පොදුජන පෙරමුණේ මන්ත්‍රී හා ඇමති අතර එකම වේදිකාවේදී මතවාදී ගැටුමක් ඇතිවෙි

 



අද දින (30) මාතරදී පැවැත්වූ පොදුජන පෙරමුණු රැස්වීමේදී ආණ්ඩුව හා පොදුජන පෙරමුණ අතර පවතින සීතල ආරවුල පිළිබඳව අනාවරණය වන සිදුවීමක් වාර්තා විය.මෙම රැස්වීම ඇමතූ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කරන ලද්දේ  මීළඟට මෙරට බලය පිහිටුවන්නේ එක්සත් ජාතික පක්ෂය හා පොදු පෙරමුණ එක්ව බවය.

එහිදී එම වෙිදිකාවේදීම මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක විසින් අමාත්‍ය කාංචන විජේසේකර ගේ ප්‍රකාශයට එරෙහිව අදහස් දක්වන ලදී.

ඔහු එහිදී මෙසේ පැවසුවේය

ඉදිරියේදී රටේ ජනාධිපති කවරෙක්ද ඒ කවර පක්ෂයකින්ද යන්න  අපි ඉදිරියෙදි බලාගමු.ඉදිරියේදී අප⁣ට මේ ආණ්ඩුවෙන් තනතුරු ඕන නෑ.අපි ඒක ආයෙත්  මැතිවරණයකින් දිනල පොහොට්ටුව බලය අරගෙන පෙන්වන්නම්.මෙරටේ තෙල් බෙදා හරින්න චීන සයිනො⁣ෆෙන් ආයතනය වෙන්න පුළුවන්.පෞද්ගලික  ආයතන තුනකින් තෙල් ගෙන්වන්න කැබිනට් පත්‍රිකාව දැම්මෙ ගෝඨාභ⁣ය ජනාධිපති තුමා.ඒත් අපි කවදාවත් බලාපොරොත්තු  වුනේ රාජ්‍ය ආයතනයක් විදියට තියෙන ⁣සිෆෙට්කෝ ආයතනය පෞද්ගලීකරණය කරන්න.පෞද්ගලික ආයතන දෙක තුනකට ⁣ලංකා⁣වෙ තෙල් බෙදන්න දීල කවද හරි දවසක ඒ තෙල් සමාගම් වලට හිතුනොත් මේ ආණ්ඩුව හොඳ නෑ ඒ හන්ද අපි තෙල් බෙදන්නෙ නෑ කියල එදාට ආණ්ඩුවට ගෙදර යන්න සිද්ධ වෙනවා.මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති වලට එහා ගිහිල්ල යම් වෙනසක් සිද්ධ වෙනව නම් ඒක කාලෝචිතව ප්‍රතිපත්තිමය වෙනසක් විය යුතුයි.එහෙම නැතුව හැට නව ලක්ෂයෙ බලාපොරොත්තු විනාශ කරන්න අපි සූදානම් නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සොයුරියගේ පුත්‍රයාය.මෙම රැස්වීමෙිදී ඔහු අමාත්‍ය කාංචන විජේසේකර දරන මතයට එරෙහිව අදහස් දැක්වීම තුළින් ජනපතිවරයා නියෝජනය කරන පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරුන් ගැන රාජපක්ෂ පවුල දරණ අදහස  අනාවරණය කර ගත හැකිය.මේ පිළිබදව අපට කියන්නට ඇත්තේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමයට බලන්නට පුළුවන් වෙන බවය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්