය නිශ්පාදනයට රජයේ මුදල් පවා මුදා හැරුනේ මෙවැනි පසුබිමකය.මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කමට කෙලවා ගත්තේද කට්ටඬියෙකු යැයි කියා ගත් පරම්පරාගත මානසික ආබාධිතයකු ගේ කට්ටඩි ගුරුකම් ගැන විශ්වාස කරන්නට යාම නිසාය.මේ මානසික ආබාධිතයා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට පංගාර්තු කෙරුවේ සිරිසේන මන්ත්‍රීවරයාගේ දෝනියැන්දාය.ඒ දෝනියැන්දා මේ පිස්සා හඳුනා ගන්නේ දොස්තර රාජිත සේනාරත්නගේ නෝනා ගෙන්ය.අම්බලන්ගොඩ පැත්තේ කෙනෙකු වූ මේ පිස්සා ගේ පරම්පරාවේ බොහෝ දෙනෙකු මානසික ආබාධිතයන්ය.කෙසේ හෝ ශවේන්ද්‍ර සිල්වාට මේ කට්ටඩි පිස්සා දුන් දිරච්ච ලණුව දිරවා ගන්නට බැරි තරමේ විය. පිස්සා ශවේන්ද්‍ර ඇන්දුවේ ඔහුට මෙරට අගමැති වීමට වාසනාව තිිබෙන බව පවසමිනි.ඒ අවස්ථාව ලබා ගැනීම සඳහා ශවේන්ද්‍ර සිල්වාත් කට්ටඩි පිස්සාත් සීනිගම දේවාලයේත් කතරගම දේවාලයේත් බාර හාර කරන්නට පටන් ගත්හ.මේ සියල්ල රාජපක්ෂ පවුලට දැන ගැන්මට ලැබුණේ ජාතික රහස් ඔත්තු සේවය මගිනි.ශවේන්ද්‍ර සිල්වා කට්ටඩි ගුරුකම් කරන්නේ මහින්ද රාජපක්ෂට කෙලවීමට බව රාජපක්ෂ පවුලේ අදහස විය.ඔවුන් ඒ පිළිබඳව තැති ගත්හ.අවසානයේදී ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කමෙන් ඉවත් කිරීමට රාජපක්ෂ වරුන් තීරණය කරන ලදී.එහෙත් ශවේන්ද්‍ර සිල්වා තවදුරටත් සිය ගුරුකම් කරන මානසික ආබාධිතයා ගැන විශ්වාසය තබා සිටි බව පැහැදිලිය.එය තහවුරු වන්නේ අරගලය අවස්ථාවේ පවා ශවේන්ද්‍ර සිල්වා මානසික ආබාධිත කට්ටඩියා හා එක්ව ගුරුකම් කරමින් සිටියේ අගමැති කම ලැබේ යැයි විශ්වාසයෙනි.මේ තිරයෙන් පිටුපස සිද්ධ වූ සත්‍යය තොරතුරුය.හමුදාපති ගුරුකම් කර ගන්නා විට ඔහුගේ පහල මේජර් ජනරාල්වරුන්ද මේ කට්ටඬි ගුරුකම් වලට ඇබ්බැහි වූහ.විශේෂයෙන් ඔවුන් ඒ ගුරුකම් කර ගත්තේ තමන්ගේ ඊළඟ තනතුර ලබා ගැනීම සඳහාය.එසේත් නැතහොත් හමුදාපති ගේ විශ්වාසය දිනා ගැනීමටය.මේජර් ජනරාල්වරුන්ගේ හා බ්‍රිගේඩියර් වරුන්ගේ බිරින්දෑ වරුන්ද ගුරුකම් වලින් ජීවිතය ගොඩ දාගන්නට නැඹුරු වූහ. සැබැවින්ම පදක්කම් පපුවේ එල්ලාගෙන සිටියද මෙම ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් දෙවියන් භූතයන් හා යක්ෂයන් කෙරෙහි විශ්වාසය තැබූ මෝඩ තකතිරුවන් විය.මෙවැනි කට්ටඩි ගුරුකම් පිළිබඳව ඉහල සමාජය තුළ විශ්වාසයක් ඇති කෙරුවේ රාජපක්ෂ වරුන්ය.ඔවුන් විසින් මුදා හරින ලද මේ මෝඩ විශ්වාසයන් තවමත් වියකී නැති බව කිව යුතුමය.අපට වාර්තා වූ අළුත්ම ප්‍රවෘත්තිය ඒ බව තහවුරු කරයි.එම ප්‍රවෘත්තිය අපට නම් බඩ කොරවන තරමේ විහිළුවකි.එහෙත් කට්ටඬි ගුරුකම් විශ්වාස කරන සමාජයට නමි ලොමු දැහැගැන්වෙන වැඩක් වන බව නිසැකය.ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් තවමත් ඉන්නේ පොලිස්පති තනතුරට කෙල හලමිනි.ඔහුට වැළඳුන ඒ වෙන්ට පොලිස්පති මාන්දම ලේසියෙන් සනීප වෙන්නේ නැති බවත් ස්ථිරය.ඔහුට පොලිස්පතිකම දෙන්නට ජනපතිවරයාගේ කැමැත්තක් හෝ ප්‍රසාදයක් නැත.දැන් දේශබන්දු තෙන්නකෝන් ඉන්නේ හොඳින් හෝ නරකින් පොලිස්පති කම ගන්නටය.පසුගිය දවස්වල දේශබන්දු කතරගම දේවාලයේ බාර හාර වූ නමුත් සීඩී වික්‍රමරත්නගේ සේවය මාස තුනකට දීර්ඝ කරන ලදී.මේ වන විට දේශබන්දු මලයාලම් ගුරුකම් කරන්නකු ගේ සේවය ලබා ගනිමින් සිටින බව වාර්තා වේ.ඒ ජනපතිවරයා වශී කර ගැනීම සඳහා ගුරුකමක් කර ගැනීමටය.ඒ සඳහා මෙම කට්ටඩියා එම ගුරුකම සඳහා සම්පූර්ණ මිනිස් ඇට සැකිල්ලක් ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.දේශබන්දු තම හිතවත් පොලිස් නිළධාරියෙකුට ඒ අවශ්‍යතාව ඉටු කරන ලෙස දන්වා ඇත. දැන් මුළු පොලිස් දෙපාර්තමේන්තුවම එම ඇට සැකිල්ලේ ගුරුකම් කතාව දනී.අප දැන් බලා සිටින්නේ දේශබන්දු ගේ මිනිස් ඇට සැකිලි ගුරුකමට ජනපතිවරයා වශී වේද යන්න ගැනය.
Comments
Post a Comment